ඕස්ට්‍රේලියානු මහාචාර්ය වරයෙකු පාස්කු ප්‍රහාර කමිටු වාර්තාවේ තම නම සඳහන්ව ඇති නිසා ශ්‍රී ලංකා රජයට නඩු දැමීමට සැරසෙයි (SBS සිංහල/ වාර්තා)

පසුගිය වසරේ ජූලි මාසයේදී කටාර්හි නිවසේදී මහාචාර්ය Thalib ව අත්අඩංගුවට ගෙන මාස හයකට ආසන්න කාලයක් කිසිදු චෝදනාවකින් තොරව සිරගත කළේය.

Australian Lukman Thalib in Turkey, where he is recovering after being released from detention in Qatar.

Australian Lukman Thalib in Turkey, where he is recovering after being released from detention in Qatar. Source: Supplied

2019 අප්‍රේල් 21 වන දින හෙවත් පාස්කු ඉරිදා දින ශ්‍රී ලංකාවේ සිදුකළ මාරාන්තික ත්‍රස්ත බෝම්බ ප්‍රහාරවලට තමන් සම්බන්ධ බවට චෝදනා කරමින් ශ්‍රී ලංකා රජය වාර්තාවක් නිකුත් කිරීමෙන් පසුව ඔස්ට්‍රේලියානු මහාචාර්යවරයෙක් එක්සත් ජාතීන්ගේ සංවිධානයට අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.

පාස්කු ඉරිදා සිදුකළ මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයින් 250 කට අධික සංඛ්‍යාවක් මියගිය අතර තවත් බොහෝ පිරිසක් තුවාල ලැබීය.


Highlights

  • ශ්‍රී ලංකාවේ පාස්කු දින ප්‍රහාරය පිළිබඳ වාර්තාවෙන් ඔස්ට්‍රේලියානු පුරවැසියෙකු වන මහාචාර්ය Lukman Thalib හට චෝදනා එල්ල කර තිබේ.
  • ත්‍රස්තවාදී කණ්ඩායම්වල සාමාජිකයින්ට ආයුධ පුහුණුව සඳහා සිරියාවට යාමට පහසුකම් සපයන බව එම චෝදනා වේ.
  • ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලට කිසිදු සම්බන්ධයක් නොමැති බව මහාචාර්ය Thalib තරයේ ප්‍රතික්ෂේප කරයි.

පාස්කු ප්‍රහාරය පිළිබඳ වාර්තාව

පාස්කු ප්‍රහාරය පිළිබඳ සිදුකළ ජනාධිපති කොමිසමේ වාර්තාව පසුගියදා ප්‍රකාශයට පත් කෙරිණි.

එම වාර්තාවෙන් ත්‍රස්තවාදී කණ්ඩායම්වල සාමාජිකයින්ට ආයුධ පුහුණුව සඳහා සිරියාවට යාමට පහසුකම් සපයන බවට මහාචාර්ය Lukman Thalib හට චෝදනා එල්ල කර තිබේ.

ඔස්ට්‍රේලියානු පුරවැසියෙකු වන මහාචාර්ය Lukman Thalib මෙම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලට කිසිදු සම්බන්ධයක් නොමැති බව ඔහු තරයේ ප්‍රතික්ෂේප කර ඇති අතර තමාට අපහාස කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට එරෙහිව නඩු පවරන බවටද තර්ජනය කර තිබේ.

එමෙන්ම මීට මැදිහත් වන ලෙස ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන්ද ඉල්ලා සිටියි.

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ගිවිසුම යටතේ ඔහුගේ නීතිඥයෝ මේ සඳහා අයදුම්පතක් ද ඉදිරිපත් කළහ.

මහාචාර්ය Thalib ගේ ගෞරවයට, කීර්තියට සහ නිර්දෝෂීභාවයට එරෙහිව අයුක්ති සහගත සහ නීති විරෝධී චෝදනා එල්ල කළ බවට එම අයදුම්පතේ සඳහන් විය.

මේ හරහා බරපතල ලෙස මානව හිමිකම් උල්ලංඝනය කිරීමකට මහාචාර්ය Thalib හසුවී ඇති බවද එහි සඳහන් වේ.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


 

මාධ්‍යයට මෙම ශ්‍රී ලංකාවේ වාර්තාව යාමට පෙර මහාචාර්ය Thalib ට එල්ලවූ මෙම චෝදනා ප්‍රතික්ෂේප කිරීමට ඔහුට අවස්ථාවක් ලබා නොදුන් බව CAGE නමැති  සිරකරුවන්ගේ උපදේශක කණ්ඩායමේ casework කළමණාකාරිනියක වන Naila Ahmed පැවසුවාය.

මෙය සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිය උල්ලංඝනය කිරීමක් බවද ඇය සඳහන් කළාය.

"මහාචාර්ය Thalib ට ශ්‍රී ලංකාව විසින් සිදුකරන අපහාස අවසන් කිරීම සඳහා ශක්තිමත් ලෙස ක්‍රියා කරන ලෙස අපි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා සිටිමු." යනුවෙන්ද Naila Ahmed ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළාය.

තමා ශ්‍රී ලංකාවේ මාධ්‍ය හා දේශපාලන ව්‍යාපාරයේ ගොදුරක් බවත් එය තමාගේ පෞද්ගලික ජීවිතයට හා සෞඛ්‍යයට සැලකිය යුතු ලෙස බලපා ඇති බවත් මහාචාර්ය Thalib පවසයි.

තමාගේ නිර්දෝෂී භාවය ඔප්පු කිරීමට විවිධ ක්‍රියා මාර්ග අනුගමනය කරමින් සිටින අතර එක්සත් ජාතීන් සඳහා යොමු කළ ඉල්ලීම ඉන් එකක් පමණක් බවත් ඔහු පැවසුවේය.

A victim of the Easter Sunday attacks (AAP)
A victim of the Easter Sunday attacks is helped by friends (AAP) Source: AAP

මහාචාර්ය Thalib කටාර් සිර ගෙදරට

පසුගිය වසරේ ජූලි මාසයේදී මහාචාර්ය Thalib ගේ නම පුවත් සිරස්තලවල සඳහන් විය.

කටාර්හි නිවසේදී ඔහුව අත්අඩංගුවට ගෙන මාස හයකට ආසන්න කාලයක් කිසිදු චෝදනාවකින් තොරව සිරගත කිරීම එම සිරස්තල වලට හේතු විය.

ඔහුගේ පුත් Ismail Talib සමඟ ඔහු රඳවා තැබිණි.

මෙම වසරේ ජනවාරි මාසයේදී මෙම දෙදෙනා අනතුරු ඇඟවීමකින් තොරවම නිදහස් කරන ලදී.

ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසම් වාර්තාවට මෙම සිදුවීම සම්බන්ධයක් නොමැති බව වාර්තා වේ.

තමා සහ ඔහුගේ පුතා කටාර් සිරගෙදරදී දරුණු වධහිංසාවලට මුහුණ දුන් බව මහාචාර්ය Thalib මීට පෙර පවසා තිබුණි.

පසුගිය කාලයේ මුහුණ දුන් විවිධ පීඩාවන් නිසා මාස හයකට ආසන්න කාලයක් තුළ ඔහුගේ බර කිලෝග්‍රෑම් 25 කින් පමණ අඩුවී ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.

මහාචාර්ය Thalib සහ ඔහුගේ පුත්‍රයා අත්අඩංගුවට ගැනීමට කිසිදු හේතුවක් මේ වන විටත් ලබා දී නොමැති අතර කටාරි බලධාරීන් විසින් ඒ සම්බන්ධව විධිමත් ලෙස චෝදනා ගොනු කර නොමැති බවද සඳහන්.

මෙය දේශපාලන අවශ්‍යතාවක් මත සිදුකළ ක්‍රියාවක් බව ඔහුගේ පවුලේ උදවිය විශවාස කරයි.


Share

3 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now