SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ නව නියෝජ්‍ය අගමැති ගේ පළමු කාර්යය මෙන්න.

Michael McCormack is set to decide who will be his replacement as veterans affairs minister within days.
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

තමා නියෝජ්‍ය අගමැතිධුරයට පත්වීමෙන් පුරප්පාඩු වූ veterans affairs හෙවත් ඔස්ට්‍රේලියාවේ කෘතහස්ත පුද්ගලයින්ගේ කටයුතු සමබන්ධ අමාත්‍යධුරයට කෙනෙකු පත් කිරීම ඔස්ට්‍රේලියාවේ නව නියෝජ්‍ය අග්‍රාමාත්‍ය Michael McCormack ගේ පළමු රාජකාරිය ලෙස වාර්තා වේ.

නැෂනල්ස් පකෂයේ නව නාය සහ ඔස්ට්‍රේලියාවේ නව නියෝජ්‍ය අග්‍රාමාත්‍ය Michael McCormack, ඔස්ට්‍රේලියාවේ යටිතල පහසුකම් සහ ගමනා ගමන විෂයය පථයන් බාරගෙන ඇති අතර පසුගිය දෙසැම්බර් මස සිට ඔහු මෙතෙක් දැරූ veterans affairs අමාත්‍යධුරය ඒ අනුව පුරප්පාඩු විය.

ඔස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ධුරයෙන් සහ නැෂනල්ස් පක්ෂ නායකත්වයෙන් Barnaby Joyce ඉල්ලා අස්වීමෙන් අනතුරුව නව නැෂනල්ස් පක්ෂ නායකයා ලෙස Michael McCormack ඊයේ  (26/02) තේරී පත් විය.

මේ අනුව Barnaby Joyce පසුපෙළ මන්ත්‍රීවරයෙකු ලෙස ඊයේ සිට පාර්ලිමේන්තුවේ අසුන් ගනු ලැබුවේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now