COVID-19 update: NSW ප්‍රාන්තයෙන් නව කොරෝනා ආසාදිතයින් 98ක්, වික්ටෝරියා ප්‍රාන්තයත් lockdown කාලය දිගු කරයි

2021 ජූලි 19 වනදා ඕස්ට්‍රේලියාවේ කොරොනා වෛරස තත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුලත් වේ.

A person is seen crossing a quiet Flinders Street in Melbourne, Monday, July 19, 2021.  (AAP Image/Daniel Pockett) NO ARCHIVING

A person is seen crossing a quiet Flinders Street in Melbourne, Monday, July 19, 2021. Source: AAP Image/Daniel Pockett

වික්ටෝරියා ප්‍රාන්තය

සැලසුම් කල පරිදි වික්ටෝරියා ප්‍රාන්ත lockdown තත්වය අඟහරුවාදා(20) දින රාත්‍රියේ අවසන් නොවේ.

කෙසේ නමුත් මෙම lockdown තත්වය කොපමණ කලක් පවතීද යන්න සම්බන්ධයෙන් වික්ටෝරියානු අග්‍රාමාත්‍ය Daniel Andrews තීරණය කොට නොමැත.

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 13 දෙනෙකු හමු බව වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. එමගින් එක් ආසාදිතයකු නිරෝධායනයේ පසු වූ ඔස්ට්‍රේලියාවට නැවත පැමිණි අයකු වේ.

මේ අනුව මේ වනවිට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 81 කි

මේ වනවිට හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයිනේ සමීප සම්බන්ධතා 15,800ක් හඳුනාගෙන ඇති අතර මේ වනවිට ප්‍රාන්තය තුල හඳුනාගෙන ඇති කොරෝනා අවදානම් සහිත ප්‍රදේශ සංක්‍යාව 250 ඉක්මවා තිබේ.

කොරෝනා අවදානම් සහිත ප්‍රදේශ පිළිබඳව යාවත්කාලීන වන ලැයිස්තුව සහ සීමාවන් දැනගැනීමට පිවිසෙන්න

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ 75,845 ක් හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් කොරෝනා ආසාදිතයින් 98 ක් හමු වී තිබේ.

මෙමගින් ආසාදිතයින් වැඩි පිරිසක් නිරිත දිග සිඩ්නි ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.

ආසාදිතයින් 61 දෙනෙකු මේ වනවිට හඳුනාගෙන ඇති කොරෝනා පොකුරට සම්බන්ධ වන අතර ආසාදිතයින් 37 දෙනෙකු හට වෛරසය වැළඳුනු අකාරය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කෙරේ

 


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

පෙරවරු 11 සිට , 93.1fm, 97.7fm, 105.5fm

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


 

හඳුනාගත් ආසාදිතයින්ගෙන් 20 දෙනෙකු අවම වශයෙන් එක දිනක් වත් වෛරසය වැළඳී සිටියදී ප්‍රජාව අතර සිට තිබේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ආසාදිතයින් හඳුනාගත් ස්ථාන ලැයිස්තුවට පිවිසෙන්න

ග්‍රේටර් සිඩ්නිහි අලුතින් පනවා ඇති කොරෝනා සීමාවන්ට අනුව සුපිරි වෙළඳසැල්, ෆාමසි, බැංකු සහ මත්පැන් අලෙවිසැල් හැරුණු විට සියලු ඉදිකිරීම් කටයුතු තහනම් කොට තිබේ. එමෙන්ම අත්‍යවශ්‍ය නොවන සිල්ලර වෙළඳසල්ද වසාදැමීමට තීරණය කොට තිබේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ lockdown තත්වය මත දැඩි පීඩනයකට ලක්ව ඇති කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා ලබාදෙන මුල්‍යාධාර සඳහා වන අයදුම්පත් විමසීමට Service NSW සුදානමින් සිටී.

මේ ඔස්සේ මීට පෙර COVID-19 small business grants සහ COVID-19 Support and Small Business Recovery grants ලබාගත් ව්‍යාපාර වලටද මේ සඳහා අයදුම් කළ හැකිය.

අයදුම් පත් භාරගැනීම 2021 සැප්තැම්බර් 13 දින රාත්‍රී 11:59 ට අවසන් වේ.

වැඩි විස්තර සඳහා 2021 COVID-19 business grant – Guidelines වෙත පිවිසෙන්න

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ වනවිට ක්‍රියාත්මක lockdown තත්වය ජූලි 30 වන සිකුරාදා රාත්‍රී 11:59 දක්වා ක්‍රියාත්මක වේ.

පසුගිය පැය 24දී ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වී ඇති තොරතුරු :

  • ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය කිසිදු ප්‍රජා සම්ප්රේෂණයක් වාර්තා නොවී තවත් දිනයක් ගතකොට තිබේ.
  • COVID-19 රෝග ලක්ෂණ ඇති බවට සැක කෙරෙන කාර්ය මණ්ඩල සාමාජිකයින් 7 දෙනෙකු රැගත් භාණ්ඩ නැවක් බටහිර ඕස්ට්‍රේලියාවේ ෆ්‍රීමැන්ටල් වෙත පැමිණ තිබේ.
  • Pfizer එන්නත් මාත්‍රා 800,000 කට වැඩි ප්‍රමාණයක් සිඩ්නි වෙත පැමිණ ඇති අතර 100,000 කට ආසන්න ප්‍රමාණයක් මෙල්බර්න් වෙත පැමිණ තිබේ.

Eid al Adha උත්සවය අද සිට ආරම්භ වන අතර යාඥා සිදු කරන අතරතුර අවධානයෙන් කටයුතු කල යුතු වේ.

  • නිවසේදී යාඥා කිරීමට තෝරා ගැනීම 
  • විශාල එක්වීම් අවලංගු කිරීම 
  • මුහුණු ආවරණ පැළඳීම 
  • යාඥා කිරීමට තමන්ගේම prayer rug එක භාවිත කිරීම

COVID-19 මිථ්‍යා මත:

COVID-19 මගින් නිරෝගී තරුණ පිරිසට බලපෑමක් නොමැත. එය මහලු හෝ රෝගී පුද්ගලයන්ට පමණක් බලපායි.

COVID-19 සත්‍යය:

මෙම වෛරසය වයස්ගත පුද්ගලයින්ට සහ නිදන්ගත රෝග පවතින පිරිසට දැඩි ලෙස බලපායි. එසේම නිරෝගී තරුණ පිරිසට බලපෑමක් සිදු කරයි.

නිරෝධායනය, සංචාරක, පරීක්ෂණ සායන සහ වසංගත ආපදා ගෙවීම්

ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් මගින් නිරෝධායන සහ කොරෝනා පරීක්ෂණ අවශ්‍යතා කළමනාකරණය කිරීම සහ බලාත්මක කිරීම සිදු කරයි.

ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන් අයදුම් කළ යුතුය.

වැඩි තොරතුරු සඳහා Smart Traveller වෙබ් අඩවියේ යාවත්කාලීන වන තොරතුරු වෙත පිවිසෙන්න.


භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus

ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  

ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

COVID-19 Vaccination Glossary

Appointment Reminder Tool


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා වසංගත ගෙවීම් තොරතුරු සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


Share

4 min read

Published

Updated

By SBS/ALC Content, Nipuna Dodangoda

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now