SKIP TO MAIN CONTENT

Dandenong පිහිටි ඔස්ට්‍රේලියාවේ ආගමන කටයුතු කාර්යාලය අගෝස්තු 31 සිට වසා දැමේ.

Australian Immigration office at Dandenong to close from 31 August 2017.
Source: Dandenong Journal

2 min read

Published

Updated

By Madhura Seneviratne



Skip to article content

ඔස්ට්‍රේලියාවේ ආගමන හා දේශ සීමා ආරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වික්ටෝරියා ප්‍රාන්තයේ Dandenong  ප්‍රදේශයේ පිහිටි කාර්යාලය එළඹෙන අගෝස්තු 31 වන දින සවස 4 න් පසුව වසා දමන බව ඔස්ට්‍රේලියාවේ ආගමන හා දේශ සීමා ආරක්ෂණ දෙපාර්තමේන්තු නිල  වෙබ් අඩවිය ප්‍රකාශ කරයි.

එම කාර්යාලය පවතින ගොඩනැගිල්ලේ කල් බද්ද ඉකුත්වීම මත මෙසේ Dandenong   කාර්යාලයේ වැඩකටයුතු අත්හිටුවන බව ඔස්ට්‍රේලියාවේ ආගමන හා දේශ සීමා ආරක්ෂණ දෙපාර්තමේන්තු නිල  වෙබ් අඩවිය වැඩි දුරටත් පවසයි.

නමුත් ඔස්ට්‍රේලියානු වීසා, පුරවැසිභාවය, රේගු සහ වෙළෙඳ තොරතුරු පිළිබඳ ඔස්ට්‍රේලියාවේ ආගමන හා දේශ සීමා ආරක්ෂණ දෙපාර්තමේන්තු නිල  වෙබ් අඩවිය හරහා තොරතුරු ලබා දීමට ආගමන හා දේශ සීමා ආරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරන බවද එහි සඳහන් වෙයි.

එමෙන්ම, යම් අයෙකු හට ඔස්ට්‍රේලියාවේ ආගමන හා දේශ සීමා ආරක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමක් ලැබුණහොත් අදාළ පුද්ගලයා හට මෙල්බන් නගරයේ Lonsdale  වීදියේ අංක 2 දරන ස්ථානයෙහි (වික්ටෝරියානු පාර්ලිමේන්තු දුම්රිය ස්ථානය අසළ) පිහිටි නවීකරණය කරන ලද කාර්යාලයට පැමිණිය හැකි බවද එම වෙබ් අඩවිය වැඩි දුරටත් සඳහන් කරයි.

--------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now