ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා දෙන Skilled Migration වැඩසටහනේ අප්‍රේල් මාසයේදී ආරාධනා පත්‍ර ලැබුණු රැකියා මෙන්න (SBS සිංහල/ වාර්තා)

කොරෝනා වසංගතයට පෙර සාමන්‍යයෙන් මසකට ආරාධනා පත්‍ර 2500 ක් නිකුත් කෙරුණු නමුත් මෙවර එම ප්‍රමාණය 1,840 කින් කප්පාදු කර තිබේ.

Skilled Migration Invitation Rounds

Source: Pixabay

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට අවස්ථාව සලසන නිපුණතා සංක්‍රමණික ලැයිස්තුවට (Skilled Migration List) අදාළ 2021 අප්‍රේල් මාසයේ ආරාධනා පත්‍ර වටයේ (Invitation Round) තොරතුරු මේ වන විට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ 2020/21 නව මුල්‍ය වර්ෂයේ Skilled වීසා වලට අදාළ අටවන ආරාධනා පත්‍ර වටය ලෙස මෙය වාර්තා වේ.


Highlights

  • 2021 අප්‍රේල් මාසයේ ආරාධනා පත්‍ර වටයේ දී Skilled Independent වීසා (subclass 189) සඳහා ආරාධනා පත්‍ර 500 ක් නිකුත් කර තිබේ.
  • IT සහ Accounting වෘත්තීන් ට අදාළ වෘත්තීන් සඳහා මෙවර කිසිදු ආරාධනා පත්‍රයක් නිකුත් කර නැති බව වාර්තා වේ.
  • මෙම කාලය තුළ නිකුත් වී ඇති ආරාධනා පත්‍ර වලින් බහුතරයක් නිකුත් වී ඇත්තේ සෞඛ්‍ය වෘත්තීන් සඳහාය.

2021 අප්‍රේල් මාසයේ ආරාධනා පත්‍ර වටය

2021 අප්‍රේල් මාසයේ ආරාධනා පත්‍ර වටයේ දී Skilled Independent වීසා (subclass 189) සඳහා ආරාධනා පත්‍ර 500 ක් ද Skilled Work Regional (Provisional) – Family Sponsored වීසා (subclass 491) සඳහා ආරාධනා පත්‍ර 160 ක් ද නිකුත් කර ඇති බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය වාර්තා කරයි.

කොරෝනා වසංගතයට පෙර සාමන්‍යයෙන් මසකට ආරාධනා පත්‍ර 2500 ක් නිකුත් කෙරුණු නමුත් ඉන් අනතුරුව එම සංඛ්‍යාව බොහෝ සෙයින් කප්පාදු කෙරිණි.

ඒ අනුව බලන කල මෙවර එම ප්‍රමාණය 1,840 කින් කප්පාදු කර තිබේ.

එය ප්‍රතිශතයක් ලෙස ගත් කළ 73.6% ක කප්පාදුවකි.

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය අපේක්ෂාවෙන් නිපුණතා සංක්‍රමණික වීසා (Skilled Migration Visa) සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තුවන අයදුම්කරුවන්ට මේ හේතුවෙන් විශාල කාලයක් බලා සිටීමට සිදුව තිබේ.

Australian visa and citizenship processing times
Source: SBS

ආරාධනා පත්‍ර කප්පාදුවට හේතු

Skilled Independent වීසා (subclass 189) සහ Skilled Work Regional (Provisional) වීසා (subclass 491) – Family Sponsored සඳහා ආරාධනා පත්‍ර කප්පාදුවට ප්‍රධානතම හේතුව පවතින කොරෝනා වසංගතය බව අනුමාන කළ හැකිය.

විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවේ දේශ සීමා තවමත් වසා දමා ඇති බැවින් විදෙස් රටවල සිටින තාවකාලික හෝ නිපුණතා සංක්‍රමණිකයින් හට තවමත් ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවස්ථාව නොලැබේ.

මේ හේතුවෙන් ඔස්ට්‍රේලියානු 2020/21 අය වැයේදී Skilled වීසා සඳහා තිබෙන වාර්ෂික කෝටාවද සැලකිය යුතු ලෙස අඩු කර ඇත.

ඊට අමතරව සංක්‍රමණිකයින් ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප වෙත යොමු කිරීම උදෙසා subclass 189 වීසා නිකුත් කිරීම සැලකිය යුතු අඩු කිරීමටද රජය කටයුතු කරමින් සිටින බවත් ඒ වෙනුවට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි මගින් ක්‍රියාත්මක වන නිපුණතා සංක්‍රමණික වැඩසටහන් වලින් සැලකිය යුතු ආරාධනා පත්‍ර සංඛ්‍යාවක් නිකුත් කිරීමටත් පියවර ගෙන තිබේ.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


IT සහ Accounting සඳහා මෙවරත් ආරාධනා පත්‍ර නැහැ

ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය පෙන්වන පරිදි ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික ලැයිස්තුවේ වඩාත් ජනප්‍රියම සහ වැඩිම ඉල්ලුමක් ඇති IT සහ Accounting ක්ෂේත්‍ර වලට අදාළ වෘත්තීන් සඳහා මෙවර ආරධනා පත්‍ර වටයේ කිසිදු ආරාධනා පත්‍රයක් නිකුත් කර නැත.

ඉංජිනේරු ක්ෂේත්‍රයේ ද Industrial, Mechanical and Production Engineers (Occupation ID: 2335) සහ Other Engineering Professionals  (Occupation ID: 2339) යන වෘත්තීන් සඳහා පමණක් මෙවර වටයේ ආරාධනා පත්‍ර නිකුත් කර තිබේ.

මෙම කාලය තුළ නිකුත් වී ඇති ආරාධනා පත්‍ර වලින් බහුතරයක් නිකුත් වී ඇත්තේ General Practitione, Medical Practitioner, Psychiatrist, Registered Nurse, Midwife වැනි සෞඛ්‍ය වෘත්තීන් සඳහා බවද පැවසේ.


 

SBS සිංහල Facebook පිටුවට පිවිස ඔස්ට්‍රේලියාව පිළිබඳ නවතම තොරතුරු දැනගන්න.


3 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now