SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ සේවය කරන ඔබට නියමිත Super මුදල් පිළිබඳ අලුත්ම තත්ත්වය මෙන්න. (SBS සිංහල/වාර්තා)

2014-15 කාලයේදී මෙරට සේවායෝජකයින් තම සේවකයින් සඳහා ගෙවිය යුතු මුළු super මුදල් ප්‍රමාණය ඩොලර් ඩොලර් බිලියන 54.78 ක් වන බවත් එහි හිඟය ඩොලර් බිලියන 2.85 ක් හෙවත් 5.2% ක් බවත් ඇස්තම්නේතු ගත කර තිබේ.

Tax Office reveals size of underpayment of super for the first time.
Source: AAP

2 min read

Published

By Madhura Seneviratne

Source: The Age


Skip to article content

ඔස්ට්‍රේලියාවේ සේවා යෝජකයින් තම සේවකයින් සඳහා ගෙවිය යුතු super මුදල් වල වසරකට ඩොලර් බිලියන 2.85 ක හිඟයක් තිබෙන බව වාර්තා වේ.

ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය විසින් පළමු වරට මෙම ගණනය කිරීම සිදු කර ඇති අතර එහිදී මේ බව අනාවරණය වේ ඇත.

ඔස්ට්‍රේලියාවේ සේවකයින් හට නොගෙවූ super මුදල් පිළිබඳ සෙනට් කමිටු විමර්ශනයකට අනුව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය විසින් මෙම වාර්තාව සකස් කර ඇති අතර එහිදී යම් හිඟයක් සහ ගැටළුවක් පවතින බව අවබෝධ විය.

ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය මේ සම්බන්ධයෙන් සිදු කරන අධීක්ෂණ කටයුතු සහ අනුමැතිය ලබා දීම් තවදුරටත් වැඩි දියුණු කරගත යුතු බවට එහිදී සෙනට් කමිටුවේ නිර්දේශවලින් හරි අඩකම සඳහන් වේ.

2014-15 කාලයේදී මෙරට සේවායෝජකයින් තම සේවකයින් සඳහා ගෙවිය යුතු මුළු super මුදල් ප්‍රමාණය ඩොලර් ඩොලර් බිලියන 54.78 ක් වන බවත් එහි හිඟය ඩොලර් බිලියන 2.85 ක් හෙවත් 5.2% ක් බවත් ඇස්තම්නේතු ගත කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ නීතියට අනුව මාසික මුළු වැටුප ඩොලර් 450 ට වඩා වැඩි වයස අවුරුදු 18 ට වැඩි සෑම සේවකයෙකු හටම 9.5% ක super මුදලක් ගෙවිය යුතු වේ.

ඔස්ට්‍රේලියාව තුළ super මුදල් අඩුවෙන් ගෙවීම් හෝ නොගෙවීම් විශාල වශයෙන් සිදුවන බව super මුදල් අරමුදල පිළිබඳ ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම ආයතනය වන Industry Super Australia හි විශේෂ උපදේශක Phil Gallagher පවසයි.

කම්කරු පක්ෂයේ Tanya Plibersek ගේ සිඩ්නි මැතිවරණ කොට්ටාසයේ පුද්ගලයින් 37,000 කට අධික සංඛ්‍යාවකට super මුදල් අඩුවෙන් ගෙවීම් හෝ නොගෙවීම් සිදුව ඇතැයි වාර්තා වේ.

මෙය ඔස්ට්‍රේලියාවේ මේ සම්බන්ධයෙන් වාර්තා වන පහළම අගයක් ගත් මැතිවරණ කොට්ටාසය වේ.

මීට අමතරව නිරිත දිග සිඩ්නි කලාපයේ ඇති Fowler සහ Werriwa යන කොට්ටාස වල වෙසෙන පුද්ගලයින්ගෙන් තුනෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයකට මෙලෙස super මුදල් අඩුවෙන් ගෙවීම් හෝ නොගෙවීම් සිදුවන බව අනාවරණය වී ඇත.

Super මුදල් අඩුවෙන් ගෙවීම් හෝ නොගෙවීම් සම්බන්ධ ලැයිස්තුවේ ඉහළම කොට්ටාස 10 අතරේ වික්ටෝරියානු ප්‍රාන්තයේ Mallee මැතිවරණ බල ප්‍රදේශයද තිබේ.

Super අරමුදල යනු අතිශය වැදගත් එකක් බවත් ඔස්ට්‍රේලියාවේ සේවකයින් විශ්‍රාම ගිය කළ එය අත්‍යවශ්‍ය අරමුදලක් බවත් ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ නියෝජ්‍ය කොමසාරිස් James O'Halloran පැවසීය.

ඔබට හරි හැටි ඔබේ Super මුදල්නොලැබේනම් එය වහාම බදු කාර්යාලය වෙත දැනුම් දෙන ලෙසද නියෝජ්‍ය කොමසාරිස් තුමා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now