SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීමේ ක්‍රමවේදය වෙනස් කිරීමට ඔස්ට්‍රේලියානු රජයෙන් නවතම යෝජනාවක්. (SBS සිංහල/වාර්තා)

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින වීසා වර්ග 99, 10 දක්වා අඩු කිරීමට ද මෙහිදී යෝජනා වී ඇත.

Australians support partial ban on Muslim immigration
Australians support partial ban on Muslim immigration Source: SBS

3 min read

Published

Updated

By Madhura Seneviratne, Rashida Yosufzai

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියානු වීසා පද්ධතියේ වෙනස්කම් ගණනාවක් සිදු කිරීම අරමුණු කරගනිමින් ඔස්ට්‍රේලියානු රජය මහජන අදහස් ලබා ගැනීම පිණිස උපදේශන පත්‍රිකාවක් ඊයේ (01/08) දිනයේදී ප්‍රකාශයට පත් කළේය.

අයදුම් කරුවන් සඳහා Biometric පරීක්ෂණ, වීසා වර්ග ගණනාවක් අඩු කිරීම, ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය අපේක්ෂා කරන අයදුම්කරුවන් හට ඊට පෙර ඔස්ට්‍රේලියාවේ අනිවාර්යෙන් වාසය කළ යුතු කාලය වැනි කරුණු පිළිබඳ එම උපදේශන පත්‍රයේ ඇතුළත්ය.

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීමට පෙරාතුව අදාළ සංක්‍රමණිකයින් ඔස්ට්‍රේලියාව තුළ සැලකිය යුතු කාලයක් වාසය කළ යුතු බවට මෙහිදී එක් යෝජනාවක් ප්‍රධාන වශයෙන් ඉදිරිපත් කර ඇත.

ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට පෙර ඔස්ට්‍රේලියාවේ ටික කලක් හෝ වාසය කිරීමට ඔස්ට්‍රේලියාවේ බොහෝ ස්ථිර වීසා ඛාණ්ඩ වල තාවකාලික අවස්ථාවක් (provisional stage) නොමැති බව රජය පවසයි.

ඊට අමතරව ඔස්ට්‍රේලියානු ජන සමාජයට ඇතිවන අවදානම මැන බැලීමට අදාළ අයදුම්කරුවන්ගේ ජීව දත්ත (biometric data) ගබඩා කර තබා ගැනීමටද මෙහිදී යෝජනා වී තිබේ.

එමෙන්ම, ඔස්ට්‍රේලියාවේ දැනට පවතින වීසා වර්ග 99, 10 දක්වා අඩු කිරීමට ද මෙහිදී යෝජනා වී ඇත.

එසේ කිරීමෙන් වඩා වේගවත් සහ මිත්‍රශීලී වීසා පද්ධතියක් නිර්මාණය කිරීමට ඔස්ට්‍රේලියාවට හැකිවනු ඇතැයි රජය විශ්වාස කරයි.

වත්මන් වීසා පද්ධතිය කල් ඉකුත් වී ඇති බවත් ඒ සඳහා ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය බවත් ඔස්ට්‍රේලියාවේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Peter Dutton පැවසීය.

වීසා ඛාණ්ඩ වල ඇති කොන්දේසි වල සංකීර්ණත්වයට බොහෝ පුද්ගලයින් හසුවන බවද ඔහු පැවසීය.

ඔස්ට්‍රේලියාවේ වීසා පද්ධතිය.

  • වසර 30 ක් පුරාවට කිසිදු වෙනස්කමක් නොමැතිව ඔස්ට්‍රේලියාවේ වීසා පද්ධතිය ක්‍රියාත්මක වෙයි.
  • 1980 වසරේ සිට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහාවූ සංක්‍රමණික වැඩසටහන උච්ඡාවචනය වෙමින් පැවතුනු අතර එය අවස්ථා 52,600 සිට 2017-18 කාලය වන විට 190,000 දක්වා ඉහළ ගොස් ඇත.
  • ඔස්ට්‍රේලියාවේ තාවකාලික සංක්‍රමණිකයින් ද සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇති අතර 2016-17 මුල්‍ය වර්ෂය තුළ පමණක් මිලියන 8.5ක තාවකාලික වීසා නිකුත් කර ඇත.
  • ඉදිරි වසර කිහිපය තුළ සංක්‍රමණය වන සංඛ්‍යාව තවත් ඉහළ යන අතර එය 2020 වන විට මිලියන 50 දක්වා ආසන්න වන බවට ඇස්තම්න්තු කර තිබේ.
  • මේ වන විට ඔස්ට්‍රේලියානු වීසා පද්ධතියේ වීසා වර්ග 99 ක් අඩංගු වේ.

ඔස්ට්‍රේලියානු වීසා පද්ධතිය වෙනස් කිරීම අරමුණු කරගනිමින් ඔස්ට්‍රේලියානු රජය මහජන අදහස් අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ උපදේශන පත්‍රිකාවට ඔබටත් අදහස් දැක්විය හැකිය.

ඊට අදාළ වෙබ් පෝරමයට පිවිසුම මෙතනින් ලබා ගත හැකිය.

අදාළ යෝජනා යොමු කිරීමේ අවසාන දිනය 2017 සැප්තැම්බර් 15 වන දින බව ඔස්ට්‍රේලියානු ආගමන කටයුතු සහ දේශ සීමා ආරක්ෂණ නිල වෙබ් අඩවිය පවසයි.

-------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

-------------------------------------------------------------------------------------------


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now