ඔස්ට්‍රේලියාවේ චිකිත්සක භාණ්ඩ පරිපාලනය (TGA) විසින් අනුමත කොවිඩ් එන්නතක් ලබාගෙන එමගින් අහිතකර ප්‍රතිඵල ලැබු ජනතාවට වන්දි ලබා ගැනීමේ යෝජනා ක්‍රමයක් ආරම්භ කර තිබේ.
කොවිඩ් එන්නත ලබාගැනීම නිසා සිදුවූ සනාථ කළ හැකි අහිතකර ප්‍රතිඵලයක් හේතුවෙන් අදාළ පුද්ගලයා දරනු ලැබූ රෝහල් ගාස්තු වැනි සෞඛ්‍ය වියදම්, සිදුවූ ආදායම් අහිමි වීම්, වේදනාව සඳහා මෙම වැඩසටහන හරහා වන්දි ගෙවනු ඇත.
Highlights
- ඔස්ට්‍රේලියාවේ අනුමත කළ Pfizer, Moderna සහ AstraZeneca කොවිඩ් එන්නත් ලබාගෙන අහිතකර ප්‍රතිඵල ඇතිවුවන්ට මෙම වන්දි ක්‍රමයට අයදුම් කළ හැකිය.
- 2021 සැප්තැම්බර් 6 සිට මේ සඳහා ලියාපදිංචි විය හැකිය.
- 2021 පෙබරවාරි 22 දින සිට backdate කර මෙම වන්දි ක්‍රමය ක්‍රියාත්මක කෙරේ.
මධ්‍යස්ථ සිට සැලකිය යුතු අහිතකර ප්‍රතික්‍රියාවලට ගොදුරු වූ රෝගීන් යන පාර්ශව දෙකටම COVID-19 Vaccine Claim වැඩසටහන හරහා වන්දි ලබාගත හැකිය.
මේ වන විට ඔස්ට්‍රේලියාවේ චිකිත්සක භාණ්ඩ පරිපාලනය විසින් ඔස්ට්‍රේලියානුවාසීන් සඳහා අනුමත කළ කොවිඩ් එන්නත් ලෙස Pfizer, Moderna සහ AstraZeneca හැඳින්වේ.
එනිසා ඔස්ට්‍රේලියාවේ භාවිතා කිරීම සඳහා අනුමත කර ඇති ඒ සියලුම එන්නත් වල අතුරු ආබාධවල සැක සහිත දේ නිරීක්ෂණය කිරීම එහි වගකීම වේ.
ඒ අනුව Pfizer, Moderna සහ AstraZeneca එන්නත් ලබා අහිතකර අතුරු ආබාධ ඇතිවූ හෝ වෙනත් ආබාධ ඇතිවූ පුද්ගලයින්ට රැකියා නිවාඩු, වෛද්‍ය සහ වෙනත් වියදම් සඳහා වන්දි ලබා ගැනීමට 2021 සැප්තැම්බර් 6 සිට ලියාපදිංචි විය හැකිය.

වන්දි ලබාගැනීම ක්‍රියාත්මක වන්නේ කෙසේද?
Services Australia හි ඒ සඳහා වන portal එක ක්‍රියාත්මක වූ විට සහ අදාළ ලේඛන භාර ගත හැකි විට මෙම වැඩසටහන හරහා වන්දි ලබාගැනීම පිණිස ලියාපදිංචිවූවන්ට ඉදිරියට කුමක් කළ යුතුද යන්න දැනුම් දෙනු ඇත.
ඩොලර් 5,000 ත් 20,000 ත් අතර වන්දි ඉල්ලීම් සඳහා ඒවා සනාථ කිරීමට අදාළ රෝගීන් පහත සඳහන් සාක්ෂි ලබා දිය යුතුය:
- TGA විසින් අනුමත කොවිඩ් එන්නතක් ලබාගෙන තිබීම.
- අහිතකර අතුරු ආබාධ හෝ අනෙකුත් ආබාධ සඳහා කොවිඩ් එන්නත හේතුවූ බවට වන වෛද්‍ය ලේඛන
- රෝහල්ගත කළ බවට වූ සාක්ෂි
- සිදු වූ අලාභය සනාථ කිරීමට සාක්ෂි
ඩොලර් 20,000 ක් සහ ඊට වැඩි වන්දි ඉල්ලීම් ස්වාධීන විද්වත් මණ්ඩලයක් විසින් තක්සේරු කරන අතර ඔවුන්ගේ නිර්දේශ මත අදාළ වන්දි ගෙවනු ඇත.
කෙසේ වෙතත්, මෙම ඛාණ්ඩය සඳහා අවශ්‍ය සාක්ෂි අවශ්‍යතා තවමත් සකසමින් පවතී.
කොවිඩ් එන්නත සම්බන්ධ ඉතාමත් දුර්ලභ ගණයේ මරණයක් වුවද මෙම වන්දි ක්‍රමය මගින් ආවරණය කෙරෙන අතර එහිදී ගෙවිය යුතු මුදලට සීමාවක් නොමැත.
ඔස්ට්‍රේලියාවේ කොවිඩ් එන්නත ලබා ගත් කිසිදු පුද්ගලයෙකුට අවාසිදායක තත්ත්වයක් ඇති නොවන බව සහතික කිරීම සඳහා, 2021 පෙබරවාරි 22 දින සිට මෙම වන්දි ක්‍රමය ක්‍රියාත්මක කෙරේ.

වන්දි ක්‍රමය පිළිබඳ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රසාදය
ඔස්ට්‍රේලියාවේ වසංගත රෝග ප්‍රතිචාරයේ කොටසක් ලෙස ජීවිතාරක්‍ෂකවට එන්නත් ලබා දීමේදී සෞඛ්‍ය සේවකයින් පීඩාවට පත් නොවන අධිකරණ ක්‍රියාදාමයන් සිදු නොකිරීමට මෙම වන්දි ක්‍රමය මඟින් සහතික වන බව ඔස්ට්‍රේලියානු වෛද්‍ය සංගමය පවසයි.
කොවිඩ් එන්නත්කරණ ඉලක්ක වෙත ළඟාවීම සඳහා කැපවී සිටින ව්‍යාපාරවලට වන්දි ගෙවීමේ විධිවිධාන ගැන සැලකිලිමත් නොවී තම සේවා ස්ථාන එන්නත්කරණ මධ්‍යස්ථාන බවට පත් කිරීමෙන් දැන් උපකාර කළ හැකි බව ඔස්ට්‍රේලියානු වාණිජ හා කර්මාන්ත මණ්ඩලය පෙන්වා දෙයි.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.







