ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අවශ්‍ය 2017 – 18 නවතම “රැකියා සීමා ලැයිස්තුව” මෙන්න. (SBS සිංහල/වාර්තා)

පසුගිය වසරේ “රැකියා සීමා ලැයිස්තුව” සමග සංසන්දනය කරන කල මෙවර “රැකියා සීමා ලැයිස්තුවේ” ඇතැම් ජනප්‍රිය රැකියා සඳහා කෝටා ප්‍රමාණය වැඩි කර ඇතිබවක් පෙනී ගොස් තිබේ.

Australia released New Occupation ceiling list for 2017 -18

Source: SBS

ඔබ ඔස්ට්‍රේලියාව තුළ උසස් අධ්‍යාපනය හදාරා ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට අපේක්ෂා කරනවාද? එසේත් නැතිනම් ඔබ ශ්‍රී ලංකාවේ සිට හෝ විදේශ රටක සිට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට අපේක්ෂා කරනවාද?එසේනම ඔබ අනිවාර්යෙන්ම ඔස්ට්‍රේලියාවේ ආගමන කටයුතු සහ දේශ සීමා ආරක්ෂණ දෙපර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද Occupation ceiling list හෙවත් “රැකියා සීමා ලැයිස්තුව” පිළිබඳ දැන සිටිය යුතුය.

2017 – 18 වසර සඳහා බලපැවැත්වෙන නවතම “රැකියා සීමා ලැයිස්තුව” හෙවත් “Occupation ceiling list” මේ වන විට ඔස්ට්‍රේලියානු ආගමන කටයුතු සහ දේශ සීමා ආරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශ කර ඇත.

ඔස්ට්‍රේලියාවේ සෑම මුල්‍ය වර්ෂයක් සඳහාම නිපුණතා රැකියා ලයිස්තුවේ සඳහන් එක් එක් රැකියා අංශය සඳහා කොපමණ සංඛ්‍යාවක කෝටාවක් තිබෙනවාද යන්න මෙමගින්  ප්‍රදර්ශනය කෙරේ.

ඊට අමතරව අදාළ රැකියා කෝටාව පිරෙන අතරතුරේ එම ලැයිස්තුව යාවත්කාලීන වන අතර තවත් කොපමණ සංඛ්‍යාවක් ඉතිරිද යන්න පිළිබඳවද ඔබට දැනගත හැකිවේ.

Occupation ceiling list හෙවත් “රැකියා සීමා ලැයිස්තුව” යනු කුමක්ද?

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට SkillSelect ක්‍රියාවලිය හරහා සෑම වසරකම නිකුත් කරනු ලබන ආරාධනා පත්‍ර සංඛ්‍යාවෙහි සීමාව Occupation ceiling list හෙවත් “රැකියා සීමා ලැයිස්තුව” ලෙස හැඳින්වේ.

මෙම “රැකියා සීමා ලැයිස්තුව” පහත සඳහන් වීසා වර්ග සඳහා අදාළ වේ.

  • Skilled independent visas (189)
  • Skilled regional sponsored visas (489)
  • Skilled or business state or territory sponsored visas.

ඔබගේ රැකියාවට අදාළ කෝටාව පිරී ගිය පසුව එම වසර වෙනුවෙන් ඉහත වීසා සඳහා අයදුම් කිරීමට ඔබට ආරාධනාවක් නොලැබෙනු ඇත.

ආරාධනාවක් යනු කුමක්ද?

ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණ වැඩසටහන හෙවත් “skilled migration program” යටතේ ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය වෙනුවෙන් අදාළ වීසා  සඳහා අයදුම් කිරීමට ඔස්ට්‍රේලියානු ආගමන කටයුතු සහ දේශ සීමා ආරක්ෂණ දෙපර්තමේන්තුව විසින් ලබා දෙන අවසරය, ආරාධනාවක් ලෙස හැඳින්වේ.

මෙම ආරාධනා නිකුත් කරනු ලබන්නේ SkillSelect ක්‍රියාවලිය හෙවත් ඔස්ට්‍රේලියාවේ online expression of interest පද්ධතිය හරහා පමණි.

පසුගිය වසරේ ලැයිස්තුව හා බලන කල සිදුකර ඇති වෙනස්කම්.

පසුගිය වසරේ “රැකියා සීමා ලැයිස්තුව” සමග සංසන්දනය කරන කල මෙවර “රැකියා සීමා ලැයිස්තුවේ” ඇතැම් ජනප්‍රිය රැකියා සඳහා කෝටා ප්‍රමාණය වැඩි කර ඇතිබවක් පෙනී ගොස් තිබේ.

උදාහරණයක් ලෙස ගණකාධිකාරී සඳහා 2016-17 කෝටාව 2500 ක් වූ නමුත් මෙවර එය 4785 ක් දක්වා වැඩි කර තිබේ.

එමෙන්ම Software and Applications Programmers සඳහා 2016-17 කෝටාව 5662 ක් වූ නමුත් මෙවර එය 6202 දක්වා වැඩි කර තිබේ.

Early Childhood (Pre-primary School) Teachers සඳහා 2016-17 කෝටාව 1822 ක් වූ නමුත් මෙවර එය 2639 දක්වා වැඩි කර ඇත.

2017 – 18 වසර සඳහා නිකුත් කළ නවතම “රැකියා සීමා ලැයිස්තුව” හෙවත් “Occupation ceiling list 2017 – 18” පහත පරිදි වේ.

Occupation IDDescriptionOccupation Ceiling Value 2017-18Invitations to date
1331Construction Managers540012
1332Engineering Managers11551
1341Child Care Centre Managers10000
1342Health and Welfare Services Managers13742
2211Accountants*4785478
2212Auditors, Company Secretaries and Corporate Treasurers*1327132
2241Actuaries, Mathematicians and Statisticians10001
2245Land Economists and Valuers10002
2321Architects and Landscape Architects14745
2322Cartographers and Surveyors10002
2331Chemical and Materials Engineers10007
2332Civil Engineering Professionals329629
2333Electrical Engineers104213
2334Electronics Engineers*1000100
2335Industrial, Mechanical and Production Engineers*2178216
2339Other Engineering Professionals*1000100
2341Agricultural and Forestry Scientists10006
2346Medical Laboratory Scientists14873
2347Veterinarians10001
2349Other Natural and Physical Science Professionals10005
2411Early Childhood (Pre-primary School) Teachers26394
2414Secondary School Teachers79109
2415Special Education Teachers10000
2512Medical Imaging Professionals11133
2514Optometrists and Orthoptists10000
2519Other Health Diagnostic and Promotion Professionals10000
2521Chiropractors and Osteopaths10000
2524Occupational Therapists11094
2525Physiotherapists14642
2526Podiatrists10001
2527Speech Professionals and Audiologists10001
2531General Practitioners and Resident Medical officers34959
2533Internal Medicine Specialists10000
2534Psychiatrists10000
2535Surgeons10000
2539Other Medical Practitioners100014
2541Midwives10900
2544Registered Nurses1674149
2611ICT Business and Systems Analysts*1574156
2613Software and Applications Programmers*6202620
2621Database and Systems Administrators and ICT Security Specialists23911
2631Computer Network Professionals*1318130
2633Telecommunications Engineering Professionals100030
2711Barristers10000
2713Solicitors41616
2723Psychologists17502
2725Social Workers156217
3122Civil Engineering Draftspersons and Technicians10003
3123Electrical Engineering Draftspersons and Technicians10004
3132Telecommunications Technical Specialists10003
3211Automotive Electricians10000
3212Motor Mechanics59805
3222Sheetmetal Trades Workers10000
3223Structural Steel and Welding Trades Workers44262
3232Metal Fitters and Machinists53300
3233Precision Metal Trades Workers10000
3241Panelbeaters13440
3311Bricklayers and Stonemasons12710
3312Carpenters and Joiners69683
3322Painting Trades Workers27802
3331Glaziers10001
3332Plasterers21030
3334Wall and Floor Tilers14070
3341Plumbers55070
3411Electricians93542
3421Airconditioning and Refrigeration Mechanics14270
3422Electrical Distribution Trades Workers10000
3423Electronics Trades Workers18783
3513Chefs26753
3941Cabinetmakers19050
3991Boat Builders and Shipwrights10000

 

*********************************************************************

!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

 

 සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

*********************************************************************


Share

5 min read

Published

Updated

By Madhura Seneviratne




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now