SKIP TO MAIN CONTENT

මෙල්බර්න් lockdown එක සති දෙකකින් දීර්ග කිරීමත් සමග පැනවෙන නවතම නීති මෙන්න (SBS සිංහල/ වාර්තා)

අද (16/08) සිට සෑම දිනකම රාත්‍රී 9 සිට පසුදා අලුයම 5 දක්වා සැප්තැම්බර් 02 තෙක් මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට ඇඳිරි නීතිය පැනවීමට ප්‍රාන්ත රජය කටයුතු කර තිබේ.

People are seen passing a quiet Flinders Street Station in Melbourne on Tuesday, 20 July, 2021.
Here are Melbourne's new lockdown rules Source: AAP

3 min read

Published

Updated

By Madhura Seneviratne


Skip to article content

මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට පනවා ඇති Lockdown කාලය සැප්තැම්බර් 02 වනදා බ්‍රහස්පතින්දා රාත්‍රී 11:59 දක්වා තවත් සති දෙකකින් දීර්ග කිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය අද (16/08) තීරණය කළේය.

එමෙන්ම අද (16/08) සිට සෑම දිනකම රාත්‍රී 9 සිට පසුදා අලුයම 5 දක්වා සැප්තැම්බර් 02 තෙක් මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට ඇඳිරි නීතියද පැනවීමට ප්‍රාන්ත රජය කටයුතු කර තිබේ.

ඒ අනුව සැප්තැම්බර් 02 වන දින මධ්‍යම රාත්‍රිය වනතෙක් මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට පැනවෙන නව Lockdown නීති මෙසේය.


Highlights

  • මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට පනවා ඇති Lockdown කාලය සැප්තැම්බර් 02 වනදා බ්‍රහස්පතින්දා රාත්‍රී 11:59 දක්වා තවත් සති දෙකකින් දීර්ග කර තිබේ.
  • සෑම දිනකම රාත්‍රී 9 සිට පසුදා අලුයම 5 දක්වා සැප්තැම්බර් 02 තෙක් මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට ඇඳිරි නීතිය පැනවේ.
  • අත්‍යවශ්‍ය රාජකාරී කරන පුද්ගලයින්ට පමණක් සේවා සඳහා පිටව යා හැකි නමුත් හෙට (17/08) මධ්‍යම රාත්‍රියේ සිට ඔවුන්ට ඊට අදාළ වික්ටෝරියානු අත්‍යවශ්‍ය සේවක බලපත්‍රය තිබිය යුතුය.

රාත්‍රී ඇඳිරි නීතිය

  • සෑම දිනකම රාත්‍රී 9 සිට පසුදා අලුයම 5 දක්වා සැප්තැම්බර් 02 තෙක් මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට ඇඳිරි නීතිය පැනවේ.
  • මෙල්බර්න් කලාපයේ වැසියන්ට අත්‍යවශ්‍ය හේතුවකට හැර නිවසින් බැහැරව යා නොහැකිය.

ඔබේ අත්‍යවශ්‍ය සේවක බලපත්‍රය ළඟ තබා ගන්න

  • අත්‍යවශ්‍ය රාජකාරී කරන පුද්ගලයින්ට පමණක් සේවා සඳහා පිටව යා හැකි නමුත් හෙට (17/08) මධ්‍යම රාත්‍රියේ සිට ඔවුන්ට ඊට අදාළ වික්ටෝරියානු අත්‍යවශ්‍ය සේවක බලපත්‍රය තිබිය යුතුය.
  • පසුගිය වසරේ ක්‍රියාත්මක වූ පරිදි මෙය මෙවරද ක්‍රියාත්මක වේ.
  • තම අධ්‍යාපන ආයතනය තුළ අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය ඇතැම් උසස් අධ්‍යාපන සිසුන්ට ද වලංගු බලපත්‍ර අවශ්‍ය වේ.

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


ව්‍යායාම් නීති තවත් දැඩි කෙරේ

  • අද (16/08) මධ්‍යම රාත්‍රියෙන් පසුව ඔබට ව්‍යායාම කළ හැක්කේ වෙනත් එක් පුද්ගලයෙකු සමඟ පමණි.
  • නිවසේ දමා යාමට නොහැකි පුද්ගලයින් සිටී නම් ඔවුන්වද ඔබ ව්‍යායාම් කිරීමට යන විට රැගෙන ය හැකිය.
  • ව්‍යායාම් කිරීමට නිවසින් බැහැරව සිටිය හැක්කේ පැය දෙකක උපරිම කාලයකට පමණි.
  • එළිමහන් ක්‍රීඩා පිටි, skateparks, basketball courts සහ එළිමහනේ කාය වර්ධන උපකරණ භාවිතය තහනම් වේ.

ඉදිකිරීම් සහ ආගමික සේවා විකාශන සේවකයින් සීමා කෙරේ

  • මහා පරිමාණ ඉදිකිරීම් පරිශ්‍රවල සේවය කරන සේවකයින් 25% දක්වා හෝ සේවකයින් පස් දෙනෙකු දක්වා හෝ අඩු කළ යුතුය.
  • ආගමික ස්ථාන වල රැස්වීම තහනම් නමුත් ආගමික ප්‍රජාවන් සඳහා විකාශනයන් සංවිධානය කිරීම උදෙසා පුද්ගලයින් පස් දෙනෙකුට රැස්විය හැකිය.
  • නමුත් එම පුද්ගලයින් පස් දෙනා සෑම අවස්ථාවකම එකම පුද්ගලයින් පස්දෙනා විය යුතුය.

මුව ආවරණ නීති තවත් දැඩි කෙරේ

  • නිවසින් බැහැරව ඕනෑම ස්ථානයක ඕනෑම අවස්ථාවක මුව ආවරණ පැළඳීම අනිවාර්ය වේ.
  • නිවසින් බැහැර පරිසරයක ආහාර ගන්නා විට හෝ ඇල්කොහොල් නොවන පාන පානය කරන විට පමණක් ඔබට මුව ආවරණ ඉවත් කළ හැකිය.

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now