SKIP TO MAIN CONTENT

බෞද්ධ භික්ෂූන් කඩුවලින් කපා කොටා ඝාතනය කිරීමේ සැලැස්මක් තිබෙනවා : ජාතික සංඝ සම්මේලනයේ සභාපති හිමියන් ගෙන් අනාවරණයක්

Ven.Liyanwala Shasanarathana Thero
Ven.Liyanwala Shasanarathana Thero Source: SBS Sinhala

2 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

බෞද්ධ භික්ෂූන් වහන්සේ කඩුවලින් කපා කොටා ඝාතනය කිරීමේ සැලැස්මක් මේ වන විට අනාවරණය වී ඇතැයි ජාතික සංඝ සම්මේලනයේ සභාපති පූජ්‍ය ලියන්වෙල ශාසනරතන හිමියෝ පවසති.

ඒ අනුව භික්ෂුන් වහන්සේ පවතින වාතාවරණය පිළිබඳව දැඩි අවබෝධයෙන් කටයුතු කළ යුතු යැයි පසුගිය අප්‍රේල් 30 දා මල්වතු පාර්ශවයේ මහනායක හිමිපාණන් වහන්සේ බැහැ දැකීමෙන් අනතුරුව පූජ්‍ය ලියන්වල සාසනරතන හිමියන් මේ බව සඳහන් කළහ. එම අනතුරුදායක තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහා නායක හිමිපාණන් වහන්සේ විසින් ද විහාරාධිපති හිමිපාණන්වහන්සේ දැනුවත් කිරීමට පියවර ගෙන ඇතැයි උන්වහන්සේ ප්‍රකාශ කළහ.

රටේ පවතින වාතාවරණය අනුව බෞද්ධයන් ඉතාමත්ම ඉවසිල්ලෙන් කටයුතු කරන බවත් ඔවුන් කුපිත වුවහොත් ඉතාමත්ම භයානක තත්ත්වයක් නිර්මාණය විය හැකියැයි පූජ්‍ය ලියන්වල සාසනරතන හිමියන් සඳහන් කළහ.

ශ්‍රී දළඳා මාලිගාවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම, අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස සැදැහැවතුන් කපා කොටා ඝාතනය කිරීම වැනි සිදුවීම් වලදී පවා බෞද්ධයන් ඉතාමත්ම ඉවසිලිමත් ව ක්‍රියා කළ බවත් එහිදී ඔවුන් අන්‍ය ආගමිකයෙකුට කිසිදු හානියක් හෝ සිදු නොකළ බව උන්වහන්සේ කීහ.

අද වන විටත් බෞද්ධයන්ඩි දැඩි තාඩන පීඩන මධ්‍යයේ ඉතාමත්ම ඉවසීමෙන් සිටියත් එම ඉවසීම බෙහෙවින්ම සීමාසහිත විය හැකියැයි ලියන්වෙල ශාසනරතන හිමියන් වැඩිදුරටත් සඳහන් කළහ.

** SBS සිංහල සේවයේ  වාර්තාකරු නදීක බණ්ඩාර ශ්‍රී ලංකාවේ සිට සැපයූ  තොරතුරු ඇසුරිනි


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now