ඔස්ට්‍රේලියාවේ රැකියා කරන්නන්ගේ වැටුප් වර්ධනය පිළිබඳ නවතම දත්ත ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය විසින් නිකුත් කර තිබේ.
ඒවාට අනුව 2021 මාර්තු කාර්තු අවසන් වන විට පුද්ගලික අංශයේ වැටුප් 1.4% කින්ද රාජ්‍ය අංශයේ වැටුප් 1.5% කින්ද ඉහළ ගොස් ඇත.
Highlights
- පසුගිය කාර්තුවේ ඉහළම වැටුප් වර්ධන වේගය පෙන්නුම් කර ඇත්තේ Accommodation and food services ක්ෂේත්‍රවලය.
- ඉහළම වාර්ෂික වැටුප් වර්ධන වේගය වාර්තා කර ඇත්තේ අධ්‍යාපනය සහ පුහුණු ක්ෂේත්‍රය වේ.
- පසුගිය කාර්තුවේ ඉහළම වැටුප් වර්ධන වේගය පෙන්නුම් කර ඇත්තේ ටස්මේනියා ප්‍රාන්තය වේ.
පුද්ගලික අංශයේ වැටුප් වැඩිවීම්
- 2020 ජුනි කාර්තුව අවසානයේදී - 1.7%
- 2020 සැප්තැම්බර් කාර්තුව අවසානයේදී - 1.2%
- 2020 දෙසැම්බර් කාර්තුව අවසානයේදී - 1.4%
- 2021 මාර්තු කාර්තුව අවසානයේදී - 1.4%
රාජ්‍ය අංශයේ වැටුප් වැඩිවීම්
- 2020 ජුනි කාර්තුව අවසානයේදී - 2.1%
- 2020 සැප්තැම්බර් කාර්තුව අවසානයේදී - 1.8%
- 2020 දෙසැම්බර් කාර්තුව අවසානයේදී - 1.6%
- 2021 මාර්තු කාර්තුව අවසානයේදී - 1.5%

2021 මාර්තු කාර්තුව තුළ වැටුප් වැඩිවීමට ප්‍රධාන වශයෙන් බලපා ඇති සාධක
2021 මාර්තු කාර්තුව තුළ වැටුප් වැඩිවීමට පහත සඳහන් සාධක ප්‍රධාන වශයෙන් බලපා ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසයි.
- නිතිපතා ක්‍රියාත්මක enterprise agreement හෙවත් ව්‍යවසාය ගිවිසුම වර්ධනය වීම
- ස්වාධීන විධිවිධාන මගින් ගෙවනු ලබන රැකියා සඳහා වැටුප් සමාලෝචන
- Fair Work කොමිසමේ වාර්ෂික වැටුප් සමාලෝචන 2019-2020 තීරණයෙහි ප්‍රතිඵලයක් ලෙස modern awards ලැබීමේ ප්‍රතිශතය වැඩි වීම
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ඔස්ට්‍රේලියාවේ කර්මාන්ත අනුව වැටුප් වර්ධනය
පසුගිය කාර්තුවේ ඉහළම වැටුප් වර්ධන වේගය වන 1.2% පෙන්නුම් කර ඇත්තේ Accommodation and food services ක්ෂේත්‍රවලය.
විදුලිය, ගෑස්, ජලය සැපයුම් හා කසළ සේවා, Rental, hiring සහ දේපළ වෙළෙඳාම් මෙන්ම කලා සහ විනෝදාත්මක සේවා යන ක්ෂේත්‍ර පසුගිය කාර්තුවේ පහළම වැටුප් වර්ධන වේගය වන 0.1% වාර්තා කර තිබේ.
ඉහළම වාර්ෂික වැටුප් වර්ධන වේගය වන 2.2% වාර්තා කර ඇත්තේ අධ්‍යාපනය සහ පුහුණු ක්ෂේත්‍රය වේ.
සමස්තයක් ලෙස ගත් කළ ඔස්ට්‍රේලියාවේ සියලුම කර්මාන්ත පෙර වසරට වඩා අඩු වාර්ෂික වැටුප් වර්ධනයක් වාර්තා කළ බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය සඳහන් කරයි.
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන කර්මාන්ත ක්ෂේත්‍රවල වාර්ෂිකව හා කාර්තුමය වශයෙන් වැටුප් වර්ධනය පහත පරිදි වේ.

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව වැටුප් වර්ධනය
පසුගිය කාර්තුවේ ඉහළම වැටුප් වර්ධන වේගය වන 0.8% පෙන්නුම් කර ඇත්තේ ටස්මේනියා ප්‍රාන්තය වේ.
එම වැටුප් වර්ධනයට ප්‍රධාන වශයෙන් රාජ්‍ය අංශය විසින් දායකත්වය සපයා ඇත.
ක්වීන්ස්ලන්ත හා බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත මෙන්ම Australian Capital Territory පසුගිය කාර්තුවේ අඩුම වැටුප් වර්ධනය වූ 0.4% වාර්තා කර තිබේ.
වාර්ෂිකව අඩුම වැටුප් වර්ධනය ද පෙන්නුම් කර ඇත්තේ Australian Capital Territory ලෙස සඳහන්. එය ප්‍රතිශතයක් ලෙස 1.3% කි.
ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව වාර්ෂිකව හා කාර්තුමය වශයෙන් වැටුප් වර්ධනය පහත පරිදි වේ.

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේදී ඔස්ට්‍රේලියාවේ සියලු ප්‍රාන්ත සහ ටෙරිටරි අඩු වැටුප් වර්ධනයක් පෙන්වා ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසයි.

