ඔස්ට්‍රේලියාවේදී පවුල් හෝ ගෘහස්ථ හිංසනය සිදුකළොත් සිර දඬුවම් වලට අමතරව ලැබෙන බරපතල දඬුවම මෙන්න (SBS සිංහල/ වාර්තා)

ඔස්ට්‍රේලියාවේදී පවුල් හෝ ගෘහස්ථ හිංසනය පුද්ගලයෙකු හට අවමය වසරක් හෝ උපරිමය වසර 5 ත් අතර සිර දඬුවම් පැනවීමට හැකියාව තිබේ.

Domestic violence

Source: Pixabay

මේ ගෙවී යන මැයි මාසය ඔස්ට්‍රේලියාවේ ජාතික ගෘහස්ථ හා පවුල් හිංසනය වැළැක්වීමේ මාසය ලෙස හැඳින්වේ.

ඔස්ට්‍රේලියාවේ ගෘහස්ථ හෝ පවුල් හිංසනය සිදුකරන පුද්ගලයින්ට එරෙහිව ගත හැකි නීතිමය පියවර සහ ඒ සඳහා ඇති දඬුවම් පිළිබඳ මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.


Highlights

  • පවුල් හෝ ගෘහස්ථ හිංසනය සිදු කරන්නෙකුට එරෙහිව ප්‍රධාන වශයෙන් ඔස්ට්‍රේලියාවේ නීතියට අනුව තහනම් නියෝග ලබාගැනීමේ හැකියාව තිබේ.
  • මෙවැනි ආකාරයේ තහනම් නියෝගයක් උල්ලංඝනය කරන පුද්ගලයෙකු ඔස්ට්‍රේලියාවේ අපරාධ නීතියට අනුව වරදකරුවෙකු වේ.
  • ඔස්ට්‍රේලියාව තුළ පවත්වාගෙන යන අපරාධකරුවන්ගේ ලේඛනයට ද අදාළ පුද්ගලයාගේ නම ඇතුළත් කෙරේ.

පවුල් හෝ ගෘහස්ථ හිංසනය සිදු කරන්නෙකුට ඔස්ට්‍රේලියාවේ ලබාදෙන දඬුවම්

පවුල් හෝ ගෘහස්ථ හිංසනය සිදු කරන්නෙකුට එරෙහිව ප්‍රධාන වශයෙන් ඔස්ට්‍රේලියාවේ නීතියට අනුව තහනම් නියෝග ලබාගැනීමේ හැකියාව තිබේ.

පවුල් හෝ ගෘහස්ථ හිංසනය සිදු කරන්නෙකුට එරෙහිව ලබාදෙන පළමු දඬුවම මෙය වේ.

මේ තහනම් නියෝග මගින් හිංසාව සිදුකරන පුද්ගලයාට යම් යම් කොන්දේසි හා තහනම් පනවා හිංසාවට ලක්වූ තැනැත්තා වෙත ඇති ප්‍රවේශය වලක්වන බව මෙල්බර්න් නුවර බැරිස්ටර්වරියක් සහ සොලිසිටර්වරියක් ලෙස කටයුතු කරන ඩිෂ්නි ගල්කොටුව යසමාන්න මහත්මිය SBS සිංහල ගුවන් විදුලියට පැවසුවාය.

ඔස්ට්‍රේලියාවේ විවිධ ප්‍රාන්ත වල එම තහනම් නියෝග විව්ධාකාරයෙන් හඳුන්වනු ලබන අතර ඒවා පහත පරිදි වන බව ඇය සඳහන් කළාය.

  1. ACT - Family Violence Order
  2. නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය - Apprehended Domestic Violence order
  3. Northern Territory - Domestic Violence order
  4. ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය - Domestic Violence order
  5. දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය - Intervention Order
  6. ටස්මේනියා ප්‍රාන්තය - Family Violence Order
  7. වික්ටෝරියා ප්‍රාන්තය - Family Violence Intervention Order
  8. බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය - Family Violence Restraining Order

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


මෙවැනි ආකාරයේ තහනම් නියෝගයක් උල්ලංඝනය කරන පුද්ගලයෙකු ඔස්ට්‍රේලියාවේ අපරාධ නීතියට අනුව වරදකරුවෙකු වන බව ඩිෂ්නි ගල්කොටුව යසමාන්න මහත්මිය පැවසුවාය.

එවිට ඩොලර් 2,400 ත් ඩොලර් 50,000 ත් අතර දඩයකට අදාළ පුද්ගලයාව යටත් කිරීමේ හැකියාව තිබේ.

එමෙන්ම අවමය වසරක් හෝ උපරිමය වසර 5 ත් අතර සිර දඬුවම් පැනවීමටත් හැකියාව තිබේ.

ඊට අමතරව ඔස්ට්‍රේලියාව තුළ පවත්වාගෙන යන අපරාධකරුවන්ගේ ලේඛනයට ද අදාළ පුද්ගලයාගේ නම ඇතුළත් කෙරෙන අතර එහි වසර 10 ක් පුරාවට එම නම සටහන්ව තිබෙන බවද යසමාන්න මහත්මිය පැවසුවාය.

එම පුද්ගලයින්ව පුන්රුත්ත්පාන සේවාවලට මෙන්ම men's behaviour change program වැනි උපදේශන සේවාවලටද යොමු කෙරේ.

The Australian Government dumps controversial domestic violence superannuation policy
Source: Getty Images/Kittisak Jirasittichai/EyeEm

පැමිණිල්ලක් ගොනුකල පසුව සිදුවන නීතිමය ක්‍රියාවලිය

පවුල් හෝ ගෘහස්ථ හිංසනය සිදු කරන්නෙකුට එරෙහිව පැමිණිලි කිරීමෙන් පසුව ඔස්ට්‍රේලියාව තුළ සිදුවන නීතිමය ක්‍රියාවලිය පිළිබඳ මෙල්බර්න් නුවර බැරිස්ටර්වරියක් සහ සොලිසිටර්වරියක් ලෙස කටයුතු කරන ඩිෂ්නි ගල්කොටුව යසමාන්න මහත්මිය SBS සිංහල ගුවන් විදුලියට පහත අයුරින් පැහැදිලි කළේය.

  • Family Violence Order එකක් ලබාගැනීම සඳහා තමාට යාබදව ඇති මහේස්ත්‍රාත් අධිකරණයේ සිවිල් නඩු අංශයට අයදුම්පතක් බාරදීම.
  • මහේස්ත්‍රාත්වරයා අයදුම්පත සලකා බලා තහනම් නියෝගයක් ලබාදීමට නියෝග කරයි.
  • ඒ සමගම නඩුව විභාග කිරීමට දිනයක්ද ප්‍රකාශයට පත් කරයි.
  • නඩුවට දිනයක් ලබා දුන් විට අදාළ පාර්ශව දෙකම එදිනට අධිකරණයේ පෙනී සිටිය යුතුය.
  • පළමු නඩු දිනයේදී වරද පිළිගැනීම, නියෝගයට එරෙහි වීම, නියෝගය ඉල්ලා අස්කර ගැනීම හෝ තහනම් නියෝගය තවත් දිගු කරගැනීමට හැකියාව ඇත.
  • යම් හෙයකින් නියෝගයට විරුද්ධවනවා නම් නඩුව තවදුරටත් විභාග කිරීම සඳහා අධිකරණය විසින් තවත් දිනයක් ප්‍රකාශයට පත් කරයි.
  • එසේ නියම කරගත් දිනයටද පාර්ශව දෙකම අධිකරණයට යා යුතුය.
  • එහිදී නඩුව විභාග කිරීම ආරම්භ කර සාක්ෂි කැඳවීමට තවත් දිනයක් බොහෝ විට නියම කරයි.
  • එම දිනයේදී සාක්ෂි විමසා බලා අවසානයේ අවසාන නඩු විභාගය පවත්වා අධිකරණය අවසන් තීන්දුව ලබාදෙයි.

SBS සිංහල ගුවන්විදුලිය මේ සම්බන්දව සිදුකල සම්මුඛ සාකච්චාවට පහත ලින්ක් එක හරහා සවන්දිය හැකියි. 


3 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS Sinhala program



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now