SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ 5 වන කොරෝනා වෛරස රෝගියාත් තහවුරු වේ

Wuhan, China
Source: EPA/STRINGER CHINA

2 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

ඕස්ට්‍රේලියාවේ කොරෝනා වෛරසය වැළඳුණු පස්වන පුද්ගලයා ලෙසට නිව් සවුත්වේල්ස් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවක ලෙසට හඳුනා ගෙන තිබේ.

මැය වෙනුවෙන් සිදුකල මූලික පරීක්ෂණයකින් ධනාත්මක ප්‍රතිපලයක් ලැබී ඇති බව ඊයේ ( 26 Jan ) හෙළි කිරීමෙන් පසු නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් ඇයට නිශ්චිතවම කොරෝනා වෛරසය අසාදනය වී ඇති බවට අද (27 Jan ), සඳුදා පස්වරුවේ නිවේදනය කළේය.

නිව් සවුත්වේල්ස් විශ්වවිද්‍යාලයේ ප්‍රකාශකයෙකු පැවසුවේ 21 හැවිරිදි මෙම ශිෂ්‍යාව විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය නේවාසිකාගාර වල සිටින අයෙකු බවයි. එසේම ඇය චීනයේ සිට ඕස්ට්‍රේලියාවට පැමිණි පසු කිසිදු පන්තියකට සහභාගී වී නොමැති බව ද සඳහන් කොට ඇත.

සෞඛ්‍ය බලධාරීන් විසින් පවසන්නේ 21 හැවිරිදි මෙම ශිෂ්‍යාව මෑතකදී චීනයේ වුහාන් සිට සෘජු ගුවන් යානයකින් සිඩ්නි නුවරට පැමිණ ඇති බවයි. පසුව රෝග ලක්ෂණ උත්සන්න වී ඇති අතර ප්‍රතිකාර සඳහා රෝහල් ගත වී ඇත. ඇය දැනට සිඩ්නි හි Westmead රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

මිට පෙර වික්ටෝරියා ප්‍රාන්තයෙන් එක් පුද්ගලයෙකු සහ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයෙන් රෝගීන් තිදෙනෙකු ද වෛරසය අසාදිත රෝගීන් බවට තහවුරු වී තිබිණ.

මේ වන විට චීනයේ මෙම කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 80 දක්වා ඉහල නැග ඇති අතර ලොව පුරා රටවල් 40 ක තවත් පුද්ගලයින් 2700 ක් පමණ මෙම වෛරස ආසාදනයට ලක්ව ඇති බවද වාර්තා වේ.

SBS සිංහල ගුවන් විදුලියට සවන්දිය හැකි අයුරු මෙන්න Image

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now