ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් මීට පෙර ඕස්ට්‍රේලියානු සමාජයට අනුගත වූ ආකාරයට දැන් එය සිදු නොවන බවත්, ඒ හේතුවෙන් ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාදීමේදී ඉංග්‍රීසි භාෂා පරීක්ෂණයක් හදුන්වාදීම ඉතා වැදගත් බවත් බහුසංස්කෘතික කටයුතු පිළිබද අමාත්‍ය Alan Tudge පවසයි.
සංක්‍රමණිකයින් සතු ඉංග්‍රීසි භාෂා දැනුම අවම වීම හේතුවෙන් මේ ගැටලුව තවත් අයහපත් විය හැකි බවත්, ඒ නිසා පුරවැසි භාවය ලබාදීමේදී ඉංග්‍රීසි භාෂා පරීක්ෂණය හදුන්වා දීම පිළිබඳ තමන් වැඩි අවධානයක් යොමු කරන බවත් SKy ප්‍රවෘත්ති නාලිකාව සමග සාකච්චාවකට එක් වෙමින් ඔහු ප්‍රකාශ කළේය.
ඔස්ට්‍රේලියානු සමාජයේ වටිනාකම් හඳුනාගැනීම මෙන්ම සමාජයත් සමග මනාව බද්ධ වීමට ඉංග්‍රීසි භාෂාව ප්‍රධාන සන්නිවේදන මෙවලම බවට ඔස්ට්‍රේලියානු රජය අපේක්ෂා කරයි.
මෙම යෝජනාව ඇතුළුව ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිරිනැමීමේදී සිදු කිරීමට අපේක්ෂිත රජයේ යෝජනා පසුගිය වසරේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු නමුත් ඒවා සෙනට් සභාවේදී ප්‍රතික්ෂේප විය.
කෙසේවෙතත්, එම වෙනස්කම් වෙනත් අයුරකින් නැවත මේ වසරේ මැද භාගයේදී ඉදිරිපත් කිරීමට රජය අපේක්ෂාවෙන් සිටින බවද වාර්තා වේ.
*****************************************************************************
SBS සිංහල ගුවන් විදුලියට සවන්දෙන්න පුළුවන්
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download) - (select radio 2)
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm – WA
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
********************************************************************************

