මෙවර ඕස්ට්‍රේලියානු මැතිවරණයේ සෙනට් සභාවට චන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමය වෙනස් නිසා ප්‍රාන්තයක අවසන් ආසන කිහිපය ඉතා අඩු මුලික චන්ද ගණනකින් ජයග්‍රහනය් කල හැකි බව පැවසෙනවා. Australia Institute නම් ආයතනය විසින් සිදුකරන ලද සමීක්ෂණයකට අනුව චන්ද දායකයන් 33%ක් සිතා සිටියේ චන්ද පත්‍රිකාවේ ඉහල පේලියේ (Above the line) කොටු 1ක් පමණක් ලකුණු කල යුතු බවයි. 29%ක් දෙන පැවසුවේ කොටු 6ක් වත් ලකුණු කල යුතු බවයි, 9% සියලු කොටු ලකුණු කල යුතු බවද , 5%ක් කොටු 12ක් වත් ද 24%ක් ඒ පිලිබඳ කිසිවක් දැන සිටියේ නැහැ.
මෙහිදී චන්ද දායකයන් කොටු 6ක් වත් සිය පක්ෂ වල මනාපය අනුව ලකුණු කල යුතුයි. නමුත් එක කොටුවක් ලකුණු කලද එය ගණනයට ලක් වේ. මීට පෙර පැවති ක්‍රමයේදී ඉහල පේලියේ තිබුයේ 1 කොටුවක් පමණයි. නමුත් ඉහල පේලියේ චන්දය ප්‍රකාශ කිරීම සිදු කරන බව 48%ක් පැවසුවද එය සාමාන්‍යයෙන් චන්දය ප්‍රකාශ කරන ගණනට වැඩ අඩුයි. පහල පේලියේ, තනි අපේක්ෂකයන් සඳහා චන්දය ප්‍රකාශ කරන බවට පවසා ඇත්තේ 14%ක් පමණයි. නැමුත් 34%ක් ඒ පිලිබඳ කිසිවක් දන සිටියේ නැහැ.
චන්දය ප්‍රකාශ කිරීම පිළිබඳව Research Now නම් සමාගම විසින් චන්ද දායකයින් 1437ක් යොදා ගෙන මැයි 23 සිට ජුනි දක්වා මෙම සමීක්ෂණය සිදු කලා. එම ආයතනයේ අධ්‍යක්ශ Ben Oquis පවසන්නේ සෙනට් චන්ද හරිහැටි විශ්වාස කිරීම අපහසු නිසා , පහල මන්ත්‍රණ සභා චන්ද සමග ගත කල සන්ධානයට යම් සෙනට් ආසන අහිමි විය හැකි බවයි. මෙයින් පැහැදිලි වන්නේ බොහෝ දෙනාට සෙනට් චන්ද පාවිච්චිය පිලිබඳ අදහසක් නැති බවයි, එම ක්‍රමය ඉතා මෑතකදී හඳුන්වා දුන් නිසා. ඕස්ට්‍රේලියානු මතිවරණ කොමිසම ඒ පිලිබඳ දැනුවත් කිරීමට කටයුතු කලත් ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් ඉතිරි වී නැහැ. පෙර මැතිවරණ කටයුතු මේ සතියේ ආරම්භ වේ.
බොහෝ දෙනෙක් ඉහල පේලියේ එක කොටුවක් පමණක් ලකුණු කල හොත්, බොහෝ චන්ද අපතේ යා හැකියි. එය වැලක්වීමට චන්ද පත්‍රිකාවේ කෙතරම් උපදෙස් ඇත්දැයි අපි දන්නේ නැහැ. චන්දයක් අපතේ ගිය විට එම චන්දයේ මනාපය ගණනය වන්නේ නැහැ.
Oquis මහතා පවසන්නේ මේ තත්වය නිසා අවසන් ආසන ඉතා අඩු චන්ද ගණනකින් දින ගත හැකි වනු ඇති බවයි.
සමීක්ෂණයට අනුව මුලික චන්ද වලින් පහල මන්තරන සභාවට සන්ධානයට 38%ක් , කම්කරු පක්ෂයට 35%ක් ,ග්‍රීන්ස් 11%ක් ස්වාධීන හා වෙනත් 16%ක් ද සෙනට් සභාව සඳහා ලිබරල් 34%ක් ද, කම්කරු 33%, ග්‍රීනස් 12%ක් ද ජාතික 2%ක් ද Palmer United Party 0%, Jacqui Lambie Network 1%, Glenn Lazarus Team 0%, Nick Xenophon Team 4%, Pauline Hanson’s One Nation 5%, ස්වාධීන /වෙනත් 8%ක් ලෙසද වේ .
Oquist පවසන ආකාරයට Pauline Hanson ක්වීන්ස්ලන්තෙන් ද , Nick Xenophon දකුණු ඔස්ට්‍රේලියාවෙන් පිටත ද ,ස්වාධීන Jacqui Lambie ද නැවත පත් විය හැකියි. එසේම Lazarus හා ග්‍රීන්ස් හි Andrew Bartlett ද ජයග්‍රහනය කල හැකියි
මේ අනුව ඔහු අනාවකි පළකරන්නේ සෙනට් සභාව තුල සන්ධානයෙන් 30-35ක් ද , කම්කරු 25-28ක් , ග්‍රීන්ස් 9-10, Nick Xenophon Team 3-6 හා වෙනත් ලෙස ආසන හිමි වනු ඇති බවයි. මේ අනුව සන්ධානය නැවත බලයට පත් වුව හොත්, ඔවුන්ට කම්කරු පක්ෂය විරුද්ධ වන කෙටුම්පත්, ග්‍රීන්ස් හා Pauline Hanson කණ්ඩායමේ සහය නොමැතිව ජය ගත නොහැකි බවයි
Michelle Grattan does not work for, consult, own shares in or receive funding from any company or organization that would benefit from this article, and has disclosed no relevant affiliations beyond the academic appointment above.

