SKIP TO MAIN CONTENT

ලැව්ගිනි හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 4 ක් වාර්තා වෙයි

NSW bushfire
NSW bushfires Source: AAP

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

ලැව්ගිනි හේතුවෙන් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 4 ක් වාර්තාවෙයි. ප්‍රාන්තයේ උතුරු මැද වෙරළ තීරයේ Kempsey නගරයට වයඹ දෙසින් මිනිසෙකුගේ මළ සිරුරක් හමුවීමෙන් පසු සිව්වන පුද්ගලයෙකු ද ගින්නෙන් මියගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබේ. මෙම පුද්ගලයා කවුරුන්ද යන්න තවමත් හඳුනාගෙන නොමැති අතර ඔහු 58 වියෙහි පමණ පසුවන පුද්ගලයෙකු බවට විශ්වාස කෙරේ.

මිට පෙර ලැව්ගිනි තත්ත්ව වලට ගොදුරු වීම හේතුවෙන් ජෝන්ස් නගරයෙහි ගඟේ ගිලීම හේතුවෙන් මියගිය 63 හැවිරිදි ජුලී ෆ්ලෙචර් සහ Wytaliba ප්‍රදේශවාසීන් වන 69 හැවිරිදි විවියන් චැප්ලේන් සහ වැඩිහිටි පුදගලයෙකු වන ජෝර්ජ් නොල්ගේ මරණ වාර්තා වී තිබිණ.

මේ අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය හරහා ලැව් ගිනි ගිනි 55 කට වැඩි ප්‍රමාණයක් තවමත් අඛණ්ඩව දැවෙමින් පවතින අතර ඉන් 24 ක් පමණ තවමත් පාලනය කර නොමැති බවද වාර්තා වේ.

දැනට ප්‍රාන්තය පුරා ක්‍රියාත්මක කොට ඇති හදිසි තත්වය ලබන සතියේ මුල් භාගය වන තුරුම ක්‍රියාත්මක වන අතර ප්‍රාන්තය පුරාම ගිනි ආශ්‍රිත ක්‍රියාකාරකම් පිලිබඳ තහනම හෙවත් total fire ban තත්වය මේ වන විට අහෝසි කොට ඇත.

එසේම ග්‍රේටර් සිඩ්නි, හන්ටර් සහ ඉලවරා - ෂෝල්හෙවන් ප්‍රදේශ සඳහා ඉතා ඉහළ ගිනි අවදානම් ශ්‍රේණිගත කිරීම් ක්‍රියාත්මක තවදුරටත් ක්‍රියාත්මකයි.

බලධාරීන් අනතුරු අඟවන්නේ ඉක්මනින් වැසි නොලැබේ නම් දැනට පවතින සියලු ලැව්ගිනි පාලනය කිරීමට මාස ගණනාවක් ගතවනු ඇති බවයි.

ප්‍රාන්තයේ නිවාස 300 කට අධික ප්‍රමාණයක් විනාශ වී ඇති බව නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත ප්‍රාදේශීය ගිනි නිවීමේ සේවාව සඳහන් කොට සිටි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now