ඔස්ට්‍රේලියාවේ වාසය කරන්නන්ට තම දෙමාපියන් හෝ මුත්තණු මිත්තණියන් ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමට හැකි නව වීසා වර්ගයක් ඔස්ට්‍රේලියානු රජය හඳුන්වා දීමට සූදානම් වෙයි.
ඔස්ට්‍රේලියාවේ වාසය කරන පුද්ගලයින්ගේ පවුල් නැවත එක් කිරීමේ (Family reunite) අරමුණින් ඔස්ට්‍රේලියානු රජය මෙම තීරණය ගත් බව ආගමන කටයුතු අමාත්‍ය David Coleman පවසයි.

නව දෙමාපිය වීසා
Temporary Sponsored Parent visa නමින් හැඳින්වෙන මෙම නව දෙමාපිය වීසා වර්ගය හරහා ඔස්ට්‍රේලියාවේ වාසය කරන්නන්ට තම දෙමාපියන් හෝ මුත්තණු මිත්තණියන් ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමට හැකිවේ.
Migration Amendment (Family Violence and Other Measures) Bill 2016 හෙවත් 2016 සංක්‍රමණික කටයුතු (පවුල් හිංසනය සහ වෙනත් ක්‍රියාමාර්ග) සංශෝධිත පනත ඊයේ දිනයේ (28/11) සෙනට් සභාව තුළදී සම්මත වීමත් සමග මෙම නව වීසා වර්ගය හඳුන්වා දීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට හැකියාව ලැබුණු බව ආගමන කටයුතු අමාත්‍යවරයා පැවසීය.
මෙම නව දෙමාපිය වීසා වර්ගය හරහා තම දෙමාපියන් හෝ මුත්තණු මිත්තණියන් නොකඩවා වසර 5 ක් දක්වා ඔස්ට්‍රේලියාවට ගෙන්වා තබා ගැනීමට හැකිවනු ඇත.
මෙම නව දෙමාපිය වීසා වර්ගය හඳුන්වා දීම මගින් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ඔස්ට්‍රේලියාවේ වෙසෙන සංක්‍රමණික ප්‍රජාවන් කෙරෙහි කැපවීමෙන් කටයුතු කරන අයුරු මනාව ඔප්පු වන බව ආගමන කටයුතු අමාත්‍ය David Coleman නිවේදනයක් නිකුත් කරමින් ඊයේ පැවසීය.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
මේ හරහා නැවතත් සංක්‍රමණික ප්‍රජාවගේ පවුල් නැවත එකතුවීමක් සිදු වන අතර එය ඔස්ට්‍රේලියාවේ සැම ක්ෂේත්‍රයකටම ධනාත්මකව බලපානු ඇතැයි තමන් විශ්වාස කරන බවද ඔහු පැවසීය.
එමෙන්ම මෙම නව දෙමාපිය වීසා හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සිටින සියලු බදු ගෙවන්නන් හට අමතර බරක් දැරීමට සිදු නොවන බවත් ආගමන කටයුතු පිළිබඳ අමාත්‍යවරයා පැහැදිලි කළේය.

කම්කරු පක්ෂය විරුද්ධ වෙයි.
මෙම පනත ඊයේ දිනයේදී සෙනට් සභාවේ සම්මත කරගැනීමට එරෙහිව කම්කරු පක්ෂය ඡන්දය භාවිත කළ බව ආගමන කටයුතු අමාත්‍ය David Coleman නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
සංක්‍රමණික ප්‍රජාවන්ගේ පවුල් නැවත එකතු කිරීම උදෙසා ගන්නා මෙවැනි ක්‍රියාවකට කම්කරු පක්ෂයේ සෙනට් සභිකයින් විරුද්ධ වුයේ ඇයි දැයි කම්කරු පක්ෂයේ සහ විපක්ෂ නායක Bill Shorten, ජනතාවට පැහැදිලි කළ යුතු බවද ඔහු එහිදී පැවසීය.
මේ වන විටත් කම්කරු පක්ෂය ඒ පිළිබඳ කිසිදු පැහැදිලි කිරීමක් සිදුකර නොමැති බවද සඳහන්.

Temporary Sponsored Parent visa (TSP) කොන්දේසි
- තම දෙමාපියන් හෝ මුත්තණු මිත්තණියන් නොකඩවා වසර 5 ක් දක්වා ඔස්ට්‍රේලියාවට ගෙන්වා තබා ගැනීමට හැකිවේ.
- TSP වීසා හරහා පැමිණෙන්නන්ගේ සෞඛ්‍ය වියදම් ඇතුළු සියළු වියදම් ඔස්ට්‍රේලියාවේ වෙසෙන අදාළ අනුග්‍රාහකයින් (දුව හෝ පුතා) විසින් දැරිය යුතුය.
- TSP වීසා හරහා පැමිණෙන්නන් හට ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය රක්ෂණ සේවා සපයන්නෙකු හරහා සෞඛ්‍ය රක්ෂණ ආවරණයක් ලබා ගත යුතුය.
- එය සම්පූර්ණ වීසා කාලයම ආවරණය වන පරිදි ලබා ගත යුතුය.
- TSP වීසා සඳහා අයදුම්පත් කැඳවීම ලබන වසරේ මැද භාගයේ සිට සිදු කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර තිබේ.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

