මෙම පර්යේෂණයේ ප්‍රධාන කතුවරයා වන මහාචාර්ය ට්‍රයි ෆාන් පැවසුවේ දරුවන්ට ප්‍රතිශක්තිය වර්ග දෙකක් ඇති බවයි.
ස්වාභාවික ප්‍රතිශක්තිය (සහජ ප්‍රතිශක්තිය/ Innate immunity)
සම සහ ශ්ලේෂ්මල වැනි මතුපිට භෞතික බාධක වලින් සමන්විත මෙම පළමු පෙල ආරක්ෂක ක්‍රමය සාමාන්‍යයෙන් ළමුන් තුළ 'ඉතා ශක්තිමත්' වන අතර එමගින් බැක්ටීරියා සහ වෛරස් විනාශ කිරීමට ඉන්ටර්ෆෙරෝන් නම් රසායනික ද්‍රව්‍ය නිපදවීම සිදු කරයි.
වෙනත් සෞඛ්‍ය ගැටළු නොමැති බොහෝ දරුවන්ට කොවිඩ් ආසාදනයේදී මෘදු රෝග ලක්ෂණ වාර්තා වීම සහ වැඩිහිටියන්ට වඩා වේගයෙන් සුවය ලැබීමට එය එක් හේතුවක් වන බව මහාචාර්ය ෆාන් පවසයි.
කෙසේ වෙතත් මෙම ස්වභාවික ප්‍රතිශක්තිය වයස් ගත වීමත් සමඟ අඩු වේ.

අනුවර්තී ප්‍රතිශක්තිය (Adaptive immunity)
දෙවන වර්ගයේ ප්‍රතිශක්තිය අනුවර්තී ප්‍රතිශක්තිය වන අතර, ප්‍රධාන වශයෙන් B සහ T වසා සෛල වලින් සමන්විත වේ. පළමු ආරක්ෂක යන්ත්‍රණය කඩ වූ විට මෙම යන්ත්‍රණය ක්‍රියාත්මක වේ.
B සෛල මගින් ප්‍රතිදේහ නිපදවන අතර T සෛල මගින් වෛරස් ආසාදිත සෛල විනාශ කරනු ලැබේ. එමගින් වෛරසය මිනිස් සිරුර තුළ ප්‍රතිවර්තනය වීම ( වෛරස පිටපත් සෑදීම) වළක්වනු ලැබේ.
ළමුන් තුළ ඇති සහජ ප්‍රතිශක්තිකරණ පද්ධතිය කෙතරම් වේගවත් හා බලවත්ද යත් එය ඉක්මනින් වෛරසය විනාශ කරන අතර එමගින් B සහ T සෛල වලට අනුවර්තී මතකය වර්ධනය කිරීමට කාලයක් ලබා නොදෙන බව මහාචාර්ය ෆාන් SBS මාධ්‍ය වෙත පැවසීය.
දරුවන් ඊළඟට COVID වලට නිරාවරණය වූ විට, ඔවුන්ගේ ශරීරයට වෛරසය මතක නැති අතර එය නව තර්ජනයක් ලෙසට සලකනු ලබයි.
දරුවන් ඊළඟට COVID වලට නිරාවරණය වූ විට, ඔවුන්ගේ ශරීරයට වෛරසය මතක නැති අතර එය නව තර්ජනයක් ලෙසට සලකනු ලබයිLead author Professor Tri Phan
එම නිසා දරුවන්ට කොවිඩ් නැවත ආසාදනය වූ විට ඔවුන් අසනීප වීමේ අවදානමක් ඇති බව මෙම පර්යේෂණයේ ප්‍රධාන කර්තෘ මහාචාර්ය ට්‍රයි ෆාන් පෙන්වා දෙයි.
මේ හේතුවෙන් දරුවන්ට කොවිඩ් එන්නත ලබා දීම කිරීම වැදගත් යැයි ඔවුන් සිතන බවත් මහාචාර්ය ෆාන් වැඩිදුරටත් කියා සිටී
නැවත ආසාදනය වීමේ අවදානම
ළමා බෝවන රෝග පිළිබඳ විශේෂඥ සහ ක්ෂුද්‍ර ජීව විද්‍යාඥයෙකු වන මහාචාර්ය බ්‍රෙන්ඩන් මැක්මුලන් පැවසුවේ නව ප්‍රභේද දරුවන්ට නැවත ආසාදනය විය හැකි බවයි.
වයස අවුරුදු පහ සහ ඊට වැඩි සෑම පුද්ගලයෙකුට මෙන්ම දරුණු රෝගවලට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති මාස හයේ සිට අවුරුදු පහට අඩු දරුවන් සඳහාද කොවිඩ් එන්නත් ලබා ගත හැකි බව මහාචාර්ය මැක්මුලන් පැවසීය.
ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ දත්ත වලට අනුව වයස අවුරුදු පහ සහ ඊට අඩු දරුවන් මිලියන භාගයක් පමණ ද ඇතුළුව, ඔස්ට්‍රේලියානු දරුවන් මිලියන 2.2 කට වැඩි ප්‍රමාණයකට, කොරෝනා වෛරසය ආසාදනය වූ බවට වාර්තා වූ අතර, කොවිඩ් වසංගතය ආරම්භ වූ දා සිට මිය ගිය දරුවන් ගණන 24 කි.
කෙසේ වෙතත්, ඔස්ට්‍රේලියානු රජය නැවත කොවිඩ් වෛරසය නැවත ආසාදනය වීමේ දත්ත සම්පාදනය නොකරයි
නමුත් නැවත ආසාදනය වීමේ අවදානම වයස, පෙර ආසාදනය, වෛරස ප්‍රභේදය, පුද්ගලයාගේ ප්‍රතිශක්තිය සහ එන්නත්කරණය වැනි සාධක කිහිපයක් මත රඳා පවතින බව මෙම පර්යේෂණ වාර්තාවේ සඳහන් වේ.
නමුත් ඇතැම් අධ්‍යයනයන් පෙන්වා තිබෙන්නේ වැඩිහිටියන්ට වඩා දරුවන්ට SARS-CoV-2 නැවත ආසාදනය වීමේ අවදානම අඩු වන බවයි.
කෙසේ වෙතත්, ප්‍රතිශක්තිය හීන වීමේ බලපෑම , සංසරණ වන විවිධ වෛරස ප්‍රභේද, සම්ප්‍රේෂණ රැල්ලේ බලපෑම ඇතුළු, විවිධ වයස් කාණ්ඩවල COVID-19 නැවත ආසාදනය කිරීම පිළිබඳ වැඩිදුර පර්යේෂණ සිදු කිරීමට අවශ්‍ය වේ.
ඇමරිකාවේ 940,000 කට වැඩි පිරිසකගේ මරණයට මූලික හේතුව ද COVID-19 වූ අතර, වයස අවුරුදු 0-19 අතර ළමුන් සහ තරුණයින් 1,300 කට අධික මරණ ද ඊට ඇතුළත් වේ.
දරුවන්ට එන්නත් කිරීමට උදාසීන වී ඇත්තේ ඇයි ?
දරුවන්ට මෘදු රෝග ලක්ෂණ ඇති වන අතර COVID-19 ආසාදනයෙන් ඔවුන් ඉක්මනින් සුවය ලබයි යන මතය දෙමාපියන් සෑහීමකට පත් කර ඇති බව මහාචාර්ය ෆාන් පවසයි.
වයස අවුරුදු පහේ සිට 15 දක්වා ළමුන්ගෙන් සියයට 51ක් පමණක් එන්නත් මාත්‍රා දෙකක් ලබාගෙන ඇති බව ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නවතම දත්ත පෙන්වා දෙයි.
අධ්‍යයනවලින් පෙන්නුම් කරන පරිදි ආසාදනය සහ එන්නත් වලින් ලැබෙන දෙමුහුන් ප්‍රතිශක්තිය මගින් කොවිඩ් ආසාදනය වීමෙන් දරුණු ලෙස රෝගාතුර වීම සහ රෝහල්ගත වීම වළක්වයි. එමගින් කොවිඩ් සඳහා වඩාත් හොඳ ආරක්ෂාවක් බැවින් දරුවන්ට මෙම කොවිඩ් එන්නත් ලබා දීම සුදුසු වන බව මහාචාර්ය ෆාන් පෙන්වා දෙයි.
ඔස්ට්‍රේලියාවේ බහු සංස්කෘතික සහ බහුභාෂා ප්‍රජාවන්ට COVID-19 සම්බන්ධ සියලුම තොරතුරු යාවත්කාලීන කර සැපයීමට SBS මාධ්‍ය ආයතනය කැපවී සිටී. SBS Coronavirus portal, වෙත නිතර පිවිසෙමින් ඔබේ භාෂාවෙන් නවතම කොවිඩ් තොරතුරු පිළිබඳව දැනුවත් වෙමින් ආරක්ෂිතව සිටින්න.

