SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ බෙදා හරින ලද COVID එන්නත් වලින් හතරෙන් එකක් තවමත් ජනතාවට ලබාදී නැහැ (SBS සිංහල/ වාර්තා)

AstraZeneca එන්නත ලබාගන්නා උදවියට කලාතුරකින් රුධිරය කැටි ගැසෙන බවට වූ පුවත නිසා AstraZeneca එන්නත ලබාදෙන වයස් ඛාණ්ඩ සංශෝධනය කිරීම හේතුවෙන් ජනතාව විසින් ඔස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත් ලබාගැනීමේ ප්‍රමාණය අඩුවූ බව කොරෝනා එන්නත් ඔස්ට්‍රේලියාව තුළ බෙදාහැරීමේ මෙහෙයුමේ ප්‍රධානී Eric Young පැවසීය.

WA Premier Mark McGowan is seen receiving his first dose of the COVID-19 AstraZeneca vaccination in Perth, Monday, 3 May, 2021.
WA Premier Mark McGowan is seen receiving his first dose of the COVID-19 AstraZeneca vaccination in Perth, Monday, 3 May, 2021. Source: AAP

3 min read

Published

Updated

By Madhura Seneviratne


Skip to article content

ඔස්ට්‍රේලියාවේ දැනට ලබා දිය හැකි COVID-19 එන්නත් ප්‍රමාණයෙන් හතරෙන් එකක් ලබා දී නොමැති බව නවතම දත්ත වාර්තා කරයි.

පවුලේ වෛද්‍යවරුන්ගේ සායන සහ සෑම ප්‍රාන්තයක්ම හා ටෙරිටරියක්ම ඔවුන් විසින් වෙන් කරන ලද COVID-19 එන්නත් සැපයුමෙන් අඩු ප්‍රමාණයක් භාවිතා කරන බව මින් හෙළිවෙයි.


Highlights

  • මැයි 17 වන දින වන විට ඔස්ට්‍රේලියාව පුරා COVID-19 එන්නත් මාත්‍රා මිලියන 3.1 ක් ලබාදී ඇත.
  • තමන්ට ලැබුණු COVID-19 එන්නත් ප්‍රමාණයෙන් බහුතරයක් ජනතාවට ලබාදී ඇත්තේ ටස්මේනියා ප්‍රාන්තය වේ.
  • COVID-19 එන්නත් අඩුවෙන්ම ලබා දී ඇත්තේ Northern Territory වන අතර එය ප්‍රතිශතයක් ලෙස 58% කි.

ඔස්ට්‍රේලියාවේ තවමත් COVID-19 එන්නත් අඩු ප්‍රමාණයක් ලබාදෙන බව හෙළිවෙයි

මැයි 17 වන දින වන විට ඔස්ට්‍රේලියාව පුරා COVID-19 එන්නත් මාත්‍රා මිලියන 3.1 ක් ලබාදී ඇති බව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම බෙදා හරින ලද එන්නත් වලින් 75% ක්ම ඔස්ට්‍රේලියානුවාසීන්ට ලබාදී ඇති බව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අනාවරණය කළේය.

ඒ අනුව ලබාදී ඇති එන්නත් මාත්‍රා මිලියන 1.5 ක් තවමත් ජනතාවට ලබා දී නොමැත.

ප්‍රාන්ත හා ටෙරිටරි මට්ටමෙන් COVID-19 එන්නත් ලබා දීම

තමන්ට ලැබුණු COVID-19 එන්නත් ප්‍රමාණයෙන් බහුතරයක් ජනතාවට ලබාදී ඇත්තේ ටස්මේනියා ප්‍රාන්තය බව ABC පුවත් වෙබ් අඩවිය පවසයි.

එය ප්‍රතිශතයක් ලෙස 90% කි.

COVID-19 එන්නත් අඩුවෙන්ම ලබා දී ඇත්තේ Northern Territory වන අතර එය ප්‍රතිශතයක් ලෙස 58% කි.

ඔස්ට්‍රේලියාවේ වැඩිම ජනගහනයක් ඇති ප්‍රාන්තය වන නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මැයි 09 වන දින වන විට COVID-19 එන්නත් මාත්‍රා 280,135 ක් ලබා දී ඇති අතර එය ඔවුන්ට ලැබුණු එන්නත් ප්‍රමාණයෙන් 78% කි.

වික්ටෝරියානු ප්‍රාන්තයේ ඊයේ (17/05) වන විට කොරෝනා එන්නත් මාත්‍රා 324,743 ක් ලබා දී තිබේ.

Chanjo ya COVID-19 ya AstraZeneca
AstraZeneca Vaccine. Source: AAP

එන්නත් ලබා ගැනීම අඩුවීම

AstraZeneca එන්නත ලබාගන්නා උදවියට කලාතුරකින් රුධිරය කැටි ගැසෙන බවට වූ පුවත නිසා AstraZeneca එන්නත ලබාදෙන වයස් ඛාණ්ඩ සංශෝධනය කිරීම හේතුවෙන් ජනතාව විසින් ඔස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත් ලබාගැනීමේ ප්‍රමාණය අඩුවූ බව කොරෝනා එන්නත් ඔස්ට්‍රේලියාව තුළ බෙදාහැරීමේ මෙහෙයුමේ ප්‍රධානී Eric Young, ABC පුවත් සේවයට පැවසීය.

නමුත් කොරෝනා එන්නත් ලබා දීමේ අනුපාතය දැන් යළිත් වරක් ඉහළ නගිමින් පවතින බව ඔහු පැවසීය.

පසුගිය බ්‍රහස්පතින්දා එන්නත් මාත්‍රා 83,495 ක් ඇතුළුව පසුගිය සතියේදී පමණක් එන්නත් මාත්‍රා 436,000 ක් ජනතාවට ලබා දී ඇති බවද ඔහු අනාවරණය කළේය.

මැයි 09 වන විට රට පුරා පවුලේ වෛද්‍යවරුන්ගේ සායන වෙත කොරෝනා එන්නත් මාත්‍රා මිලියන 2.6 ක් ලබා දී ඇති අතර ඒවායින් එන්නත් මාත්‍රා මිලියන 1.7 ක් මේ වන විට ජනතාවට ලබා දී තිබේ.

මේ අතර එන්නත් මාත්‍රා 305,000 ක් aged සහ disability care මධ්‍යස්ථාන වෙත බාර දී ඇති බවත් ඒවා සියල්ලම පුද්ගලයන්ට ලබාදී ඇති බවත් නවතම දත්ත වාර්තා කරයි.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වයස අවුරුදු 40 ත් 49 ත් අතර පසුවන 110,000 ක පිරිසක් Pfizer එන්නත ලබාගැනීම සඳහා ලියාපදිංචි වී ඇති බව ප්‍රාන්ත රජය දන්වා සිටියි.

එමෙන්ම වික්ටෝරියා ප්‍රාන්තයේ වයස 50 ට අඩු ඉදිරි පෙළ සෞඛ්‍ය සේවකයින්ට සහ ආබාධිත සේවා සේවකයින්ට මෙන්ම රැකබලා ගන්නන්ට දැන් Pfizer එන්නත ලබා ගත හැකිය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now