COVID-19 update: වික්ටෝරියා ප්‍රාන්තයේ lockdown සතියකින් දිගු කරද්දී දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයත් lockdown කෙරේ

2021 ජූලි 20 වනදා ඕස්ට්‍රේලියාවේ කොරොනා වෛරස තත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුලත් වේ.

Wynyard railway station

Commuters wait for buses at Wynyard railway station in the central business district in Sydney, Tuesday, July 20, 2021. Source: AAP Image/Mick Tsikas

වික්ටෝරියා ප්‍රාන්තය

වික්ටෝරියා ප්‍රාන්තය තුල මේ වනවිට ක්‍රියාත්මක lockdown තත්වය ලබන 27 වැනිදා දක්වා දීර්ග කරන බව එම ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Daniel Andrews අද (20) උදැසන නිවේදනය කළේය.

පසුගිය පැය 24ක කාලය තුලදී වික්ටෝරියා ප්‍රන්තයෙජ්න් කොරෝනා ආසාදිතයින් 13 දෙනෙකු වාර්තා වූ අතර එමගින් එක් ආසාදිතයකු හට වෛරසය වැළඳුනු ආකාරය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

එමෙන්ම ආසාදිතයින් 9 දෙනෙකු නිරෝධායන කාලසීමාවකට යටත්ව සිටියදී කොරෝනා වෛරසයට ධනාත්මක වී තිබේ. මේ අනුව මේ වනවිට වික්ටෝරියා ප්‍රාන්තයෙන් සක්‍රීය කොරෝනා ආසාදිතයින් 96 දෙනෙකු වාර්තා වේ.

මේ වනවිට "red zone permits" භාවිත කිරීම ඔස්සේ වික්ටෝරියා ප්‍රාන්තයට ඇතුලුවීම තාවකාලිකව තහනම් කොට තිබේ.

මේ වනවිට කොරෝනා ආසාදිතයින්ගේ සමීප සම්බන්ධතා 15,800ක් හඳුනාගෙන තිබේ. එමෙන්ම මේ වනවිට ප්‍රාන්තයේ Phillip Island හි සිට Mildura යන ප්‍රදේශ දක්වා කොරෝනා අවදානම් සහිත ප්‍රදේශ 300 ඉක්මවා හඳුනාගෙන තිබේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා අවදානම් සහිත ප්‍රදේශ පිළිබඳව යාවත්කාලීන වන ලැයිස්තුව සහ සීමාවන් දැනගැනීමට පිවිසෙන්න

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් 78 ක් හමු වී තිබේ.

එමගින් ආසාදිතයින් 21 දෙනෙකු වෛරසය වැළඳී සිටින කාලය තුල ප්‍රජාව අතර සිට තිබේ.

එමෙන්ම ඊයේ දිනයේදී 50 හැවිරිදි කාන්තාවක්ද කොරෝනා වෛරසය හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ අතර එම මරණය නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා කොරෝනා වෛරසය ආශ්‍රිතව වාර්තා වූ 61 වන මරණය වේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ lockdown තත්වය මත දැඩි පීඩනයකට ලක්ව ඇති කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා ලබාදෙන මුල්‍යාධාර සඳහා වන අයදුම්පත් විමසීමට Service NSW සුදානමින් සිටී.

මේ ඔස්සේ මීට පෙර COVID-19 small business grants සහ COVID-19 Support and Small Business Recovery grants ලබාගත් ව්‍යාපාර වලටද මේ සඳහා අයදුම් කළ හැකිය.

අයදුම් පත් භාරගැනීම 2021 සැප්තැම්බර් 13 දින රාත්‍රී 11:59 ට අවසන් වේ.

වැඩි විස්තර සඳහා 2021 COVID-19 business grant – Guidelines.  වෙත පිවිසෙන්න

පසුගිය පැය 24දී ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වී ඇති තොරතුරු :

  • දකුණු ඕස්ට්‍රේලියාවේ ප්‍රජාව අතුරින් කොරෝනා ආසාදිතයින් 5 දෙනෙකු වාර්තා වී තිබේ. ඒ අනුව එම ප්‍රාන්තය තුල අද පස්වරු 6 සිට ජුලි මස 27 වැනිදා දක්වා 5 වන මට්ටමේ සීමාවන් ප්‍රකාශයට පත් කිරීමට ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Steven Marshall පියවර ගෙන තිබේ. මේ වනවිට දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තය තුල අවදානම් සහිත ස්ථාන 16 හඳුනාගෙන තිබේ. දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ කොරෝනා අවදානම් සහිත ප්‍රදේශ පිළිබඳව යාවත්කාලීන වන ලැයිස්තුව සඳහා පිවිසෙන්න
  • ක්වීන්ස්ලන්ත ප්‍රන්තයෙන් නව කොරෝනා ආසාදිතයකු වාර්තා වී තිබේ.
  • කොරෝනා රෝගලක්ෂණ සහිතව බටහිර ඕස්ට්‍රේලියාවේ Fremantle වරාය වෙත පැමිණි භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් 8 දෙනා කොරෝනා වෛරසයට ධනාත්මක ප්‍රතිපල පෙන්වා තිබේ.

COVID-19 අපදා ගෙවීම යනු ඕස්ට්‍රේලියානු රජය මගින් අවදානම් සහිත බවට නම් කල ප්‍රදේශයන්හි වෙසෙන පුද්ගලයින් සඳහා සතිපතා සිදු කරන ගෙවීමකි. එම ප්‍රදේශ වල දින 7කට වඩා වැඩි කාලයක් දැඩි කොරෝනා නීති ක්‍රියාත්මක වීම සහ එම නීති මත ඔවුන්ගේ රැකියා කාලය අඩුවීම මත මෙම ගෙවීම ලබාගැනීම සඳහා සුදුසුකම් ලබයි.

මේ සම්බන්ධයෙන් භාෂා 60කට වඩා වැඩි ගණනකින් තිරතුරු ලබාගැනීමට පිවිසෙන්න

නොමැතිනම් විවධ භාෂා ඔස්සේ සහාය ලබාගැනීමට 131 202 යන අංකය අමතන්න


Eid al Adha උත්සවය අද සිට ආරම්භ වන අතර යාඥා සිදු කරන අතරතුර අවධානයෙන් කටයුතු කල යුතු වේ.

  • නිවසේදී යාඥා කිරීමට තෝරා ගැනීම 
  • විශාල එක්වීම් අවලංගු කිරීම 
  • මුහුණු ආවරණ පැළඳීම 
  • යාඥා කිරීමට තමන්ගේම prayer rug එක භාවිත කිරීම

COVID-19 මිථ්‍යා මත:

සාමාන්‍යයෙන් ගතවන කාලයට වඩා ඉක්මනින් COVID-19 එන්නත නිෂ්පාදනය කිරීම හේතුවෙන් එම එන්නත ආරක්‍ෂිත නොවේ.

COVID-19 සත්‍යය:

සෑම COVID-19 එන්නතක්ම ජනතාවට ලබාදීමට පෙර එහි ගුණාත්මකභාවය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු චිකිත්සක භාණ්ඩ පරිපාලනය (Australia's Therapeutic Goods Administration - TGA) පරීක්ෂා කිරීම සිදු කරයි.

එමෙන්ම සෑම එන්නත් ලබාදීමෙන් පසුවද එමගින් ඇතිවිය හැකි හදිසි තත්වයන් සම්බන්ධයෙන් TGA දැඩි සුපරික්ෂාවකින් පසුවේ.

ඔස්ට්‍රේලියාවට ලැබෙන සෑම එන්නත් මාත්‍රා තොගයකම පවතින ගුණාත්මක සහ ආරක්‍ෂිත බව සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු චිකිත්සක භාණ්ඩ පරිපාලනය පරීක්ෂා කිරීම සිදු කරයි.

ඇමරිකාව තුල කොරෝනා වෛරසයේ විවිධ ප්‍රබේද හේතුවෙන් මියගිය සෑම අයකුම කොරෝනා එන්නත ලබා නොගත් පුද්ගලයින් බව ඇමරිකානු මහජන සෞඛ්‍ය වාර්තා සඳහන් කරයි

පසුගිය ජුනි මසදී කොරෝනා වෛරසයේ Delta පප්‍රබේදය වැළඳීමෙන් රෝහල්ගත කෙරුණු පුද්ගලයින් 223 දෙනාගෙන් 103 දෙනෙකුම කොරෝනා එන්නත ලබා නොමැති හෝ එක් එන්නත් මාත්‍රාවක් පමණක් ලබා තිබු පුද්ගලයින් වන බව එංගලන්ත මහජන සෞඛ්‍ය වාර්තා සඳහන් කරයි


 

නිරෝධායනය, සංචාරක, පරීක්ෂණ සායන සහ වසංගත ආපදා ගෙවීම්

ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් මගින් නිරෝධායන සහ කොරෝනා පරීක්ෂණ අවශ්‍යතා කළමනාකරණය කිරීම සහ බලාත්මක කිරීම සිදු කරයි.

ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන් අයදුම් කළ යුතුය.

වැඩි තොරතුරු සඳහා Smart Traveller වෙබ් අඩවියේ යාවත්කාලීන වන තොරතුරු වෙත පිවිසෙන්න.


භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus

ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  

ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

COVID-19 Vaccination Glossary

Appointment Reminder Tool


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා වසංගත ගෙවීම් තොරතුරු සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


Share

5 min read

Published

Updated

By SBS/ALC Content, Nipuna Dodangoda

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now