යළිත් කොරෝනා අවදානමක් මතු කරමින් මෙල්බර්න් නුවරින් අලුතින් කොරෝනා ආසාදිතයින් සිව්දෙනෙකු හමුවෙයි (SBS සිංහල/ වාර්තා)

උතුරු මෙලබර්න් හි Whittlesea ප්‍රදේශයේ වාසය කරන පවුලක් ආශ්‍රිතව අලුතින් කොරෝනා ආසාදිතයින් සිව්දෙනෙකු හමුවී ඇතැයි වික්ටෝරියානු ප්‍රාන්ත රජය අද (24/05) තහවුරු කළේය.

Commuters are seen  wearing a face mask while using the  public transport in Melbourne.

Source: AAP

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ප්‍රජාව අතරින් අලුතින් කොරෝනා ආසාදිතයින් සිව්දෙනෙකු හමුවී තිබේ.

අද (24/05) පෙරවරුවේ අලුතින් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හමුවූ බව තහවුරු වුණු අතර පස්වරුවේ තවත් දෙදෙනෙකු හමුවූ බව වාර්තා විය.


Highlights

  • උතුරු මෙලබර්න් හි Whittlesea ප්‍රදේශයේ වාසය කරන පවුලක් ආශ්‍රිතව අලුතින් කොරෝනා ආසාදිතයින් සිව්දෙනෙකු හමුවී තිබේ.
  • පිරිමින් දෙදෙනෙකු, එක් කාන්තාවක් සහ තරුණ දරුවෙක් ඒ අතර වෙයි.
  • මෙල්බර්න් නුවර lockdown කිරීමකට යාමට තවම සැලසුමක් නැති බව වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මෙල්බර්න් නුවරින් අලුතින් කොරෝනා ආසාදිතයින් සිව්දෙනෙකු හමුවෙයි

උතුරු මෙලබර්න් හි Whittlesea ප්‍රදේශයේ වාසය කරන පවුලක් ආශ්‍රිතව අලුතින් කොරෝනා ආසාදිතයින් සිව්දෙනෙකු හමුවී ඇතැයි වික්ටෝරියානු ප්‍රාන්ත රජය අද (24/05) තහවුරු කළේය.

අද පෙරවරුවේ දෙදෙනෙකු පිළිබඳව තහවුරු වූ බවත් පසුව සිදුකළ කොරෝනා පරීක්ෂණ වලදී තවත් දෙදෙනෙකු තහවුරු වූ බවත් වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ සෞඛ්‍ය අමාත්‍ය Martin Foley විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් නිවේදනය කළේය.

Whittlesea හි පුද්ගලයෙකු ඊයේ කොරෝනා පරීක්ෂණයකට පැමිණ තිබුණු අතර ඉන් අනතුරුව ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන්ට කොරෝනා අනතුරු ඇඟවීමක් ලැබී තිබුණි.

රෝග ලක්ෂණ නොපෙන්වූ වෙනත් නිවසක පදිංචි ඔහුගේ තවත් ඥාති පුද්ගලෙයකු හටද වයිරසය ආසාදනය වී ඇති බවට අද පෙරවරුවේ තහවුරු විය.

මේ අතර Whittlesea පුද්ගලයාගේ පවුලේ සිටින කාන්තාවකට සහ තරුණ දරුවෙකු හටද වයිරසය ආසාදනය වී ඇති බවට පසුව තහවුරු විය.
Victorian Health Minister Martin Foley addresses the media during a press conference in Melbourne, on 22 November, 2020.
Victorian Health Minister Martin Foley Source: AAP

Whittlesea පවුලට වයිරසය ආසාදනය වූ අයුරු

ඇඩිලේඩ් නුවර දින 14 ක් නිරෝධායනය වී මෙල්බර්න් නුවර තම නිවසට පැමිණි වික්ටෝරියානු වැසියෙකුට කොරෝනා වයිරසය ආසාදනය වීමේ සිදුවීමක්  මේ මස මුලදී වාර්තා විය.

එම ආසාදිතයා ආ ගිය ස්ථාන වලට දැන් වයිරසය ආසාදනය වී ඇති පුද්ගලයින් සිව්දෙනා ගොස් ඇති බවට තොරතුරු නැති බව වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ සෞඛ්‍ය අමාත්‍ය Martin Foley පැවසීය.

මේ මස මුලදී වාර්තා වූ ආසාදිතයා ආ ගිය ස්ථාන ලැයිස්තුවට තමන් වැරදි සුපිරි වෙළෙඳ සැලක් නම් කර ඇති බව පසුගිය සිකුරාදා වික්ටෝරියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

මීට සති දෙකකට පෙර එම ලැයිස්තුවේ ඔවුන් සඳහන් කර තිබූ Epping හි පිහිටි Woolworths සුපිරි වෙළෙඳ සැල වැරදි එකක් බවත් නිවැරදි සුපිරි වෙළෙඳ සැල Epping North හි පිහිටි Woolworths සුපිරි වෙළෙඳ සැල බවත් වික්ටෝරියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිවැරදි කරන්නට විය.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


කොරෝනා වසංගතය තවම නිමවී නැහැ

උතුරු මෙල්බර්න් කලාපයේ  Whittlesea ප්‍රදේශයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් සිව්දෙනෙකු හමුවීම හරහා කොරෝනා වසංගතය තවම නිමවී නැති බවට පණිවිඩයක් ලබා දී ඇති බවත් එනිසාම කොරෝනා පරීක්ෂණ නොකඩවා සිදු කිරීම එය පාලනය කිරීමට දැනට ඇති හොඳම ක්‍රියාවලිය බවත් වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ සෞඛ්‍ය අමාත්‍ය Martin Foley පැවසීය.

ඊට අමතරව පොදු ප්‍රවාහන සේවා වලදී අනිවාර්යෙන් මුව ආවරණ පැළඳීම, අවන්හල් සහ වෙළෙඳ සල් වලට ඇතුළුවන අමුත්තන්ගේ තොරතුරු ලබාගැනීමට QR කේතයන් භාවිත කිරීම වැනි ක්‍රියාවලිද අනුගමනය කළ යුතු බව ඔහු පැවසීය.

"අපි දැන් එළඹෙන්නේ ශීත සෘතුවටයි. එනිසාම කොරෝනා වයිරසය පිළිබඳ අවදානයෙන් සිටීම ඉතා වැදගත්. " යනුවෙන් අද පැවති මාධ්‍ය හමුවේදී Martin Foley පැවසීය.

මේ වන විට ආසාදිතයින් ආ ගිය ස්ථාන වල ලැයිස්තුවක් වික්ටෝරියානු කොරෝනා වයිරස් වෙබ් අඩවියේ මෙසේ සඳහන් කර තිබේ.

lockdown කිරීමට තවම අදහසක් නැහැ

අලුතින් ආසාදිතයින් සිව්දෙනෙකු වාර්තා වීමත් සමග මෙල්බර්න් නුවර lockdown කිරීමකට යාමට තවම සැලසුමක් නැති බව වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ සෞඛ්‍ය අමාත්‍ය Martin Foley පැවසීය.

"කොරෝනා නීති පැනවීම් සම්බන්ධයෙන් වික්ටෝරියානුවන් අන් සියල්ලන්ට වඩා විශාල පරිත්‍යාග කර ඇති අතර වයිරසය සම්ප්‍රේෂණය වීම පිළිබඳව අපි බොහෝ දේ ඉගෙන ගෙන ඇත්තෙමු. එනිසා දැනට සිටින ආසාදිතයින් මෙන්ම ඔවුන් ආ ගිය ස්ථාන හඳුනාගෙන ප්‍රවේශම්කාරී ලෙස සිටීම ඉතා වැදගත්." යනුවෙන් ද ඔහු පැහැදිලි කළේය.

මෙවැනි තත්ත්ව වලින් මිදීමට කොරෝනා එන්නත ලබාගැනීම ඉතා වැදගත් බව වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී Brett Sutton පැවසීය.

"අපට ඉහළ එන්නත් ආවරණයක් ලැබෙන තෙක් අපි සැමවිටම අවදානමට ලක් වෙමු" යනුවෙන්ද ඔහු ප්‍රකාශ කළේය.

Share

Published

By Madhura Seneviratne
Source: AAP, SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service