කොරෝනා වසංගතයෙන් අනතුරුව ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වන විට තාවකාලික වීසා බලපත්‍රලාභීන්ට ඔස්ට්‍රේලියානු රැකියා වෙළෙඳපොළේ පුරප්පාඩු සපුරාලිය හැකි ආකාරය ගැන ඔස්ට්‍රේලියාව සිතා බැලිය යුතු බව ඔස්ට්‍රේලියානු අග්‍රාමත්‍ය Scott Morrison පවසයි.
ඔස්ට්‍රේලියානු ආර්ථික අවපාතයෙන් ආර්ථිකය ගොඩගැනීම අරමුණු කරගනිමින් අද (09/03) දිනයේදී පැවති ඔස්ට්‍රේලියානු මූල්‍ය සමාලෝචන ව්‍යාපාර සමුළුවේදී ඔහු ඒ බව ප්‍රකාශ කළේය.
Highlights
- ඔස්ට්‍රේලියානුවන් විසින් යම් යම් රැකියා නොකරන විට එම රැකියා වෙනත් අයෙකු විසින් කළ යුතුව ඇති බව අගමැතිවරයා අවධාරණය කළේය.
- ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප වල රැකියා පුරප්පාඩු සපුරාලීම සඳහා වීසා කොන්දේසි සකස් කිරීම මෙයට ඇතුළත්.
- ඔස්ට්‍රේලියානු රැකියා වෙළෙඳපොළේ ඇති අත්‍යවශ්‍ය සහ තීරණාත්මක රැකියා පුරප්පාඩු පිරවීමට තාවකාලික වීසා බලපත්‍රලාභීන් යොදාගැනීමට අවධානය යොමු කෙරේ.
කොරෝනා වසංගතය හා ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික වැඩසටහන
කොරෝනා වසංගතය නිසා මේ වන විට ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික වැඩසටහන නතර වී තිබේ.
මේ හේතුව නිසා දෙවන ලෝක යුද්ධයෙන් පසු ප්‍රථම වතාවට ඔස්ට්‍රේලියාවට බාරගන්නා සංක්‍රමණිකයින් ගේ ප්‍රමාණය ඍණාත්මක මට්ටමට පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම බලපෑමෙන් පසු සංක්‍රමණික වැඩපිළිවෙල නැවත සකස් කිරීම පිළිබඳව රජය විවෘත මනසකින් සිටිය යුතු බව අගමැති මොරිසන් මහතා පැවසීය.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
"ඔස්ට්‍රේලියානුවන් විසින් නොපුරවන රැකියා ඇති විට අපගේ ආර්ථිකයේ ශ්‍රම බලකායේ අවශ්‍යතා සපුරාලීමේදී තාවකාලික වීසා බලපත්‍රලාභීන් ඉටුකරන කාර්යභාරය පිළිබඳව අප නැවත සොයා බැලිය යුතුයි." යනුවෙන් අගමැති මොරිසන් ප්‍රකාශ කළේය.
ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා ලබා ගැනීම වෙනුවට, තාවකාලික වීසා බලපත්‍රලාභීන් සමඟ ඔස්ට්‍රේලියානු රැකියා වෙළෙඳපොළේ ඇති අත්‍යවශ්‍ය සහ තීරණාත්මක (critical) රැකියා පුරප්පාඩු පිරවීම හරහා රැකියා උත්පාදනය කරන්නේ කෙසේද යන්න පිළිබඳවද අවධානය යොමු කළ යුතු බව ඔහු සඳහන් කළේය.
කොරෝනා වසංගතය අවසන් වූ විට වුවද මෙය අවසන් නොවන බව තමන්ට සහතික විය හැකි බවද ඔස්ට්‍රේලියානු අග්‍රාමත්‍ය Scott Morrison වැඩි දුරටත් පැවසීය.

2020/21 මුල්‍ය වර්ෂයේ අහිමිවන සංක්‍රමණිකයින්
2020/21 මුල්‍ය වර්ෂය සඳහා ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයින් 72,000 ක් පමණ අහිමි වන බව පසුගිය ඔක්තෝබර් මාසයේ එළිදක්වන ලද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අය වැය ඇස්තමේන්තුගත කර තිබේ.
මේ අතර විදෙස් රටවලින් ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් ගේ සංඛ්‍යාව 2022/23 මුල්‍ය වර්ෂය වනතෙක් යථා තත්ත්වයට පත් නොවනු ඇතැයි විශ්වාස කෙරේ.
සංක්‍රමණිකයින් නොමැතිවීම නිසා දැඩි ශ්‍රම හිඟයකට මුහුණ දී ඇත්තේ ඔස්ට්‍රේලියාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය වේ.
ඔස්ට්‍රේලියානු කෘෂිකාර්මික හා සම්පත් ආර්ථික කාර්යාංශයට අනුව horticulture ක්ෂේත්‍රයේ පමණක් සේවකයින් 22,000 ක් පමණ හිඟ බව ඇස්තමේන්තු කර ඇත.

තාවකාලික වීසා ඛාණ්ඩ සමාලෝචනය කිරීමට සූදානම්
තාවකාලික වීසා බලපත්‍රලාභීන් මත වැඩිපුර රඳා පවතින කෘෂිකර්මාන්තය සහ hospitality වැනි අංශ සඳහා වූ වීසා ඛාණ්ඩ සමාලෝචනය කිරීම පිළිබඳව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට සලකා බැලිය හැකි බව අගමැති මොරිසන් මහතා පැවසීය.
ඔස්ට්‍රේලියානුවන් විසින් අදාළ රැකියා නොකරන විට එම රැකියා වෙනත් අයෙකු විසින් කළ යුතුව ඇති බවද අගමැතිවරයා අවධාරණය කළේය.
ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප වල රැකියා පුරප්පාඩු සපුරාලීම සඳහා වීසා කොන්දේසි සකස් කිරීම මෙයට ඇතුළත් බවද අගමැති මොරිසන් පැවසීය.
SBS සිංහල Facebook පිටුවට පිවිස ඔස්ට්‍රේලියාව පිළිබඳ නවතම තොරතුරු දැනගන්න.
ස්ථිර වීසා මත කොන්දේසි පැනවිය නොහැකි වුවත් තාවකාලික වීසා මත කොන්දේසි පැනවිය හැකි වීම මෙහිදී රජය පසින් වාසියක් බවද ඔහු සඳහන් කළේය.
අදාළ කොන්දේසි හරහා අදාළ වීසා ලාභීන් ප්‍රධාන නගර වලින් බැහැරව ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප වෙත යාමට මාර්ගය සකස් කළ හැකි බවද ඔහු පැවසීය.
මේ අතර ඔස්ට්‍රේලියාවේ ස්ථිර වීසා ලබාගැනීම සඳහා ද සංක්‍රමණිකයින්ට මාර්ග සකස් කිරීම ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් කළ යුතු බව ආගමන කටයුතු පිළිබඳ කම්කරු පක්ෂයේ නියෝජිතවරිය වන Kristina Keneally පැවසුවාය.

