SKIP TO MAIN CONTENT

තවත් කොරෝනා වෛරස රෝගීන් 3ක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයෙන් ද වාර්තාවෙයි : ඕස්ට්‍රේලියාවේ සමස්ත රෝගීන් සංඛ්‍යාව ඉහල නගී

Coronavirus outbreak
Coronavirus outbreak

2 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පුද්ගලයින් තිදෙනෙකුටද මාරාන්තික කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සනාථ වී ඇතිබව ප්‍රාන්ත සෞඛ්‍ය අංශය තහවුරු කොට සිටී. මිට පෙර අද දිනයේදීම (25 Jan) වික්ටෝරියා ප්‍රාන්තයෙන් ද කොරෝනා වෛරසය වැලඳී ඇති පුද්ගලයෙකු සිටින බවට සනාථ වී තිබිණ. වික්ටෝරියා ප්‍රාන්තයේ මෙම වෛරසය ශරීරගතව ඇතැයි සැක කෙරෙන පුද්ගලයින් 5 දෙනෙකු රඳවා තබාගෙන නිරීක්ෂණයේ යෙදෙන බැවින් මෙම වෛරසය වැළඳී ඇතැයි නිශ්චිත විය හැකි සංඛ්‍යාව ඉදිරියේදී වැඩිවිය හැකි බව ද වාර්තා වේ. මේ අනුව මේ වන විට ඕස්ට්‍රේලියාවේ ජාතික මට්ටමින් මෙම කොරෝනා මාරාන්තික වෛරසය වැළඳී ඇතිබවට සනාථවී ඇති සංඛ්‍යාව හතරකි.

 නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ වාර්තා වන රෝගීන් තිදෙනාම සිඩ්නි හි රෝහල්වල ප්‍රතිකාර ලබන අතර ඔවුන් වයස අවුරුදු 30, 40 සහ 50 අතර වයසේ පසුවන පිරිමින් බවද වාර්තා වේ. මොවුනට මෙම රෝගය චීනයේ දී වැළඳී ඇත. මොවුන් අතරින් එක් අයෙකු ජනවාරි 6 වන දින ඕස්ට්‍රේලියාවට පැමිණි අතර තවත් අයෙක් ජනවාරි 19 වන දින පැමිණ ඇත. තෙවැන්නා ජනවාරි 20 වන දින ඔස්ට්‍රේලියාවට පැමිණ ඇති අතර නමුත් රෝහලට ඉදිරිපත් වී ඇත්තේ පසු දින බවද සඳහන්.

ප්‍රධාන වෛද්‍ය නිලධාරි වෛද්‍ය කෙරී චැන්ට් පවසන්නේ ඕස්ට්‍රේලියාවට පියාසර කිරීමේදී ඔවුන්ට මෙම කොරෝනා බෝවන වෛරසය වැළඳුනු බවට විශ්වාස නොකරන බවයි.

නිව් සවුත්වේල්ස් සෞඛ්‍ය සේවය මේ වන විට පුද්ගලයින් 12 දෙනෙකු මෙම වෛරසය සම්බන්දව පරික්ෂා කොට ඇත. ඒ අතර ළමුන්ද සිට ඇති බවද වාර්තා වේ.

මෙම මාරාන්තික කොරෝනා වෛරසය වැළඳී මියගොස් ඇති සංඛ්‍යාව මේ වන විට 41 ලෙසට වාර්තා වන අතර වෛරසය ශරීර ගතවී ඇතැයි වාර්තා වන සංඛ්‍යාව 1287 ක්.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now