SKIP TO MAIN CONTENT

ඩොලර් මිලියන 80 ක Powerball ලොතරැයි දිනුම lockdown නිසා රැකියාව අහිමිවූ මෙල්බර්න් වැසියෙකුට (SBS සිංහල/ වාර්තා)

මෙල්බර්න් කලාපය lockdown කිරීම් ගණනාවකට මුහුණ දීමේදී තමන්ගේ රැකියාව අහිමිවූ බවත් රැකියාව අහිමි වීමට පෙර තමන් නිවාස ණයක් ලබා නිවසක් මිලට ගත් බවත් මෙම ජයග්‍රහකයා පවසා තිබේ.

powerball
A Melbourne man who lost his job due to a lockdown won the $80 million Powerball lottery Source: AAP

2 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ඊයේ (12/08) රාත්‍රියේ දිනුම් අදිනු ලැබූ Powerball ලොතරැයියේ ඩොලර් මිලියන 80 ක ප්‍රථම ත්‍යාගය දිනාගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත වැසියෙකු සමත් වී තිබේ.

වික්ටෝරියානු ප්‍රාන්ත වැසියෙකු විසින් ඔස්ට්‍රේලියාව තුළ දිනාගත් විශාලතම ලොතරැයි දිනුම ලෙස එය හැඳින්වේ.


Highlights

  • තනි පුද්ගලෙයකු දිනා ගත් මෙම ඩොලර් මිලියන 80 ලොතරැයි දිනුම වික්ටෝරියානු ප්‍රාන්ත වැසියෙකු විසින් දිනාගත් විශාලතම ලොතරැයි දිනුම වේ.
  • එමෙන්ම මෙය ඔස්ට්‍රේලියාවේ දිනාගත් තෙවැනි විශාලතම ලොතරැයි දිනුම ලෙසද වාර්තා වේ.
  • මෙල්බර්න් lockdown කිරීමෙන් රැකියාව අහිමිවී Cleaner කෙනෙක් ලෙස සේවය කිරීමට පටන් ගත් මෙල්බර්න් වැසියෙකුට මෙම ත්‍යාගය හිමිවී ඇත.

ඩොලර් මිලියන 80 ක වාසනාවන්තයා

තනි පුද්ගලෙයකු දිනා ගත් මෙම ඩොලර් මිලියන 80 ලොතරැයි දිනුම වික්ටෝරියානු ප්‍රාන්ත වැසියෙකු විසින් දිනාගත් විශාලතම ලොතරැයි දිනුම වන අතර ඔස්ට්‍රේලියාවේ දිනාගත් තෙවැනි විශාලතම ලොතරැයි දිනුම බව ABC  පුවත් සේවය වාර්තා කරයි.

මෙම පුද්ගලයා මෙල්බර්න් උතුරු කලාපයේ වාසය කරන පියෙකු බවත් වාර්තා වේ.

මෙල්බර්න් කලාපය lockdown කිරීම් ගණනාවකට මුහුණ දීමේදී තමන්ගේ රැකියාව අහිමිවූ බවත් රැකියාව අහිමි වීමට පෙර තමන් නිවාස ණයක් ලබා නිවසක් මිලට ගත් බවත් ඔහු පැවසුවේය.

කෙසේවෙතත්, රැකියාව අහිමිවීමෙන් පසුව තමන් Cleaner කෙනෙක් හෙවත් පිරිසිදු කරන්නෙකු ලෙස රැකියාව කළ බවත් ඩොලර් මිලියන 80 ලොතරැයි දිනුම වික්ටෝරියානු ප්‍රාන්ත වැසියා පවසා ඇත.

මෙම මුදල් වලින් තම දරුවන්ගේ අනාගතය යහපත් කිරීමට තමන්ට අවශ්‍ය බවද ඔහු පවසා තිබේ.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


මිලියන 80 ලොතරැයි දිනුම

අගෝස්තු 12 දිනුම් අදින ලද Powerball ලොතරැයියේ ජය අංක 17, 10, 4, 26, 19, 23, 21 වී ඇති අතර Powerball අංකය 7 විය.

එහිදී Division දෙකේ සිට නවය දක්වා ඩොලර් මිලියන 51.5 කට අධික මුදලක් මිලියන 2 ක පමණ ජයග්‍රාහකයින්ට බෙදා දුන් බව අදාළ ලොතරැයි සමාගම පවසයි.

අගෝස්තු 12 දිනුම් ඇදීමෙන් Division 2 ජයග්‍රාහකයින් 13 දෙනෙකු තේරී පත්වී ඇති අතර එක් අයෙකුට $109,858.60 බැගින් ලැබී ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now