Optus දත්ත සොරාගැනීම නිසා ඔස්ට්‍රේලියාවේ 100-point ID පරීක්ෂණයත් පුද්ගලිකත්වය පිළිබඳ පනතත් වෙනස්වන ලකුණු

Optus දත්ත සොරාගැනීමේ සිදුවීමත් හේතුකොටගෙන ඔස්ට්‍රේලියාවේ Privacy Act හෙවත් පුද්ගලිකත්වය පිළිබඳ පනත ද සංශෝධනය කිරීමට පියවර ගන්නා බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ නීතිපති Mark Dreyfus අදහස් පළ කර තිබේ.

A pile of medicare cards.

Companies often require customers to supply details such as Medicare numbers for identification checks. Source: AAP

පසුගිය සතියේ ඔස්ට්‍රේලියාවේ Optus සමාගමේ පාරිභෝගිකයින්ගේ දත්ත කාන්දුවීමක් නිසා මේ වන විට ඔස්ට්‍රේලියාව තුළ පුද්ගලික දත්ත පිළිබඳ සහ ඒවායේ සුරක්ෂිතතාව පිළිබඳ බරපතල ලෙස සාකච්ඡා කෙරේ.

මේ හේතුවෙන්ම ඔස්ට්‍රේලියාවේ Privacy Act හෙවත් පුද්ගලිකත්වය පිළිබඳ පනත ද සංශෝධනය කිරීමට පියවර ගන්නා බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ නීතිපති Mark Dreyfus අදහස් පළ කර තිබේ.

එමෙන්ම ගනුදෙනුකරුවන්ගේ අනන්‍යතාව පරීක්ෂා කිරීමෙන් පසු එම ලේඛන ළඟ තබා ගැනීමට සමාගම්වලට අවශ්‍ය නැති බවද ඔහු ප්‍රකාශ කළේය.


"දත්ත රැස් කිරීමේ අරමුණ යමෙකුගේ අනන්‍යතාවය තහවුරු කිරීම හැර වෙනත් දෙයක් නොවිය හැකි විට දත්ත ළඟ තබා ගැනීමට සමාගම්වලට අවසර දිය යුතුද නැද්ද යන්න පිළිබඳ අපි සොයා බලනවා." යනුවෙන් ඔහු පැවසීය.



ඔස්ට්‍රේලියාවේ ජනප්‍රියතම අනන්‍යතාව පරීක්ෂා කිරීමේ ක්‍රමය වන්නේ 100-point identity check හෙවත් ලකුණු 100 අනන්‍යතා පරීක්ෂණය වේ.

මෙම ක්‍රමය යටතේ පාරිභෝගිකයින්ගේ රියදුරු බලපත්‍රවල, විදෙස් ගමන් බලපත්‍රවල පිටපත් අදාළ සමාගම් ඉල්ලා සිටින අතර අනන්‍යතාව පරීක්ෂා කිරීමෙන් අනතුරුව එම ලේඛන සහ දත්ත ඉවත් කළ යුතු බව නීතිපතිවරයා පැවසීය.
 Mark Drefys is mid-speech in a suit
Attorney-General Mark Dreyfus says he's looking into whether reforms to the Privacy Act could be made in the year's remaining parliamentary sitting weeks. Source: AAP / Mick Tsikas

100-point identification check

වංචාවට එරෙහිව සටන් කිරීම සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් මෙම ලකුණු 100 අනන්‍යතා පරීක්ෂණය ගෙන එන ලද අතර එය 1988 දී ක්‍රියාත්මක වීම ආරම්භ කෙරිණි.

බැංකු ගිණුමක් විවෘත කරන ඕනෑම අයෙකු තම අනන්‍යතාවය සනාථ කරන ලේඛන සැපයිය යුතු වේ.

එම ලේඛන වර්ග සඳහා ලකුණු වෙන් කර ඇති අතර ඒවායේ එකතුව 100 ක් විය යුතුය.

විදේශ ගමන් බලපත්‍රයට, උප්පැන්න සහතිකයට සහ පුරවැසි සහතිකයට ලකුණු 70 බැගින් ලබාදෙයි.

මේ අතර රියදුරු බලපත්‍රයක් ලකුණු 40ක අගයක් ගනී.

අනෙකුත් අනන්‍යතා ලේඛන සඳහා ලකුණු 35ක් හෝ 25ක් බැගින් ලබාදෙයි.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————

මූලික අනන්‍යතා පරීක්‍ෂණවලින් පසුව සමාගම්වලට මෙම තොරතුරු රඳවා ගැනීමේ අවශ්‍යතාවක් ඇතැයි තමා නොසිතන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ නීතිපති Mark Dreyfus පැවසීය.

එම තොරතුරු සහ පිටපත් තවත් වසර ගණනාවක් තබා ගැනීමේ කිසිදු හේතුවක් සමාගම්වලට නොමැති බවද ඔහු අවධාරණය කළේය.

වැඩි වැඩියෙන් දත්ත ගබඩා කර ඇති තරමට, එය ආරක්ෂිතව තබා ගැනීම පිළිබඳ විශාල ගැටළුවක් මතුවන බවත් විශාල හැක් කිරීමකින් සිදු විය හැකි හානිය නිසා බරපතල අර්බුදකාරී තත්ත්වයක් මතුවීමට බොහෝ දුරට ඉඩ ඇති බවත් නීතිපති Mark Dreyfus පැහැදිලි කළේය.

ඔස්ට්‍රේලියානුවන්ගේ දත්ත පුද්ගලික සමාගමක් හෝ රජයක් විසින් ඉල්ලා සිටින විට එය භාවිතා කරනු ලබන්නේ එය රැස්කර ඇති කාර්යය සඳහා පමණක් බව ඔස්ට්‍රේලියානුවන්ට සහතික විය යුතු බවද නීතිපති Mark Dreyfus පැවසීය.

ඔබේ ඡන්ද විස්තර වෙනස් කිරීමට ඔබට අවශ්‍යද?

Optus දත්ත කාන්දුවීමේ පීඩාවට පත් තම රියදුරු බලපත්‍රය හෝ විදේශ ගමන් බලපත්‍ර විස්තර වෙනස් කර ඇති පාරිභෝගිකයින්ට ඔවුන්ගේ ඡන්ද ලියාපදිංචිය යාවත්කාලීන කිරීමට අවශ්‍ය නොවන බව ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසම පවසයි.

ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසමට අනුව පාරිභෝගිකයින් තවමත් ප්‍රාන්ත, ටෙරිටරි සහ නගර සභා මැතිවරණ සඳහා ලියාපදිංචි වනු ඇත.

Share

Published

By Jessica Bahr, Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
Optus දත්ත සොරාගැනීම නිසා ඔස්ට්‍රේලියාවේ 100-point ID පරීක්ෂණයත් පුද්ගලිකත්වය පිළිබඳ පනතත් වෙනස්වන ලකුණු | SBS Sinhala