Optus දත්ත සොරකම නිසා ඔස්ට්‍රේලියාවේ රියදුරු බලපත්‍රය සහ විදෙස් ගමන් බලපත්‍රය ප්‍රතිස්ථාපනය කරගන්නේ කොහොමද?

විවිධ ප්‍රාන්ත රජයන් ඔබට ඔබේ රියදුරු බලපත්‍රය ප්‍රතිස්ථාපනය කළ හැකි බව නිවේදනය කර ඇත.

Composite of hands holding a digital licence and a passport.

States have responded on how drivers can get replacement licences following the Optus data breach, while the federal government says Optus should cover costs for customers seeking to replace valid passports. Source: SBS

පසුගිය සතියේ සිදු වූ දැවැන්ත දත්ත කාන්දුවීමක් නිසා මිලියන 10 ක පාරිභෝගිකයන් පිරිසක් පීඩාවට පත් විය හැකි බව Optus සමාගම පවසයි.

එලෙස හැකර්වරුන් විසින් සොරකම් කර ඇති තීරණාත්මක තොරතුරු කොටස් අතර පාරිභෝගිකයින්ගේ රියදුරු බලපත්‍ර අංක ප්‍රධාන තැනක් ගනී. මේවා dark web ජාලයේ අලෙවි කරන අනෙකුත් තොරතුරු සමග වන බව සඳහන්.

මෙලෙස Optus දත්ත කාන්දුවීම නිසා රියදුරු බලපත්‍ර තොරතුරු හෙළිදරව් වී ඇති ඔස්ට්‍රේලියාව පුරා සිටින පාරිභෝගිකයින් අතර ඔබත් සිටින්නේ නම් ඔබට සුබ ආරංචියක් තිබේ.


විවිධ ප්‍රාන්ත රජයන් ඔබට ඔබේ රියදුරු බලපත්‍රය ප්‍රතිස්ථාපනය කළ හැකි බව නිවේදනය කර ඇත.

ඇතැම් ප්‍රාන්තවල ඔබට ඒ සඳහා කිසිදු වියදමක් නොමැති බවද වාර්තා වේ.

විදේශ ගමන් බලපත්‍ර අංකද එම කාන්දුවූ දත්තවලට අයිති විය හැකි බවට Optus සමාගම ප්‍රකාශ කිරීමෙන් පසු ජනතාව ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර ප්‍රතිස්ථාපනය කිරීම පිළිබඳව ද විමසිලිමත් වෙමින් සිටියි.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————

ඔබ NSW ප්‍රාන්තවාසියෙකු නම්

ඔබට NSW රියදුරු බලපත්‍රයක් තිබේ නම් ඔබට Service NSW හරහා අලුත් රියදුරු බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කළ හැකිය.

ඔබට ඩිජිටල් රියදුරු බලපත්‍රයක් තිබේ නම්, ඔබට Service NSW app එක හරහා ක්ෂණිකව නිකුත් කරන ලද අතුරු කාඩ්පත් අංකයක් ලබා ගත හැක. ඔබට ව්‍යාපාරික දින 10ක් ඇතුළත ඔබේ නව රියදුරු බලපත්‍ර කාඩ්පත ලැබෙනු ඇත.

ප්‍රතිස්ථාපන රියදුරු බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කළ යුතුද නැද්ද යන්න තහවුරු කර ගැනීම සඳහා ඉදිරි දිනවලදී Optus සමාගම අදාළ පාරිභෝගිකයන්ට දැනුම් දෙන බව බව පාරිභෝගික සේවා අමාත්‍ය Victor Dominello පැවසුවේය.

නව රියදුරු බලපත්‍රය යන්නෙන් නව රියදුරු බලපත්‍ර අංකයක් අදහස් කරන්නේ නම්, එය සාමාන්‍යයෙන් නව කාඩ්පතක් නිකුත් කිරීමත් සමඟ වෙනස් නොවන බවට හෝ එම කාඩ්පත් අංකය පමණක් වෙනස් වන බවට හෝ පැහැදිලි කිරීමක් නොමැති බවත් වාර්තා වේ.

ඔබ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තවාසියෙකු නම්

Optus සමාගම විසින් හැඳුනුම්පත් තොරතුරු අවදානමට ලක්ව ඇති බවට උපදෙස් ලබා දී ඇති ක්වීන්ස්ලන්ත වැසියන්ට ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් නොමිලේ, නව රියදුරු බලපත්‍ර ලබා ගත හැකිය.

එයට නව රියදුරු බලපත්‍ර අංකයක් ඇතුළත් වේ.

නව රියදුරු බලපත්‍රයක් අවශ්‍ය පාරිභෝගිකයින්ට ඔප්ටස් දත්ත කාන්දුවීමේ දැන්වීම හෝ බලාත්මක කිරීමේ අධිකාරියකින් ලිඛිත දැනුම්දීමක් සහ අනන්‍යතා සාක්ෂි ඇතුළු විවිධ ප්‍රකාශ ඔවුන්ගේ ප්‍රාදේශීය පාරිභෝගික සේවා මධ්‍යස්ථානය වෙත ගෙන ඒමට අවශ්‍ය වේ.

කඩිනම් උපකාර අවශ්‍ය අය සඳහා දෙපාර්තමේන්තුව විසින් 07 3097 3108 නැමති විශේෂිත ක්ෂණික දුරකථන අංකයක් ද හඳුන්වා දී ඇත.

ඔබ දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තවාසියෙකු නම්

දකුණු ඕස්ට්‍රේලියානු රියදුරන් සඳහා ආදේශක රියදුරු බලපත්‍රයක් නොමිලයේ ලබා දෙන බව දකුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත අගමැති නිවේදනය කර තිබේ.

Service SA විසින් ප්‍රතිස්ථාපන රියදුරු බලපත්‍රයක් සොයන පුද්ගලයින්ට Optus සමාගම වෙතින් ලියකියවිලි සහිත එහි මධ්‍යස්ථානයකට පැමිණෙන ලෙස උපදෙස් දී ඇත.

"ඔබේ රියදුරු බලපත්‍ර අංකය වෙනස් කළ පසු, නව රියදුරු බලපත්‍ර කාඩ්පතක් නිෂ්පාදනය කර ඔබ වෙත තැපැල් කරනු ලැබේ" යනුවෙන් Service SA සිය වෙබ් අඩවියේ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

ඔබේ නව බලපත්‍රය ඔබගේ mySAGOV ගිණුම හරහා සහ mySAGOV app එක හරහා ඩිජිටල් පිටපතක් ලෙස වහාම ලබා ගත හැක.

ප්‍රතිස්ථාපන රියදුරු බලපත්‍රයක් සඳහා දැනටමත් මුදල් ගෙවා ඇති අයට Service SA හරහා මුදල් ආපසු ලබාගත හැක.

වික්ටෝරියා ප්‍රාන්ත වැසියන්ට

තම රියදුරු බලපත්‍රයේ තොරතුරු සොරාගෙන ඇතැයි ප්‍රවාහන දෙපාර්තමේන්තුවට වාර්තා කරන ලෙස වික්ටෝරියානු ප්‍රාන්තයේ රියදුරන්ට දන්වා තිබේ.

වික්ටෝරියානු රියදුරු බලපත්‍ර දත්ත ගබඩාව හරහා අදාළ ගිණුම් වෙත අනවසර ලෙස ප්‍රවේශ වීමට උත්සාහ කිරීම් හෝ හැකර්වරුන් වැළැක්වීම මෙහි අරමුණ වේ.

ඔබ ඔබේ රියදුරු බලපත්‍ර විස්තර ගැන වද වන්නේ නම් සහ ඔබේ තොරතුරු සොරාගෙන ඇති බවට Optus විසින් දැනුම් දී ඇත්නම්, ඔබට ප්‍රතිස්ථාපන බලපත්‍රයක් ඉල්ලීම සඳහා VicRoads වෙත කතා කළ හැකිය.

නව බලපත්‍රවල පිරිවැය වික්ටෝරියානු ප්‍රාන්ත රජයට ආපසු ගෙවන ලෙස දෙපාර්තමේන්තුව Optus සමාගමෙන් ඉල්ලා ඇත.

ACT වැසියෙකු නම්

අංක සහ කාඩ්පත් අංක දෙකම අවදානමට ලක් වූ අය සඳහා ප්‍රතිස්ථාපන රියදුරු බලපත්‍ර කාඩ්පත් නිකුත් කිරීමට ක්‍රියා කරන බව ACT රජය පවසයි.

ප්‍රතිස්ථාපන රියදුරු බලපත්‍රයක් නොමිලේද ලබා දෙනවාද නැද්ද යන්න පිළිබඳව තවම තහවුරු කර නොමැත.

නමුත් බලපෑමට ලක් වූ පාරිභෝගිකයින්ට 13 22 81 දුරකතන අංකයට Access Canberra අමතා ඔවුන්ගේ විස්තර ලබා දිය හැකි බව පවසා ඇත.

ටස්මේනියා ප්‍රාන්ත වැසියන්

ටස්මේනියා රජයේ වෙබ් අඩවියට අනුව, රියදුරු බලපත්‍ර තොරතුරු කොතෙක් දුරට අවදානමට ලක්ව ඇත්ද යන්න පැහැදිලි නැත. නමුත් රියදුරන්ට අවශ්‍ය නම් ඒවා ප්‍රතිස්ථාපනය කිරීමට තෝරා ගත හැකිය

නව රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම සඳහා රියදුරන්ට ඕනෑම Service Tasmania සම්බන්ධතා මධ්‍යස්ථානයකට පිවිසිය හැකි අතර, ඔවුන් නව බලපත්‍ර අංකයක් සහ ප්‍රතිස්ථාපන බලපත්‍ර කාඩ්පතක් පිළියෙල කරනු ඇත.

මේ සඳහා $11.49 ක ගාස්තුවක් අය කෙරේ.

විකල්පයක් ලෙස, ඔබට නියමිත රියදුරු බලපත්‍ර ගාස්තුව ගෙවා ඔබේ දැනට පවතින බලපත්‍රය කල් ඉකුත් වන දිනට අනුව තෝරාගත් වසර 1, 2, 3, 4 හෝ 5 යන කාල සීමාව සඳහා ඔබේ බලපත්‍රය අලුත් කර ගත හැක.

මෙම අවස්ථාවෙහිදී Optus සමාගම මෙම පිරිවැය ලබාදෙන්නේ නැති බව ටස්මේනියා ප්‍රාන්ත රජය පවසයි.

බටහිර ඔස්ට්‍රේලියාවේ නම්

Optus දත්ත කාන්දුවීමෙන් බලපෑමට ලක්වූ බටහිර ඔස්ට්‍රේලියානුවන්ට නව රියදුරු බලපත්‍ර, නව බලපත්‍ර සහ කාඩ්පත් අංක සමඟ නොමිලේ ලබා ගත හැකි බව ප්‍රවාහන අමාත්‍ය Rita Saffioti තහවුරු කළාය.

අදාළ පාරිභෝගිකයින්ගේ රියදුරු බලපත්‍රය අවදානමට ලක්ව ඇත්නම් ඉදිරි දිනවලදී ඔවුන්ව සෘජුවම සම්බන්ධ කර ගන්නා බව Optus සමාගම තහවුරු කර ඇති බව ඇය Facebook පෝස්ට් එකක් හරහා පවසා ඇත.

මෙම දැනුම්දීම ලැබෙන අය ඔවුන්ගේ Optus දත්ත කාන්දු වූ බවට වන දැන්වීමේ පිටපතක් මෙන්ම ප්‍රාථමික සහ ද්විතීයික අනන්‍යතා සනාථ කරන ආකාරයක් සමඟ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රියදුරු සහ වාහන සේවා මධ්‍යස්ථානයකට පැමිණිය යුතුය.

Northern Territory

රියදුරු බලපත්‍ර සම්බන්ධයෙන් Optus පාරිභෝගිකයින්ට කළ හැකි දේ පිළිබඳව Northern Territory රජයෙන් බදාදා පස්වරු 1 (AEST) වන විටත් කිසිදු කරුණක් ප්‍රකාශ කර නොතිබුණි.

Optus has also advised that passport numbers have also been potentially breached.
Optus has also advised that passport numbers have also been potentially breached. Source: AAP

විදෙස් ගමන් බලපත්‍රවලට කුමක් සිදුවේද?

තම පාරිභෝගිකයින්ගේ විදේශ ගමන් බලපත්‍ර අංක ද කාන්දුවී ඇති බවට Optus සමාගම දන්වා ඇත.

මේ තත්ත්වය හමුවේ නව විදේශ ගමන් බලපත්‍රයක් අවශ්‍යද නැද්ද යන්න පිළිබඳව අදාළ පුද්ගලයින් තමන්ගේම තේරීමක් කළ යුතු බව විදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

නමුත් විශේෂ මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය ඇතුළුව අනන්‍යතා සහතික කර ගැනීමෙන් විදේශ ගමන් බලපත්‍රය ආරක්ෂා කරන ශක්තිමත් පාලනයන් දෙපාර්තමේන්තුව සතුව ඇති නිසා වංචනිකයින්ට පාරිභෝගිකයින්ගේ අනන්‍යතාවය සහිත විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත නොහැකි බව දෙපාර්තමේන්තුව සහතික කර ඇත.

වංචනිකයින්ට ඔබගේ අනන්‍යතාවයෙන් ගමන් කිරීමට ඔබගේ විදේශ ගමන් බලපත්‍ර විස්තර භාවිතා කළ නොහැකි බවද දන්වා තිබේ.

වංචාකරුවන්ට සංචාරය කිරීමට නම් ඔබගේ විදේශ ගමන් බලපත්‍ර විස්තර පමණක් නොව ඔබගේ සැබෑ ගමන් බලපත්‍රය ද අවශ්‍ය වනු ඇත යනුවෙන් විදේශ කටයුතු දෙපාර්තමේන්තුව සිය වෙබ් අඩවියේ ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

ඔබ නව විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට තෝරා ගන්නේ නම්, ඒ සඳහා ඔබම ගෙවිය යුතු බවත් දත්ත කාන්දු වීම ගැන තම ආයතනය වග නොකියන බවත් විදේශ කටයුතු දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසා ඇත.
නමුත් ෆෙඩරල් විපක්ෂය නව විදේශ ගමන් බලපත්‍ර ගාස්තු ඉවත් කර ප්‍රතිස්ථාපන විදේශ ගමන් බලපත්‍ර සැකසීම කඩිනම් කරන ලෙස කම්කරු රජයෙන් ඉල්ලා තිබේ.

Share

Published

By Rashida Yosufzai, Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service