ඔබේ ආහාර පාන පාලනය කළද ඔබේ බර සිතන පරිදි අඩු කරගැනීමට නොහැකි ඇයි දැයි බොහෝ දෙනෙකු හට ඇති ප්‍රශ්නයකි.
නමුත් ඔබ සිතන සෞඛ්‍යදායී ආහාර එලෙස 100% ක්ම ඔබේ සෞඛ්‍යයට සහ සිරුරේ බර අඩු කරගැනීමට සහයක් වනවාදැයි නැවත ප්‍රශ්න කළ යුතු බව පෝෂණ විශේෂඥයින් පවසයි.
බොහෝ ආහාර පාන වල සැඟවුණු මේද, සීනි හෝ ලුණු ඇති බවත් ඒවා ඔබේ සිරුරේ බර කෙරෙහි තීරණාත්මක ලෙස බලපාන බවත් ඔවුන් පෙන්වා දෙයි.
කිලෝජූල් වලට අමතරව එවැනි සාධක ඔබේ බර වැඩි කිරීමට හේතු සපයයි.
ලොව පුරා සිදු කළ සමීක්ෂණ රැසක සාරාංශගත ප්‍රතිඵල අනුව ඔබේ සිරුරේ බර අඩු කර ගැනීමට යාමේදී ඔබ විසින් සිදුකරන ප්‍රධාන අත්වැරදීම් පහක් පෝෂණ විශේෂඥයින් හඳුනාගෙන තිබේ.
ඒවා පහත පරිදි විස්තර කළ හැකිය.

01. සෑම සලාද වර්ගයක්ම (salads) ඔබට ගුණදායක බව සිතීම.
සෑම එළවලු වර්ගයක්ම ඔබේ සිරුරට ගුණදායකය.
නමුත් සෑම සලාද වර්ගයක්ම ඔබේ සිරුරට සුදුසු නැති බව පෝෂණවේදීන් පෙන්වා දෙයි.
සලාද සෑදීමේදී ඔබ ඊට අමතරව එක් කරන අමුද්‍රව්‍ය ඊට හේතුව ලෙස ඔවුන් දක්වයි.
උදාහරණයක් ලෙස Caesar salad සෑදීමේදී ඔබ කොළ පැහැති සලාද කොළ යොදාගත්තද ඊට එක් කරන බේකන්, පාර්මසන් චීස් සහ ක්‍රීම් සහිත salad dressing වල ඇති ඉහළ මට්ටමේ කිලෝජූල් ප්‍රමාණය හේතුවෙන් ඔබ අපේක්ෂා කරන ප්‍රතිඵල නොලැබී යයි.

02. මම junk food ආහාරයට නොගනිමි, සෞඛ්‍යදායී කෙටි කෑම පමණක් ගනිමි.
ඔස්ට්‍රේලියානුවාසීන් තමන්ගේ කිලෝජූල් ප්‍රමාණයෙන් 30% ක් පමණ ලබාගන්නේ බිස්කට්, චිප්ස් සහ චොකලට් වැනි කෙටි කෑම වලිනි.
නමුත් ඒ කිසිදු ආහාරයකින් හෝ අපට අත්‍යවශ්‍ය පෝෂණ ද්‍රව්‍ය ලබාගැනීමට නොහැකිය.
මේ අතර බොහෝ පුද්ගලයින් සෞඛ්‍යදායී කෙටි කෑම ලෙස muesli bars සහ protein balls වැනි දෑ ආහාරයට ගනී.
ඒවා සෞඛ්‍යදායී නමුත් ඒවායේ ඉතා අධික කිලෝජූල් ප්‍රමාණයක් අඩංගුවේ.
එනිසාම බර අඩු කරගැනීමේදී ඒ පිළිබඳ වඩාත් සිතීම අතිශය වැදගත්ය.

03. සීනි වලට වඩා ස්වභාවික (sweeteners) රසගන්වන දෑ හොඳය.
සීනි භාවිතය ඔබේ සිරුරේ බර හා සෘජුව සම්බන්ධය.
එනිසාම බොහෝ දෙනා බර අඩුකරගැනීමේ අටියෙන් සීනි භාවිතා නොකර මී පැණි හෝ agave syrup වැනි ස්වභාවික රසගන්වන දෑ භාවිත කරයි.
නමුත් සීනි සහ ඒවා අතරද එතරම් විශාල වෙනසක් නොමැති තරම්ය.
එනිසා ඔබේ කෑම වේලට හෝ පාන වර්ග වලට රස අවශ්‍ය විට හැකි තරම් ස්වභාවික පළතුරු හෝ සෝයි වැනි කිරි වර්ග මිශ්‍ර කිරීම වඩා වැදගත්ය.

04. ඕනෑම පළතුරු සහිත දෙයක් සෞඛ්‍යදායී වෙයි.
පළතුරු යොදා හෝ සහිත පිළියෙළ කරගන්නා ඕනෑම ආහාරයක් හෝ පානයක් සෞඛ්‍යදායී බව ඔබ සිතයි.
එනිසාම එයින් බර අඩු කරගැනීමට මනා පිටිවහලක් ලැබෙන බවද ඔබ සිතීමට පුළුවන.
නමුත් එය ඇත්තෙන්ම වැරදි බව පෝෂණවේදීන් පවසයි.
උදාහරණ ලෙස banana bread, පළතුරු smoothies වැනි දෑ දැක්විය හැකිය.
ඊට අමතරව පළතුරු යුෂ පාන වර්ග සාදා බොනවාට වඩා සම්පූර්ණ පළතුරම ආහාරයට ගැනීම වඩා සෞඛ්‍යදායී බව ද පෝෂණවේදීන් පෙන්වා දෙයි.

05. ඇල්කොහොල් වර්ග වල බහුල ලෙස කිලෝජූල් අඩංගු නොවේ.
ඔබේ සිරුරේ බර අඩු කරගැනීමට සිතනවානම් සීනි සහිත පැණි බීම වර්ග ගුණදායී නොවන බව ඔබ දන්නවා ඇත.
එමෙන්ම, වයින් ඇතුළු ඇල්කොහොල් වලද සෑහෙන ප්‍රමාණයක සීනි අඩංගු බව බොහෝ දෙනා නොදන්නා කරුණකි.
අවන්හලකදී සාමන්‍යයෙන් පිළිගන්වන වයින් වීදුරුවක කිලෝජූල් 480 ක් පවතින බව පෝෂණවේදීන් පවසයි.
බීර වර්ග, සයිඩර් වර්ග වැනි බීම වර්ග වලද මෙම තත්ත්වය බොහෝ සෙයින් සමාන වේ.

--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

