SKIP TO MAIN CONTENT

ජනාධිපති ධුරයට ඩලස්, රනිල් සහ අනුරගේ නම්, සජිත් සටනින් ඉවත් වෙයි

Sri Lanka Politics
Source: Sri Lanka parliament

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: Sri Lankan Media


Skip to article content

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉවත් වීමෙන් හිස් වූ ජනාධිපති ධුරය සදහා නව ජනපතිවරයෙක් තෝරා පත් කර ගැනීමට අදාළ නාමයෝජනා කැදවීම අද (ජූලි 19) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී සිදු විය

මෙහිදි සමගි ජන බල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අනුප්‍රාප්තික ජනපති වශයෙන් පොදු ජන පෙරමුණේ මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාගේ නම යෝජනා කළ අතර ජීල්.පීරිස් මන්ත්‍රීවරයා විසින් එම යෝජනාව ස්ථිර කරන ලදි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (ජූලි 19) දහවල ශ්‍රී ලංකා වේලාවෙන් ට්විටර් සටහනක් තබමින් නිවේදනය කොට සිටියේ ඔහු ජනාධිපති අපේක්ෂකත්වයෙන් ඉවත්වන බවයි. ඔහු සඳහන් කර සිටියේ රටේ සියලු ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා තමන් නිවැරදි තීරණයක් ගත් බවයි.

විපක්ෂ නායකවරයා විසින් නිකුත් කළ ට්විටර් පණිවිඩය පහතින්.

Twitter massage_ Sajith Premadasa
Source: .

මේ අතර පොදු ජන පෙරමුණේ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා විසින් අනුප්‍රාප්තික ජනපතිවරයා වශයෙන් දැනට වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නම යෝජනා කීරීම සිදු කළ අතර මනූෂ නානයක්කාර මන්ත්‍රීවරයා විසින් එම යෝජනාව ස්ථිර කළේය

ජාතික ජන බලවේගයේ විජිත කුමාර හේරත් මන්ත්‍රී තුමන් විසින් අනුප්‍රාප්තික ජනපතිවරයා වශයෙන් අනුර කුමාර දිසානායක මහතාගේ නම යෝජනා කළ අතර මන්ත්‍රීනී හරිනි අමරසූරිය මහත්මිය විසින් එම යෝජනාව ස්ථිර කළාය.

මේ අනුව කථානායකවරයා විසින් අදාළ නම් තුන ස්ථිර කර ඡන්ද විමසීම සදහා ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (ජූලි 20) උදෑසන 10 තෙක් පාර්ලිමේන්තුව කල් තැබිණි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now