SKIP TO MAIN CONTENT

කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 17ක් දක්වා ඉහළට : ලෝක සෞඛ්‍ය සංවිධානය ගෝලීය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීම කල් දමයි

Corona virus outbreak

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

නව කොරෝනා වෛරසය පැතිර යාම සම්බන්ධයෙන් ගෝලීය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කළ යුතුද යන්න පිළිබඳ තීරණය කිරීම කල්දැමීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කොට තිබේ.

චීනයේ මෙම කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව දාහතක් දක්වා ඉහළ ගොස් ඇති අතර ආසාදිත සංඛ්‍යාව 540 ට වඩා වැඩි වී තිබේ.

කොරෝනා වෛරසය කේන්ද්‍රගතව ඇති චීන නගරය වන වුහාන් වෙත සිදුවන ප්‍රවාහන මාර්ග වසා දමා ඇති අතර නගර වැසියන්ට ඉන් ඉවත්ව නොයන ලෙසට දැනුම් දී තිබේ.

චීනය, ජපානය, පිලිපීනය, හොංකොං, මැකාවෝ, තායිවානය, තායිලන්තය සහ එක්සත් ජනපදය යන රටවල රෝගීන් තහවුරු වී තිබේ.

නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් ගෙබ්‍රෙයිසස් පවසන්නේ මෙය ගෝලීය හදිසි අවස්ථාවක්ද යන්න තීරණය කිරීමට තවදුරටත් කාලය අවශ්‍ය බවයි.

කොරෝනාට බය වෙන්න එපා : අගමැති මොරිසන් කියයි

මේ අතර මේ දිනවල වැඩි අවධානය යොමුව ඇති මෙම කොරෝනා වෛරසය පිළිබඳව අවදියෙන් සිටිය යුතු නමුත් ඒ පිළිබඳව මාරාන්තික බියක් ඇතිකර නොගත යුතු බව ඕස්ට්‍රේලියා අගමැති ස්කොට් මොරිසන් පවසයි.

මෙම වෛරසය ශරීරගතවී ඇතිබවට සැකපිට ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවරදී සෞඛ්‍ය අංශ භාරයට ගැනුණු පුද්ගලයා, අඛණ්ඩව එම රෝග ලක්ෂණ නොපෙන්වීම නිසා මේ වන විට මුදාහැර තිබේ. එහෙත් ඔහුගේ වෛද්‍ය පරීක්ෂණ වාර්තා ඉදිරි දින වලදී ලැබීමට නියමිතයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now