ඔස්ට්‍රේලියාවේ First-home buyersලාට හඳුන්වා දුන් First Home Super Saver වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි (SBS සිංහල/ වාර්තා)

තමන් නිවසක් මිලට ගැනීමට සූදානම් වීමේදී එලෙස ඉතිරිකරගත් මුදල් තම super ගිණුමෙන් ලබාගැනීමට First Home Super Saver වැඩසටහන හරහා අවස්ථාව ලබා දේ.

First-home buyers

How the First Home Super Saver Scheme works Source: Pixabay

ඔස්ට්‍රේලියාවේ First-home buyers හෙවත් පළමු නිවාසය මිලදී ගන්නන්ට ඔවුන්ගේ super ගිණුමට අමතර මුදල් තැන්පත් කර බදු සහන සමග නිවසක් මිලදී ගැනීමට අවස්ථාව ලබා දී තිබේ.

මෙම වෙනස්කම පසුගිය මැයි 11 වන දින ප්‍රකාශයට පත් කළ 2021/22 ඔස්ට්‍රේලියානු අය වැයේදී හෙළි කෙරුණි.


Highlights

  • අනාගත නිවාස ගැනුම්කරුවන්ට දේපල මිලදී ගැනීම සඳහා ඔවුන්ගේ superannuation ගිණුම් හරහා ඩොලර් 50,000 ක් දක්වා ඉතිරි කර ගැනීමට මෙය ඉඩ ලබාදේ.
  • මේ හරහා තමන්ගේ super ගිණුම් සඳහා තමන්ටම අමතර දායකත්වයක් ලබා දිය හැකි අතර අනාගතයේදී එම ඉතිරිකිරීම් ආපසු ලබාගැනීමට හැකිය.
  • First-home buyers ලාට තම සේවායෝජකයා හට දැනුම්දී මෙම නව ක්‍රමය සඳහා තමන්ගේ වැටුප සකස් කළ හැකි බව සඳහන්.

First-home buyers ලාට ලැබෙන නවතම ප්‍රතිලාභය

First Home Super Saver Scheme වැඩසටහන යටතේ මෙම සහනය ලැබෙන බව වාර්තා වේ.

අනාගත නිවාස ගැනුම්කරුවන්ට දේපල මිලදී ගැනීම සඳහා ඔවුන්ගේ superannuation ගිණුම් හරහා ඩොලර් 50,000 ක් දක්වා ඉතිරි කර ගැනීමට එය ඉඩ ලබාදෙන බව ඔස්ට්‍රේලියාවේ නිවාස හා දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ වෙබ් අඩවියක් වන Domain වෙබ් අඩවිය පවසයි.

මෙය පෙර පැවති ඩොලර් 30,000 සීමාව ඉහළ දැමීමකි.

තම සේවායෝජකයින් හෙවත් ආයතන දැනටමත් තමන්ගේ super ගිණුම් සඳහා ගෙවා ඇති මුදල් ආපසු ලබාගැනීමට සේවකයින්ට නොහැකිය.

ඒ වෙනුවට, ඔවුන්ට ඔවුන්ගේ super ගිණුම් සඳහා ඔවුන්ගේම අමතර දායකත්වයක් ලබා දිය හැකි අතර, අනාගතයේදී එම ඉතිරිකිරීම් ආපසු ලබාගැනීමට හැකිය.

super ගිණුම් සඳහා මුදල් යොමු කිරීමේදී බදු සහනයක් ලැබෙන නිසා තම වැටුප බැංකු ගිණුමකට යොමු කරනවට වඩා බදු සහනයක් සේවකයින්ට ඒ හරහා ලැබේ.

First home buyer
First home buyer Source: Getty

උදාහරණයකින් පැහැදිලි කළොත්

සේවකයෙකු තමන්ගේ වැටුපෙන් $100 ක් තම super ගිණුමට දායක කරයි නම් එම පුද්ගලයා හට 15% ක බද්දකට යටත් වීමට සිදුවන අතර $85 ක මුදලක් ඉතිරුම් ලෙස යොමුවේ.

නමුත් එම සේවකයාම තමන්ගේ සාමාන්‍ය බැංකු ගිණුමට ඩොලර් 100 ක වැටුපක් ගෙවනු ලැබේ නම් එම පුද්ගලයා හට 34.5% බද්දකට යටත් වීමට සිදුවන අතර $65.50 ක ඉතුරුවක් පමණක් ලැබේ.

එම ක්‍රම දෙක අතරින් පළමු ක්‍රමය හරහා $19.50 ක ප්‍රතිලාභයක් ලැබෙන බව පැහැදිලිය.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


First Home Super Saver වැඩසටහන සකස් කරගැනීම 

First-home buyers ලාට තම සේවායෝජකයා හට දැනුම්දී මෙම නව ක්‍රමය සඳහා තමන්ගේ වැටුප සකස් කළ හැකි බව සඳහන්.

තමන් නිවසක් මිලට ගැනීමට සූදානම් වීමේදී එලෙස ඉතිරිකරගත් මුදල් තම super ගිණුමෙන් ලබාගැනීමට අවස්ථාව ලබා දේ.

ඔවුන්ට නිවසක් මිලට ගැනීමට මාස 12 ක කාලයක් ලැබෙන අතර එය අවශ්‍යනම් තවත් මාස 12 කින් දීර්ග කිරීමටද අවස්ථාව ලැබේ.

ඔවුන්ට නිවසක් මිලට ගැනීමට නොහැකි වුවහොත් හෝ මිලදී නොගත්තේ නම් හෝ ඔවුන්ට එම අත්පිට මුදල් තමා සතුව තබාගත හැකිය.

නමුත් ඒ සඳහා බදු අයකරගනු ඇත.


3 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now