ඔස්ට්‍රේලියාවේ වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන වල සේවය කරන සියලු සේවකයින් හට අනිවාර්ය වූ අලුත්ම නීතිය මෙන්න. (SBS සිංහල/වාර්තා)

පසුගිය සති කිහිපය තුළ වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන කිහිපයකම එහි නේවාසිකව සිටින පුද්ගලයින් කිහිප දෙනෙකුම flu රෝගය හේතුවෙන් මරණයට පත්වීම මත මෙම තීරණය ගෙන තිබේ.

Compulsory flu vaccines for all aged care workers

A woman uses a walking stick to assist her mobility Source: AAP

ඔස්ට්‍රේලියාවේ වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන වල සේවය කරන සියලු සේවකයින් flu එන්නත් අනිවාර්යෙන්ම ලබා ගත යුතු බවට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය  Greg Hunt අද (03/09) නිවේදනය කළේය.

පසුගිය සති කිහිපය තුළ වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන කිහිපයකම එහි නේවාසිකව සිටින පුද්ගලයින් කිහිප දෙනෙකුම flu රෝගය හේතුවෙන් මරණයට පත්වීම මත මෙම තීරණය ගෙන තිබේ.

“ලබන වසරේ flu කාලයට පෙරාතුව ඔස්ට්‍රේලියාවේ සියලුම වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන වල සේවය කරන සියලු සේවකයින් හට සේවකයින් flu එන්නත් අනිවාර්යෙන් ලබා දිය යුතු වෙනවා. ඒ සඳහා අදාළ ප්‍රාන්ත, ටෙරිටරි, නගර සභා වල සහයෝගයද ලැබෙනු ඇති.” යනුවෙන් සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පැහැදිලි කළේය.

පසුගිය සති දෙක තුළ ටස්මේනියා ප්‍රාන්තයේ වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානයක නේවාසික වැඩිහිටියන් 6 දෙනෙකුද වික්ටෝරියා ප්‍රාන්තයේ මධ්‍යස්ථානයක නේවාසිකයින් 7 දෙනෙකුද හදිසියේ මියා යාමෙන් පසුව රජය මෙම නිවේදනය නිකුත් කර ඇත.

“flu  කාලය තුළ flu එන්නත් ලබා ගැනීමට තිබෙන විටදී මෙවැනි දෙයක් ඔස්ට්‍රේලියාවේ කවදාවත් සිදු වෙලා නැහැ.” යනුවෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේය.

මීට අමතරව මරණ පිළිබඳ තත්ත්වය වික්ටෝරියානු ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට දන්වන විට දින 20 ක ප්‍රමාදයක් සිදු වී ඇති බවද වාර්තා වේ.

අගෝස්තු 16 – 30 ත් අතර වික්ටෝරියා ප්‍රාන්තයේ Wangaratta ප්‍රදේශයේ St John's Retirement Village හි වයස අවුරුදු 70 ත් 94 ත් අතර වියෙහි පසුවූ නේවාසිකයින් 7 දෙනෙකු flu රෝගය හේතුවෙන් මෙසේ මිය ගොස් ඇත.

මෙම වසරේ දී flu රෝගය වෙන වසර වලට වඩා දරුණුව පැතිරුණු බවත් එහි ප්‍රධානතම ගොදුර වන්නේ වැඩිහිටි පුද්ගලයින් බවත් වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී වෛද්‍ය Brett Sutton පසුගිය සිකුරාදා පැවසීය.

මීට අමතරව St John's Retirement Village හි තවත් පුද්ගලයින් කිහිප දෙනෙකුම අසනීප තත්ත්වයේ පසුවන බව වාර්තා වෙන අතර එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවද සඳහන්.

ටස්මේනියා ප්‍රාන්තයේ Latrobe ප්‍රදේශයේ Strathdevon වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානයේ පුද්ගලයින් 6 දෙනෙකු influenza පැතිරීම නිසා අගෝස්තු 9 සහ 16 අතර කාලයේදී මිය ගිය බව වාර්තා වේ.


2 min read

Published

Updated

By Madhura Seneviratne




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now