ඔස්ට්‍රේලියානු වීසා සැකසුම් පද්ධතිය ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් පුද්ගලිකකරණය කිරීමට සූදානමක් ඇති බව පසුගියදා වාර්තා විය.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
SBS Radio APP එකෙන් (Free download)
නමුත් සංක්‍රමණික සහ ආගමන ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ එම ක්‍රියාව පිළිබඳ සෙනට් විමර්ශන කමිටුවට අනතුරු පසුගිය සතියේදී අනතුරු ඇඟවූහ.

Source: Department of Home Affairs
ඔස්ට්‍රේලියානු වීසා සැකසුම් පද්ධතිය පුද්ගලිකකරණයට
ඔස්ට්‍රේලියානු වීසා සැකසීමේ ක්‍රියාවලිය මධ්‍යම රජයෙන් පිටත ආයතනයකට ලබා දීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ සැලැස්මක් ඇති බවට පසුගිය වසරේ අග භාගයේදී ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළේය.
ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව සැලසුම් කරන පරිදි ඔස්ට්‍රේලියානු වීසා සැකසීමේ ක්‍රියාවලිය රජයෙන් පිටත ආයතනයකට ලබාදීමෙන් ඉහළ ස්වයංක්‍රීය භාවයක් ලබාගනිමින් කාර්යක්ෂම සේවාවක් අත් කරහැකි බවට විශ්වාස කරන බව එම පුවත් හරහා වාර්තා විය.
වසර 2028 වන විට වසරකට සලකා බැලීම සඳහා ලැබෙන ඔස්ට්‍රේලියානු වීසා අයදුම්පත් ප්‍රමාණය මිලියන 13 ක් වන බවට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව ඇස්තමේන්තු ගත කර තිබේ.
එනිසා එවැනි දැවැන්ත අයදුම්පත් සංඛ්‍යාවක් සලකා බැලීමට ඔස්ට්‍රේලියානු වීසා සැකසුම් පද්ධතිය පුද්ගලිකකරණය කරනවා හැර වෙන විකල්පයක් නොමැති බව මධ්‍යම රජය පවසයි.
ඔස්ට්‍රේලියානු වීසා සැකසීමේ ක්‍රියාවලිය සඳහා "Global Digital Platform"නමැති පද්ධතියක් නිර්මාණය කිරීමට මධ්‍යම රජය ඩොලර් මිලියන 80 ක මුදලක් වියදම් කිරීමටද සැලසුම් කර සිටින බව වාර්තා වේ.
නමුත් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මේ පුවත් ප්‍රතික්ෂේප කරන බවද සඳහන්.
ඔස්ට්‍රේලියානු වීසා සැකසුම් පද්ධතිය පුද්ගලිකකරණය කිරීමක් නොව මෙහිදී සිදුවන්නේ එය outsource කරන බව පමණක් බව මධ්‍යම රජය පැවසීය.
නමුත් outsource කරනවා යනු පුද්ගලිකකරණයට ලක් කිරීමක් නොවන්නේ ද යන්න කම්කරු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී Andrew Giles පසුගිය මාසයේ ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවේදී රජයෙන් ප්‍රශ්න කළේය.
ඩොලර් බිලියනක ඔස්ට්‍රේලියානු වීසා සැකසීමේ ක්‍රියාවලිය, ඉහළම ලංසුවට ලබාදෙන බවට විවෘත ටෙන්ඩර් කැඳවීමක් කර ඇති බවට ද ඔහු පැවසුවේය.

Source: SBS
ඔස්ට්‍රේලියානු වීසා සැකසුම් පද්ධතිය පුද්ගලිකකරණය කිරීමේ අවදානම
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසන පරිදි ඔස්ට්‍රේලියානු වීසා සැකසුම් පද්ධතිය outsource කළහොත් සමස්ත වීසා පද්ධතියම මහත්වූ අවදානමකට ලක්වන බව ඔස්ට්‍රේලියානු ආගමන කටයුතු දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය ලේකම් Abul Rizvi පැවසීය.
ඔස්ට්‍රේලියානු වීසා සැකසුම් පද්ධතිය පුද්ගලිකකරණය කිරීම සම්බන්ධව සෙනට් විමර්ශන කමිටුවක් පත් කෙරුණු අතර එම කමිටුව හමුවේ Abul Rizvi කරුණු ඉදිරිපත් කරමින් එසේ පවසා තිබේ.
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මෙම තීන්දුව ගතහොත් සමස්ත පද්ධතියේම ඇති පාලනය අහිමි වන බවද ඔහු එහිදී පෙන්වා දුන්නේය.
ඔස්ට්‍රේලියානු වීසා සැකසුම් පද්ධතිය පුද්ගලිකකරණය කළහොත් ඔස්ට්‍රේලියානු වීසා අයදුම්පත් සලකා බැලීමට යම් පුද්ගලයෙකු වැඩිපුර මුදලක් ලබදෙනවානම් එම අයදුම්පත් ඉතා ඉකමණින් සලකා බැලීමට ඔවුන් කටයුතු කරනු ඇතැයිද ඔස්ට්‍රේලියානු ආගමන කටයුතු දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය ලේකම් Abul Rizvi පැවසීය.
එනිසාම දැවැන්ත මුදල් ප්‍රමාණයක් සැරිසරන මෙම පද්ධතිය හරහා යම් අක්‍රමිකතාවන් සහ විශ්වාසය කඩවීම් සිදුවිය හැකි බවටද අනුමාන කරයි.

Former deputy secretary of the immigration department - Abul Rizvi Source: SBS
වත්මන් පද්ධතිය
වත්මන් ඔස්ට්‍රේලියානු වීසා සැකසුම් පද්ධතිය සතුව විවිධ පරිගණක පද්ධති 50 කට අධික සංඛ්‍යාවක් අන්තර්ගත වන බව වාර්තා වේ.
එයින් පද්ධති ද්විත්වයක් වසර 25 කටත් වඩා පැරණි බවද වාර්තා වේ.
මේ වන විට වීසා ඔස්ට්‍රේලියානු වීසා බලපත්‍රයක් පිරිනැමීම සඳහා සාමාන්‍යයෙන් පියවර කිහිපයක ක්‍රියාවලියක් ඇති නමුත් මෙම නව සැලසුම යටතේ එය මිනිස් දෑතින් ගිලිහී යන සෙයක් පෙනෙන්නට ඇති බව සඳහන්.
උදාහරණයක් ලෙස ඔස්ට්‍රේලියානු ශිෂ්‍ය වීසා බලපත්‍රයක් පිරිනැමීම සඳහා පියවර 28 ක ක්‍රියාවලියක් ඇත.
නමුත් අනාගත ඔස්ට්‍රේලියානු වීසා සැකසුම් පද්ධතිය මුළුමනින්ම පරිගණකකරණයට ලක් නොකරන බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ වීසා සහ පුරවැසිභාවය පිළිබඳ සේවාවන් හි වත්මන් නියෝජ්‍ය ලේකම් Malisa Golightly පැවසුවාය.

Deputy Secretary of the Department of Home Affairs Malisa Golightly Source: AAP
වීසා ප්‍රතික්ෂේප කිරීම් හෝ හිමිකම් තීරණය කිරීම ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ බලධාරීන් විසින් සිදු කරන බව ඇය පෙන්වා දුන්නාය.
වත්මන් ඔස්ට්‍රේලියානු වීසා සැකසුම් පද්ධතිය පුද්ගලිකකරණය කිරීමෙන් දෙපාර්තමේන්තුවේ කිසිදු සේවකයෙකුගේ රැකියාව අහිමිවීමක් සිදු නොවන බවද ඇය පැවසුවාය.

Source: SBS Sinhala