KEY POINTS:
- සිය ඉල්ලා අස්වීම නිවේදනය කිරීමෙන් පසු හිටපු අමාත්‍ය Alan Tudge ලබන සතියේ ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවෙන් ඉවත් වනු ඇත
- මෙම නිවේදනය මත මෙල්බර්න් හි Aston ආසනයට අතුරු මැතිවරණයක් කැඳවීමට සිදු වේ.
හිටපු ඕස්ට්‍රේලියානු අධ්‍යාපන අමාත්‍ය Alan Tudge තමාට එල්ල වූ විවිධ චෝදනා වලින් වසර දෙකකට පසු දේශපාලනයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කොට ඇත්තේ පසුගිය සතියේ තරම් මෑත කාලයකදී තමාට මරණ තර්ජනද එල්ල වූ බව පවසමිනි.
මේ හේතුවෙන් ඔහුගේ මෙල්බර්න් හි ආසනය වන Aston ආසනය සඳහා අතුරු මැතිවරණයක් කැඳවීමට සිදුව තිබේ. කෙසේ නමුත් හිටපු භාණ්ඩාගාරික Josh Frydenberg සඳහන් කොට ඇත්තේ ඔහුට එම ස්ථානය ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි.
අද (09) Alan Tudge සඳහන් කොට සිටියේ, ලබන සතියේදී තමන් පාර්ලිමේන්තුවෙන් ඉවත් වන බවයි. එමෙන්ම තමා සිදු කල කාර්යය වසර 12 ක කාලයක් පුරා සිදු කල ගෞරවනීයම කාර්යය වශයෙන්ද ඔහු පැවසීය.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී අදහස් දක්වමින්, ඔහු තම වෘත්තීය ජීවිතය හේතුවෙන් තම පවුලට අත්ව ඇති පීඩනය සම්බන්ධයෙන් ද විස්තර කළේය.
කෙසේ නමුත් මෙය පහසු තීරණයක් නොවන අතර මෙය සැහැල්ලුවෙන් නොතැකූ බවත් ඔහු මෙහිදී පැවසීය.
තම පවුල, සෞඛ්‍යය සහ වෙනත් හේතුන් රැසක් හේතුවෙන් මෙම තීරණය ගත් බවත් තම 18 සහ 16 හැවිරිදි දියණියන්ට මරණ තර්ජන ද එල්ල වන බවත් ඔහු මෙහිදී පෙන්වා දී තිබේ.
හිටපු අමාත්‍ය Alan Tudge ගේ මෙම නික්මයාමත් සමග හිටපු භාණ්ඩාගාරික Josh Frydenberg නැවත පාර්ලිමේන්තුවට පැමිණීමට උත්සාහයක් ගනු ඇති ඇතැමුන් විශ්වාසය පල කරයි.
කෙසේ නමුත් හිටපු භාණ්ඩාගාරික Josh Frydenberg මේ වනවිට, ආසියා-පැසිෆික් කලාපයේ ජ්‍යෙෂ්ඨ කලාපීය උපදේශකයෙකු වශයෙන් කටයුතු කරයි.
Alan Tudge තම කතාව අතරතුර තම පවුලෙන් තමාට ලැබුණු සහාය සම්බන්ධයෙන් සඳහන් කොට සිටි අතර ඔහු දේශපාලනයේ නියැලීම සඳහා සෙසු පිරිසව දිරිමත් කොට තිබේ.
ඔහු කියා සිටියේ Aston ආසනයේ සිටින සෙසු දක්ෂයින් ලිබරල් පක්ෂයට හොඳින් සේවය කරන බව තමන් විශ්වාස කරන අතර ප්‍රාදේශීය ප්‍රජාවට හොඳින් සේවය කළ හැකි අයෙකුට එම ආසනය භාරදීමට කාලය පැමිණ ඇති බවයි.
එමෙන්ම තමන් සිටින ස්ථානයේ සිටීම සත්‍ය ලෙසම ගෞරවයක් සහ වරප්‍රසාදයක් වන බවත් ඔහු පැවසීය.

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Anthony Albanese, හිටපු අමාත්‍ය Alan Tudge සිදු කල සේවය අගය කල අතර ඔහු සිය අස්වීම පිළිබඳව සභාවට දැන්වීම සම්බන්ධයෙන් ස්තුතිය පළකොට සිටියේය.
Alan Tudge 2021 වසරේ දෙසැම්බර් මසදී ඔහුගේ කාර්ය මණ්ඩල සාමාජිකාවක වන Rachelle Miller සමග තිබු බවට වූ සම්බන්ධයක් හෙළිදරව් වීමෙන් අනතුරුව පාර්ලිමේන්තු ඉදිරි පෙලින් ඉවත් වීම සිදු විය.
පසුව ඇයට ඩොලර් 650,000 ක පියවීමක් ලැබුණු අතර Alan Tudge ඔහුට එරෙහිව එල්ල වූ අපයෝජන චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කළේය.
එමෙන්ම පසුගිය වසරේ පැවති පරීක්ෂණයකින්, ඔහු මෙම සම්බන්ධය මත අමාත්‍ය ප්‍රමිතීන් කඩකොට ඇතැයි බවට වූ චෝදනා වලින්ද නිදහස් විය.
පසුගිය මසදී, ඔහු robodebt යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් පිහිටවූ රාජකීය කොමිසම ඉදිරියේ ද පෙනී සිටියේය.
ඔහු මෙම robodebt යෝජනා ක්‍රමයේ වගකීම ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ කනිෂ්ඨ අමාත්‍යවරයෙකු ලෙස මෙම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වූ ආකාරය වෙනස් කිරීමට තමාට බලයක් නොතිබූ බවයි.
එම පද්ධතිය ක්‍රියාත්මක කිරීම සහ ක්‍රියාකාරිත්වය නිවැරදි කිරීම තම සතු වූ රාජකාරිය වූ බවත් ඔහු මෙම කොමිසමට පැවසීය.
පසුගිය මැතිවරණයේදී Alan Tudge හට Aston ආසනයෙන් 52.8% ක් බලයක් හිමිවිය

