Highlights
- තාවකාලික උපාධි වීසා බලපත් (Temporary Graduate visa 485) කාණ්ඩයේ ගැටලු
- Temporary Activity visa (subclass 408) කාණ්ඩය
- සිඩ්නි, මෙල්බර්න් සහ බ්‍රිස්බේන් හි ඉගෙනගත් තාවකාලික උපාධි වීසා බලපත් ලාභීන් මුහුණ දී ඇති අභියෝග
- තාවකාලික උපාධි වීසා බලපත් ලාභීන් සඳහා සංක්‍රමණ ඒජන්තවරියගේ උපදෙස්
ඔස්ට්‍රේලියාවට සිය ඉගෙනීම් කටයුතු සිදු කිරීම සඳහා පැමිණෙන බොහෝ පිරිසකගේ අවසාන බලාපොරොත්තුව වශයෙන් මෙරට පුරවැසි භාවය ලබාගැනීම හැඳින්විය හැකියි.
කෙසේ නමුත් පසුගිය කාලයේදී සමස්ත ලෝකයටම මෙන්ම ඔස්ට්‍රේලියාවත් දැඩි අභියෝගයක් එල්ලකළ කොරෝනා වසංගතය හමුවේ ඕස්ට්‍රේලියාව තුල සිය ඉගෙනීම් කටයුතු සිදු කිරීම සඳහා පැමිණ සිටි බොහෝ පිරිසකට විවිධ දරුණු අභියෝගයන්ට මුහුණ දීමට සිදුවීම නොරහසක්.
නමුත් මේ වනවිට, එම අභියෝගය තවත් තීව්ර කරමින්, ඔස්ට්‍රේලියාවේ වෙසෙන තාවකාලික උපාධි වීසා බලපත් ලාභීන් (Temporary Graduate visa 485) කොටසකට කටුක අත්දැකීම් රැසකට මුහුණ දීමට සිදුව තිබේ. එනම්, මේ වනවිට තාවකාලික උපාධි වීසා ලාභීන් හට (Temporary Graduate visa 485) අධ්‍යන කටයුතු අවසන් කොට ස්ථිර පදිංචිය සඳහා ඉල්ලුම් කරන තුරු ඕස්ට්‍රේලියාව තුල නීත්‍යානුකුලව රැඳී සිටීම සඳහා කාලය ලබාගැනීමේ අභියෝගයයි.
තාවකාලික උපාධි වීසා බලපත් (Temporary Graduate visa 485)
සාමාන්‍යයෙන්, ඔස්ට්‍රේලියාව තුල ඉගෙනීම් කටයුතු අවසන් කල පිරිසට ඉන් අනතුරුව තාවකාලික උපාධි වීසා බලපත් (Temporary Graduate visa 485) යන වීසා ඛාණ්ඩය ඔස්සේ, ඔස්ට්‍රේලියානු රැකියා ක්ෂේස්ත්‍රයේ සිය රැකියා අත්දැකීම ලබාගැනීම සඳහා හැකියාව හිමි වන අතර ඒ ඔස්සේ ඕස්ට්‍රේලියානු ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමේ හැකියාව හිමි වේ.
Temporary Graduate visa වීසා කාණ්ඩය යටතේ Graduate Work stream සහ Post-Study Work stream වශයෙන් කොටස් දෙකක් පවතී.
- Graduate Work stream ඔස්සේ, ඔස්ට්‍රේලියාවට අවශ්‍ය වෘත්තීන්ට අදාළ කුසලතා හා සුදුසුකම් සහිතව උපාධියක් ලබා ගත් ජාත්‍යන්තර සිසුන් සඳහා, තාවකාලිකව ඔස්ට්‍රේලියාව තුල ජීවත් වීම සඳහා හැකියාව පවතී. මෙම වීසා සාමාන්‍යයෙන් මාස 18ක පමණ කාලයක් සඳහා ලබා දේ.
- Post-Study Work stream ඔස්සේ, ඔස්ට්‍රේලියානු අධ්‍යාපන ආයතනයකින් උපාධිය ලබා ගත් ජාත්‍යන්තර සිසුන් සඳහා තාවකාලිකව ඔස්ට්‍රේලියාව තුල ජීවත් වීම සඳහා හැකියාව පවතී. මෙම වීසා සාමාන්‍යයෙන් වසර 2 සිට 4 පමණ කාලයක් දක්වා ලබා දේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
සාමාන්‍යයෙන් මෙම වීසා බලපත්‍රය එක් පුද්ගලයකු හට එක් වරක් පමණක් ලබාදෙන නමුත් කොරෝනා වසංගත තත්වයත් සමග මෙම කොටස් ද්විත්වයට අමතරව Second Post-Study Work stream ලෙස තවත් කොටසක් හඳුන්වාදීමට ඕස්ට්‍රේලියානු රජය පියවර ගත්තේය. මෙය ඔස්ට්‍රේලියාව තුල දැඩි පීඩනයක් එල්ල වූ තාවකාලික උපාධි වීසා බලපත් (Temporary Graduate visa 485) හිමියන් සඳහා සහන ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරුනද මෙම සහනය ලැබීමෙන් මගහැරුණු කොටසක් සම්බන්ධයෙන් SBS සිංහල සේවයට තොරතුරු වාර්තා විය.
මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සොයා බැලීමේදී අපට කරුණු දෙකක් අනාවරණය විය.ඒ ඉහත සඳහන් කල ඕස්ට්‍රේලියානු රජය මගින් හඳුන්වා දුන් Second Post-Study Work stream වීසා සහනය සඳහා අයදුම් කල හැක්කේ
- ඔස්ට්‍රේලියාව තුල නම් කරන ලද ප්‍රාදේශීය ප්‍රදේශයක පමණක් අධ්‍යාපනය හැදෑරීම සිදුකල පළමු තාවකාලික උපාධි වීසා බලපත් (Temporary Graduate visa 485) හිමියන් හට සහ
- අයදුම් කිරීමට වසර දෙකකට පෙර ඔස්ට්‍රේලියාව තුල නම් කරන ලද ප්‍රාදේශීය ප්‍රදේශයක ජීවත් වීම සිදු කල පිරිස හට පමණක් වීමයි.
මේ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවද සිය වෙබ් අඩවියේ පැහැදිලි ලෙස දක්වා ඇති අතර මෙම තත්වය මත ඔස්ට්‍රේලියාව තුල ප්‍රාදේශීය ප්‍රදේශයන් නොවන නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි , වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ බ්‍රිස්බේන් යන ප්‍රදේශයන්හි සිය අධ්‍යාපනය හැදෑරු පිරිස මෙම වීසා සහනයෙන් මගහැරී තිබේ.
මෙල්බර්න් හි සුදේශ් ගේ අත්දැකීම .....
SBS සිංහල සේවයත් සමග සිය අත්දැකීම බෙදාහදාගැනීම සඳහා මුලින්ම වික්ටෝරියා ප්‍රාන්තයෙන් කතාබහට එක්වූ චරිතය අපි සුදේශ් නමින් හඳුන්වමු. ඔහු පළමුවෙන්ම අපත් සමග සඳහන් කොට සිටියේ,මේ පවතින තත්වය පිළිබඳව තමන් යම් චකිතයකින් පසු වන බවයි. කෙසේ නමුත් ඔහු පැවසුයේ, Temporary Graduate visa 485 වීසා කාණ්ඩයේ ඉතිරිව ඇති ඉතා කෙටි කාලයෙන් පසු පැමිණෙන ඉදිරි අභියෝගයන් සඳහා මුහුණ දීමට තමා සහ තම බිරිඳ සුදානමින් පසුවන බවයි.
සුදේශ් වැඩිදුරටත් අප සමග සඳහන් කොට සිටියේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමේ අරමුණින් සියලුම සුදුසුකම් සපුරමින් තමන් මේ වනවිට ප්‍රාදේශීය ප්‍රදේශයකට පැමිණ සිටින නමුත් තමන් අයදුම් කිරීමට බලාපොරොත්තු වන 491 (Skilled Work Regional (Provisional)) වීසා කාණ්ඩ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු රජයේ පවතින සීමාවන් මත එම වීසා සඳහා අයදුම් කිරීමට යම් කාලයක් ගතවනු ඇති බවයි. මෙලෙස කල් ගත වීම හේතුවෙන් තමන්ට අදාළ රැකියා ස්ථානයෙන් අනුග්‍රාහකත්වයක් ලබාගැනීමට හෝ නැවතත් ශිෂ්‍ය වීසා වෙත යාමට සිදුවන අතර එය තමන්ට මහත් අභියෝගයක් බවද ඔහු අපට සඳහන් කොට සිටියේය.

Source: SBS Radio
"අපි regional area එකකට අවේ job offer එකත් එක්ක 491 වීසා එකට apply කරන්න. නමුත් දැන් තියෙන වාතාවරණයත් එක්ක රජය වීසා open කරලා නැති නිසා ඊට කලින් අපි දැනට ඉන්න 485 වීසා එක ඉවර වෙන්න පුළුවන්. එහෙම උනොත් දැනට අපි කල්පනා කරන්නේ sponsorship එකක් ඉල්ලන එක දැනට වැඩ කරන තැනින්. නමුත් එක ලේසි නැහැ. ඉතින් එහෙම නැත්නම් student වීසා එකකට යන එක තමයි අනිත් option එක."
කෙසේ නමුත් නැවතත් ශිෂ්‍ය වීසා සඳහා යොමු වීම ඔස්සේ ආර්ථිකමය වශයෙන් දැඩි බලපෑමක් තමන්ට සිදු වන අතර එය මේ වන විට හුරුව ඇති ජීවන තත්වය සඳහාද බලපෑමක් සිදු කරන බව ඔහු SBS සිංහල සේවය වෙත පැවසීය.
"Student යනවා කියන්නේ අමුතුවෙන් කියන්න දෙයක් නැහැ, ආයේ මුල ඉදන් පටන්ගැනීමක්. ගොඩක් වෙලාවට අපි apply කරන degree එක අනුව වැඩකරන්න පුළුවන් කාලයත් වෙනස් වෙන නිසා ඒක partner ගේ working rights වලටත් බලපානවා.නමුත් ඒ නිසා masters කරන්න ගියොත් ඒක දරුණු වියදමකුත් වෙනවා."
සිඩ්නි හි හි මනෝජ් ගේ අත්දැකීම.....
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි නගරයෙන් අපත් සමග සාකච්චාවට එක්වුණු මනෝජ් සිය ඉගෙනීම් කටයුතු සාර්ථකව අවසන් කලද, තාවකාලික උපාධි වීසා බලපත් ලාභීන් සඳහා ඕස්ට්‍රේලියානු රජය ලබාදුන් සහන මගින් මගහැරුණු තවත් අයෙක්.
කොරෝනා වසංගතය අතරතුර පසුගිය වසරේදී ඔහුගේ තාවකාලික උපාධි වීසා කල් ඉකුත් වූ අතර තමන් ස්ථිර පදිංචිය ඉල්ලීම සඳහා අදාල ආරාධනා පත්‍රය ලැබෙන තෙක් කාලය ලබාගැනීමට ශිෂ්‍ය වීසා වෙත නැවතත් යාමට සිදු වූ බව ඔහු SBS සිංහල සේවයට පැවසීය.
පළමු වර ඉගෙනීම් කටයුතු සිදු කිරීමෙන් අනතුරුව තාවකාලික උපාධි වීසා කාලය තුල හුරු වූ ජීවන රටාවෙන් නැවතත් ශිෂ්‍ය වීසා වෙත යොමු වීම මහත් අභියෝගයක් වූ අතර තම දරුවන් සමග එය කළමනාකරණය කිරීම තමාට එම අභියෝගය තවත් දැඩි කල බව මනෝජ් පවසයි.
වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු SBS සිංහල සේවය වෙත සඳහන් කොට සිටියේ තමන්ගේ වීසා අවසන් වන කාලය තුලදී සම්පුර්ණ රැකියා අයිතීන් සමග අයදුම් කල හැකි වෙනත් වීසා පිළිබඳව තමන් ගිය සංක්‍රමණ නිලධාරීන් හට දැනුමක් හෝ අවබෝධයක් නොතිබීම මත තමන්ට මෙලෙස නැවතත් ශිෂ්‍ය වීසා වෙත යාමට සිදුවන්නට ඇති බවයි.

Source: Pixabay / Free-Photos
"මගේ 485 විසා එක ඉවර වෙන්න ලං වෙද්දී මම agents ල කිහිප දෙනෙක්ම හම්බවෙන්න ගියා.ඒ හැම කෙනෙක්ම කිව්වේ මට තියෙන එකම option එක student visa යන එක තමයි කියලා, නමුත් පස්සේදී දැනගන්න ලැබුනා කොරෝනා වසංගතයෙන් එක්ක ඕස්ට්‍රේලියානු රජයෙන් වෙනත් වීසා කාණ්ඩ තියෙනවා කියල full work rights එක්ක යන්න. මොකද full time job එකක් කරපු මට, student විසා එකේ පැය 20 වැඩකරන්න ආයේ හුරු වෙන එක හරිම අමාරු වුනා."
Temporary Activity visa (subclass 408)
මේ වනවිට ඕස්ට්‍රේලියානු රජයෙන් තාවකාලික ක්‍රියාකාරකම් වීසා Temporary Activity visa (subclass 408) ඔස්සේ කොරෝනා තත්වය මත නැවතත් සිය රට සඳහා යාමට නොහැකි සහ වෙනත් වීසා කාණ්ඩයකට අයදුම් කල නොහැකි පිරිස සඳහා තාවකාලික වීසා ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කොට තිබේ.
Temporary Activity visa (subclass 408) යටතේ එන Australian Government endorsed events (COVID-19 Pandemic event) යන වීසා කොටස ඔස්සේ,ඔස්ට්‍රේලියාව තුල critical sector ලෙස නම් කොට ඇති සෞඛ්‍ය සේවා, ආබාධිත සහ වයස්ගත සත්කාර, ළමා රැකවරණ සහ කෘෂිකාර්මික යන ක්ෂේස්ත්‍රයන්හි සේවය කරන්නන් හට වසරක කාලයක් දක්වාත් එම ක්ෂේස්ත්‍රයන්හි සේවය නොකරන පිරිස සඳහා මාස 3ක පමණ කාලයක් දක්වාත් රැකියාවක නිරතවීමේ වරප්‍රසාද රහිතව තාවකාලික වීසා ලබා දේ.
මේ සඳහා සිඩ්නි,මෙල්බර්න් සහ බ්‍රිස්බේන් යන ප්‍රදේශයන්හි සිය ඉගෙනුම අවසන් කල තාවකාලික උපාධි වීසා බලපත් ලාභීන් හට ඉල්ලුම් කල හැකි නමුත් critical sector එක තුල සේවයේ නිරත නොවන පිරිස සඳහා එමගින් කිසිදු සහනයක් නොලැබේ.
මේ පිළිබඳව මනෝජ් සඳහන් කලේ ,
"මේ වීසා කාණ්ඩයෙන් මට ඉල්ලන්න විදියක් නැහැ මොකද මම ඉන්නේ මේ critical sector කියල නම් කරලා තියෙන එකක නොවන නිසා. එතැනදී ඇත්තටම කිව්වොත් මට අනිත් regional අයට වගේ සහන ලැබෙන්නෙත් නැහැ critical sector එකේ අයට ලැබෙන සහන ලැබෙන්නෙත් නැහැ. ඇත්තටම කිව්වොත් මම කලාපීය ප්‍රදේශයක ඉගෙන නොගත්තත් අනිත් හැම අයදුම් කරුවෙක් වගේම ඔක්කොම සුදුසුකම් සම්පුර්ණ කරලා තියෙන්නේ."
මනෝජ් වැඩි දුරටත් අපත් සමග පැවසුවේ මෙය තමන් පමණක් නොව, තවත් සැලකිය යුතු පිරිසක් මේ වනවිටත් මුහුණ දෙමින් සිටින ගැටලුකාරී තත්වයක් බවයි.
සිඩ්නි හි හි තුෂාරි ගේ අත්දැකීම......
තම නම හෙළි කිරීමට අකමැති අපි තුෂාරි යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන අපත් සමග සාකච්චාවට එක්වූ මීළඟ චරිතය නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි හි සිය අධ්‍යාපන කටයුතු නිමකළ තැනැත්තියක්.
ඇය මුහුණ දී ඇති අභියෝගය සම්බන්ධයෙන් අපත් සමග අදහස් හුවමාරු කරගනිමින් තුෂාරි සඳහන් කලේ, කොරෝනා වසංගතය ඔස්ට්‍රේලියාව තුල ආරම්භ වීමට මාස දෙකකට පමණ පෙරදී තමන් ඉගෙනීම් කටයුතු අවසන් කල අතර කොරෝනා තත්වයත් සමග, ඔස්ට්‍රේලියාව තුල ස්ථිර පදිංචියට අයදුම් කිරීම සඳහා අත්‍යාවශ්‍ය වන Proffessional year පාඨමාලාව සම්පුර්ණ කිරීමට කල් ගත වූ බවයි.
මේ වනවිට තමන් සිටින තාවකාලික උපාධි වීසා අවසන් වීමට ඉතා අසන්න වීම තමන්ට දැඩි ආතතියක් බව පැවසූ ඇය සඳහන් කොට සිටියේ, සිඩ්නි නගරයේ අධ්‍යාපනය සිදු කල හෙයින් ඕස්ට්‍රේලියානු රජය 485 වීසා කාණ්ඩය සඳහා ලබාදුන් සහන තමන්ටද හිමි නොවූ බවයි. රජය මගින් හඳුන්වා දී තිබු වෙනත් වීසා කාණ්ඩ පිළිබඳව දැනගත්තද, පවතින දැඩි රැකියා තරඟය මත අදාළ ක්ෂේස්ත්‍රයේ රැකියාවක් නොතිබීම මත ඒ සඳහා ඉල්ලුම් කිරීමද ගැටලුකාරී බව තුෂාරි අපත් සමග පැවසුවාය.

Source: SBS Radio
"මට 485 වීසා එක ඉවර වෙන්න තව මාස කිහිපයයි තියෙන්නේ. මට අයෙත් 485 දීර්ග කරන්න බැහැ මම rural ඉගෙනගත්තු නැති නිසා . ඒ වගේම මේ වෙද්දී විශේෂයෙන්ම සිඩ්නි වල තියෙන job competition එකත් එක්කත්, මට tomporary වීසා එකක් තියෙන නිසාත්, මම IT කලත් ගොඩක් jobs වලින් මට chance එක නැති උනා. මේ හැමදෙයක්ම නිසා මට,අඩුම තරමේ අවුරුද්දක්වත් work rights තියෙන වෙන වීසා එකකට apply කරන්න බැහැ අයෙත් student වීසා එකකටම යනවා ඇරෙන්න".
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW
නැතිනම් රූපවාහිනියේ channel 38
මේ ගැටලුව සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගැනීමට SBS සිංහල සේවය,දකුණු ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් හි සංක්‍රමණ ඒජන්තවරියක වන රුවන්තිකා දේශානි එදිරිසූරිය සම්බන්ධ කරගැනීමට කටයුතු කලේය.
මේ පවතින ගැටලුව සම්බන්ධයෙන් ඇය අපත් සමග සඳහන් කොට සිටියේ සිඩ්නි, මෙල්බර්න් හෝ බ්‍රිස්බේන් හි අධ්‍යාපනය සිදු කල පිරිසට 485 තාවකාලික උපාධි වීසා බලපත් කාලය දිගු කිරීමේ හැකියාව නොපවතින අතර, යම් කාලයක් ලබාගැනීමට නම් නැවතත් student visa වෙත යොමු වීම ඔවුනට මේ වනවිට පවතින එක් පියවරක් වන බවයි.
"මේ වෙද්දී 485 විසා එකේ ඉන්න අයට කාලය ගන්න තියෙන එක option එකක් තමයි student visa එකකට යන එක. නමුත් ඒකට ටිකක් සල්ලි යනවා. නමුත් එකෙත් proove කරන්න ඕනේ ඉගෙන ගෙන ඉවර වෙලා තමන්ගේ රටට අපහු යනවා කියලා."
අනෙක් පියවර ලෙස ඇය සඳහන් කලේ මේ වනවිට ඕස්ට්‍රේලියානු රජය මගින් හඳුන්වා දී ඇති 408 Temporary Activity visa කාණ්ඩය බවයි. නමුත් මෙම වීසා කාණ්ඩය ඔස්සේත් critical sector එකක වැඩ කරන පිරිසට පමණක් අයදුම් කල හැකි බව සඳහන් කොට තිබෙන බව රුවන්තිකා දේශානි සඳහන් කොට සිටී.
මීට අමතරව මේ අර්බුධකාරී තත්වය සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීම සඳහා SBS සිංහල සේවය විවිධ පිරිස් සම්බන්ධ කරගැනීමේදී දැනගැනීමට හැකිවූයේ මෙලෙස මෙම වීසා කාණ්ඩය තුල සඳහන් වන පරිදි critical sector එකක නොව වෙනත් සේවයන් සිදු කරන කිහිප දෙනෙකු හට මෙම වීසා ලැබී හෝ ලබාදීමේ ක්‍රියාවලියේ පසුවන බවයි.
මේ සම්බන්ධයෙන් කල විමසුමේදී සංක්‍රමණ ඒජන්ත, රුවන්තිකා දේශානි එදිරිසූරිය අපත් සමග පැවසුවේ මෙම වීසා කාණ්ඩයේ

Source: Supplied by Deshani Edirisooriya
සඳහන් කොට ඇති පරිදි critical sector එකකට වක්‍රාකාරයෙන් හෝ සම්බන්ධ පිරිස සඳහා යම් යම් අවසථා වලදී වීසා ලැබීමට ඉඩ ඇති බවයි.
ඉන් අනතුරුව 408 Temporary Activity visa කාණ්ඩය පිළිබඳව තොරතුරු ප්‍රජාව අතරට පැහැදිලි ලෙස නොයාම පිළිබඳව අප නැගු පැනයට පිළිතුරු දෙමින් ඇය පෙන්වා දුන්නේ මෙම වීසා කාණ්ඩය හඳුන්වා දී මේ වනවිට යම් කාලයක් ගතව තිබුනද එම වීසා කාණ්ඩය සම්බන්ධයෙන් වැඩි විස්තර ලබාදීමක් සිදුව නොමැති බවයි.
"හැම වීසා එකකටම තියෙනවා agent කෙනෙක්ට බලන්න පුලුවන් library එකක්. ඒකේ තියෙනවා Case officer කෙනෙක් අනුගමනය කරන මාර්ගෝපදේශන. නමුත් මේ වීසා category එක පිළිබඳව ලොකු විස්තරයක් නැහැ. ඉතින් මේ නිසා agents ල විදියට අපට මේ වීසා catagory එකට apply කරන්න කියලා කෙනෙක්ට ස්ථිරවම කියන්න බැරි තත්වයකුත් මතුවෙලා තියෙනවා."
අවසාන වශයෙන්, අපත් සමග සිය අත්දැකීම බෙදාගැනීමට සම්බන්ධ වූ සහ මේ වනවිට ඔවුන් හා සමාන අත්දැකීම් ලබන ඕස්ට්‍රේලියාවේ වෙසෙන බොහෝ දෙනෙකුට නුදුරේදීම එම අභියෝගයන් ජයගැනීම සඳහා ඕස්ට්‍රේලියානු රජයේ සහාය ලැබෙනු ඇතැයි SBS සිංහල සේවය වශයෙන් අපි විශ්වාස කරමු.