ඔස්ට්‍රේලියානු වීසා සැකසුම් පද්ධතිය පුද්ගලිකකරණය කිරීමේ අවදානම පිළිබඳ සෙනට් විමර්ශන කමිටුවට අනතුරු ඇඟවීම් (SBS සිංහල/ වාර්තා)

Australian visa processing system

Source: SBS

ඔස්ට්‍රේලියානු වීසා සැකසුම් පද්ධතිය ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් පුද්ගලිකකරණය කිරීමට සූදානමක් ඇති බව පසුගියදා වාර්තා විය.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

නමුත් සංක්‍රමණික සහ ආගමන ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ එම ක්‍රියාව පිළිබඳ සෙනට් විමර්ශන කමිටුවට අනතුරු පසුගිය සතියේදී අනතුරු ඇඟවූහ.

Australian visa processing system
Source: Department of Home Affairs

ඔස්ට්‍රේලියානු වීසා සැකසුම් පද්ධතිය පුද්ගලිකකරණයට

ඔස්ට්‍රේලියානු වීසා සැකසීමේ ක්‍රියාවලිය මධ්‍යම රජයෙන් පිටත ආයතනයකට ලබා දීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ සැලැස්මක් ඇති බවට පසුගිය වසරේ අග භාගයේදී ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළේය.

ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව සැලසුම් කරන පරිදි  ඔස්ට්‍රේලියානු වීසා සැකසීමේ ක්‍රියාවලිය රජයෙන් පිටත ආයතනයකට ලබාදීමෙන් ඉහළ ස්වයංක්‍රීය භාවයක් ලබාගනිමින් කාර්යක්ෂම සේවාවක් අත් කරහැකි බවට විශ්වාස කරන බව එම පුවත් හරහා වාර්තා විය.

වසර 2028 වන විට වසරකට සලකා බැලීම සඳහා ලැබෙන ඔස්ට්‍රේලියානු වීසා අයදුම්පත් ප්‍රමාණය මිලියන 13 ක් වන බවට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව ඇස්තමේන්තු ගත කර තිබේ.

එනිසා එවැනි දැවැන්ත අයදුම්පත් සංඛ්‍යාවක් සලකා බැලීමට ඔස්ට්‍රේලියානු වීසා සැකසුම් පද්ධතිය පුද්ගලිකකරණය කරනවා හැර වෙන විකල්පයක් නොමැති බව මධ්‍යම රජය පවසයි.

ඔස්ට්‍රේලියානු වීසා සැකසීමේ ක්‍රියාවලිය සඳහා "Global Digital Platform"නමැති පද්ධතියක් නිර්මාණය කිරීමට මධ්‍යම රජය ඩොලර් මිලියන 80 ක මුදලක් වියදම් කිරීමටද සැලසුම් කර සිටින බව වාර්තා වේ.

නමුත් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මේ පුවත් ප්‍රතික්ෂේප කරන බවද සඳහන්.

ඔස්ට්‍රේලියානු වීසා සැකසුම් පද්ධතිය පුද්ගලිකකරණය කිරීමක් නොව මෙහිදී සිදුවන්නේ එය outsource කරන බව පමණක් බව මධ්‍යම රජය පැවසීය.

නමුත් outsource කරනවා යනු පුද්ගලිකකරණයට ලක් කිරීමක් නොවන්නේ ද යන්න කම්කරු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී Andrew Giles පසුගිය මාසයේ ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවේදී රජයෙන් ප්‍රශ්න කළේය.

ඩොලර් බිලියනක ඔස්ට්‍රේලියානු වීසා සැකසීමේ ක්‍රියාවලිය, ඉහළම ලංසුවට ලබාදෙන බවට විවෘත ටෙන්ඩර් කැඳවීමක් කර ඇති බවට ද ඔහු පැවසුවේය.

Australian visa processing system
Source: SBS

ඔස්ට්‍රේලියානු වීසා සැකසුම් පද්ධතිය පුද්ගලිකකරණය කිරීමේ අවදානම

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසන පරිදි ඔස්ට්‍රේලියානු වීසා සැකසුම් පද්ධතිය outsource කළහොත් සමස්ත වීසා පද්ධතියම මහත්වූ අවදානමකට ලක්වන බව ඔස්ට්‍රේලියානු ආගමන කටයුතු දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය ලේකම් Abul Rizvi පැවසීය.

ඔස්ට්‍රේලියානු වීසා සැකසුම් පද්ධතිය පුද්ගලිකකරණය කිරීම සම්බන්ධව සෙනට් විමර්ශන කමිටුවක් පත් කෙරුණු අතර එම කමිටුව හමුවේ Abul Rizvi කරුණු ඉදිරිපත් කරමින් එසේ පවසා තිබේ.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මෙම තීන්දුව ගතහොත් සමස්ත පද්ධතියේම ඇති පාලනය අහිමි වන බවද ඔහු එහිදී පෙන්වා දුන්නේය.

ඔස්ට්‍රේලියානු වීසා සැකසුම් පද්ධතිය පුද්ගලිකකරණය කළහොත් ඔස්ට්‍රේලියානු වීසා අයදුම්පත් සලකා බැලීමට යම් පුද්ගලයෙකු වැඩිපුර මුදලක් ලබදෙනවානම් එම අයදුම්පත් ඉතා ඉකමණින් සලකා බැලීමට ඔවුන් කටයුතු කරනු ඇතැයිද ඔස්ට්‍රේලියානු ආගමන කටයුතු දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය ලේකම් Abul Rizvi පැවසීය.

එනිසාම දැවැන්ත මුදල් ප්‍රමාණයක් සැරිසරන මෙම පද්ධතිය හරහා යම් අක්‍රමිකතාවන් සහ විශ්වාසය කඩවීම් සිදුවිය හැකි බවටද අනුමාන කරයි.

Australian visa processing system
Former deputy secretary of the immigration department - Abul Rizvi Source: SBS

වත්මන් පද්ධතිය

වත්මන් ඔස්ට්‍රේලියානු වීසා සැකසුම් පද්ධතිය සතුව විවිධ පරිගණක පද්ධති 50 කට අධික සංඛ්‍යාවක් අන්තර්ගත වන බව වාර්තා වේ.

එයින් පද්ධති ද්විත්වයක් වසර 25 කටත් වඩා පැරණි බවද වාර්තා වේ.

මේ වන විට වීසා ඔස්ට්‍රේලියානු වීසා බලපත්‍රයක් පිරිනැමීම සඳහා සාමාන්‍යයෙන් පියවර කිහිපයක ක්‍රියාවලියක් ඇති නමුත් මෙම නව සැලසුම යටතේ එය මිනිස් දෑතින් ගිලිහී යන සෙයක් පෙනෙන්නට ඇති බව සඳහන්.

උදාහරණයක් ලෙස ඔස්ට්‍රේලියානු ශිෂ්‍ය වීසා බලපත්‍රයක් පිරිනැමීම සඳහා පියවර 28 ක ක්‍රියාවලියක් ඇත.

Australian visa processing system
Deputy Secretary of the Department of Home Affairs Malisa Golightly Source: AAP

නමුත් අනාගත ඔස්ට්‍රේලියානු වීසා සැකසුම් පද්ධතිය මුළුමනින්ම පරිගණකකරණයට ලක් නොකරන බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ වීසා සහ පුරවැසිභාවය පිළිබඳ සේවාවන් හි වත්මන් නියෝජ්‍ය ලේකම් Malisa Golightly පැවසුවාය.

වීසා ප්‍රතික්ෂේප කිරීම් හෝ හිමිකම් තීරණය කිරීම ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ බලධාරීන් විසින් සිදු කරන බව ඇය පෙන්වා දුන්නාය.

වත්මන් ඔස්ට්‍රේලියානු වීසා සැකසුම් පද්ධතිය පුද්ගලිකකරණය කිරීමෙන් දෙපාර්තමේන්තුවේ කිසිදු සේවකයෙකුගේ රැකියාව අහිමිවීමක් සිදු නොවන බවද ඇය පැවසුවාය.

Australian visa processing system
Source: SBS Sinhala

3 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now