ඔස්ට්‍රේලියාවේ වාර්ෂික සංක්‍රමණික කෝටාව කප්පාදු කිරීමේ ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison ගේ යෝජනාව ජනගහන පීඩනය පාලනය කිරීමට විසඳුමක් නොවන බව සංක්‍රමණ කටයුතු පිළිබඳ ප්‍රවීණයින් පවසයි.
විශේෂයෙන්ම ගිණිකොනදිග ක්වීන්ස්ලන්තයේ ජනගහන පීඩනයට එයින් කිසිදු විසඳුමක් නොලැබෙන බවද පැවසේ.

සංක්‍රමණික කෝටාව කප්පාදු කිරීමේ ඔස්ට්‍රේලියානු අගමැතිගේ යෝජනාව
ඔස්ට්‍රේලියාවට වාර්ෂිකව බාර ගන්නා සංක්‍රමණිකයින්ගේ ප්‍රමාණය 30,000 කින් පමණ කප්පාදු කිරීමට තමන් අපේක්ෂා කරන බව ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison පසුගිය නොවැම්බර් 19 වන දින සිඩ්නි නුවරදී පැවසීය.
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල ජනගහන තදබදය පාලනය කිරීම මෙහි මූලික අරමුණ බවද ඔහු එහිදී පැවසීය.
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල ඉහළ යන ජනගහනයට සමගාමීව මාර්ග ඉදි නොවන බවත් එනිසාම ඒවායේ වාහන තදබදය ක්‍රමිකව වර්ධනය වී ඇති බවත් අගමැතිවරයා පෙන්වා දුන්නේය.
තවද, පොදු ප්‍රවාහන සේවාවන් වල මගී තදබදයද ජනගහන වර්ධනය හේතුවෙන් දිනෙන් දින ඉහළ යන බව ඔහු පැහැදිලි කළේය.
ඔස්ට්‍රේලියාවේ ජනගහනය ශීග්‍රව ඉහළ යමින් පවතින සිඩ්නි, මෙල්බර්න් සහ ගිණිකොන දිග ක්වීන්ස්ලන්ත කලාපයන් ඉලක්ක කරගනිමින් අගමැතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.
ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් ගෙන් 75% ක් පමණ අවසානයේ ස්ථාපිත වන්නේ ඉහත සඳහන් ප්‍රදේශ වල බව සඳහන්.
මේ අතර 2027 වන විට බ්‍රිස්බන් නුවර ජනගහනයද මිලියන 3 කරා ළඟා වනු ඇති බව මවෙ සතියේදී වාර්තා විය.

යටිතල පහසුකම් හිඟයට ආගමන ප්‍රතිපත්ති වග කිව යුතු නැහැ.
යටිතල පහසුකම් හිඟයට ආගමන ප්‍රතිපත්ති වග කිව යුතු නැති බව ඔස්ට්‍රේලියාවේ නාගරික සංවර්ධන ආයතනයේ ක්වීන්ස්ලන්ත ශාඛාවේ Kirsty Chessher-Brown, AAP වෙත පැවසුවාය.
දැනට පවතින සංක්‍රමණික කෝටාව ක්වීන්ස්ලන්තයට තීරාණාත්මක බවත් ප්‍රාන්තයේ රැකියා සහ අනෙකුත් සංවර්ධන ක්‍රියා සඳහා සහයෝගය දෙන ප්‍රධාන හේතුවක් ලෙස එය හැඳින්විය හැකි බවත් Kirsty Chessher-Brown පෙන්වා දෙයි.
වාර්ෂික සංක්‍රමණික කෝටාව කප්පාදු කිරීම කාලීන අවශ්‍යතාවක් බව ආගමන කටයුතු අමාත්‍ය David Coleman ද පසුගිය සතියේදී ප්‍රකාශ කර සිටියේය.
නමුත් සංක්‍රමණික කෝටාව කප්පාදු කරමින් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය දේශපාලන වාසි ලබා ගැනීමට තැත් කරන බවට ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජය චෝදනා කරයි.

එලෙස සංක්‍රමණිකයින් කප්පාදු කිරීමෙන් ක්වීන්ස්ලන්තයට කිසිදු සෙතක් අත්නොවන බව ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ ජනවිකාස විද්‍යාඥ ආචාර්ය Elin Charles-Edwards පැවසුවාය.
මෙය ජනගහන වර්ධනය පිළිබඳ අර්බුදයක් නොව යටිතල පහසුකම් ඉදිකිරීම හා ඒවා සංවර්ධනය කිරීම පිළිබඳ අර්බුදයක් බව ඇය පෙන්වා දෙයි.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

