කම්කරු පක්ෂය විසින් ජයගෙන ඇති බොහෝ සීමාන්තික ආසන රැසක සංක්‍රමණික ප්‍රජාව වැඩි පුර ජීවත් වෙනවා. සිඩ්නි හි Lindsay අසුනේ ජයග්‍රහණය ලැබූ කම්කරු පක්ෂයේ නායකයා වන Bill Shorten මහතා එම අසුනේ පසුගියදා සංචාරය කල විට ඔහුව පිළිගෙන තිබුනේ මැතිවරණය ජයග්‍රහණය කල ලෙසයි. Lindsay හි ජය කම්කරු පක්ෂයේ Emma Husar විසින් චන්ද 4.5% මාරුවක් සමග දිනා ගෙන තිබුනා.එසේම වැඩි බහු සංස්කෘතික ජනයා වෙසෙන Mcathur හා Macquarie යන ආසනද කම්කරු පක්ෂය දිනා ගත්තා.

EI Telegraph නම් ප්‍රජා පුවත් පතේ සංස්කාරකවරයෙකු වන Tsvirko Kazz, පවසන්නේ කම්කරු පක්ෂයේ පණිවිඩය සංක්‍රමණික ප්‍රජාව වෙත ගොස් ඇති බව. Bill Shorten බටහිර සිඩ්නි හි වැඩිපුර සංචාරය කලත් Turnbull මහතා Penrith හා Parramatta හි සිටියේ මැතිවරණ දින පමණයි. ලිබරල් පක්ෂයේ ජෙෂ්ටයන් SBS වෙත පවසා ඇත්තේ එහි නායකත්වය බහු සංස්කෘතික චන්ද ලබා ගැනීමට ක්‍රියා නොකළ බවයි. කම්කරු පක්ෂයේ වෙනත් භාෂා වල මැතිවරණ ප්‍රචාරණ ට එරෙහිව එවන් ප්‍රචාරණ කිරීමට ලිබරල් මන්ත්‍රීවරුන්ට සම්පත් නොතිබූ බවත් වාර්තා වෙනවා.
Medicare පිලිබඳ වෙනත් භාෂා වලින් තිබු දැන්වීම් මීට පෙර අප දැක නැහැ. Ethnic Communities Council of Australia හි වැඩ බලන සභාපති Eugenia Grammatikakis, පවසන්නේ එම දැන්වීම් නිසා ඉංග්‍රීසි කතා නොකරන ජනතාව අතරේ ධනාත්මක බවක් ඇති වූ බවයි. කම්කරු පක්ෂයද පවසන්නේ medicare තේමාව සන්ධානයේ රැකියා හා වර්ධනය තේමාවට වඩා සංක්‍රමණිකයන්ට අදාළ වූ බවයි. Bill Shorten ජුනි මාසයේදී බහු සංස්කෘතික මාධ්‍යවේදීන්ට වෙනමම හමුවක්ද පැවැත්වූ අතර සජීවීව SBS පුවත් විකාශයටද සහභාගී වුවා. නමුත් Malcolm Turnbull SBS හි ආරාධනාවන් පිළිගත්තේ නැහැ.

