SKIP TO MAIN CONTENT

කෙනෙකු නොදැනුවත්වම ද්විත්ව පුරවැසිභාවය හිමි විය හැකිද? (SBS සිංහල/වාර්තා)

2016 වසරේ පැවැත්වූ සංගණනයට අනුව ඔස්ට්‍රේලියානු ජනගහනයෙන් 49% දෙනෙකු විදේශයන්හි උපත ලැබූ බව හෝ දෙමාපිය දෙදෙනාගෙන් අවම වශයෙන් එක් අයෙකු හෝ පිටරටක උපත ලැබූ බව හෙළිවී ඇත.

Could you be a dual citizen without realising?
Source: SBS

2 min read

Published

By Madhura Seneviratne

Source: ABC Australia


Skip to article content

ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ මේ දින වල දැඩි අර්බුදකාරී තත්ත්වයක් හටගෙන තිබේ.

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ඇතුළුව ද්විත්ව පුරවැසිභාවය දැරීම හේතුවෙන් මේ වන විට ග්‍රීන්ස් පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු ද ලිබරල් සන්ධානයේ එක් මන්ත්‍රීවරයෙකුද තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරවලින් ඉල්ලා අස්වී ඇත.

තමන්ට ද්විත්ව පුරවැසිභාවය තිබෙන බව ඇත්ත වශෙයන්ම දැන නොසිටි බව ඉන් දෙදෙනකුම පැවසුවෝය.

ඔබ නොදැනුවත්ව ඔබට ද්විත්ව පුරවැසිභාවය හිමිවන්නට හැකිද?

කෙටි පිළිතුර, ඔව් යන්නයි.

විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාව වැනි සංක්‍රමණික ප්‍රජාවක් සිටින රටක මෙවැන්නක් සිදුවීම ඉතා සුලබව සිදුවිය හැකි බව ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සහ මහජන නීතිය පිළිබඳ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සහ පුරවැසිභාවය සම්බන්ධ විශේෂඥ මහාචාර්ය Kim Rubenstein පැවසුවාය.

විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාව වැනි රටක සංක්‍රමණික දෙමාපියන්ගෙන් ඔවුන්ගේ දරුවන්ට නොදැනුවත්වම මුල් රටෙහි පුරවැසිභාවය හිමිවිය හැකි බව ඇය සඳහන් කරයි.

2016 වසරේ පැවැත්වූ සංගණනයට අනුව ඔස්ට්‍රේලියානු ජනගහනයෙන් 49% දෙනෙකු විදේශයන්හි උපත ලැබූ බව හෝ දෙමාපිය දෙදෙනාගෙන් අවම වශයෙන් එක් අයෙකු හෝ පිටරටක උපත ලැබූ බව හෙළිවී ඇත.

පුරවැසිභාවය හිමිවන ක්‍රම මොනවාද?

මහාචාර්ය Kim Rubenstein ට අනුව රටක පුරවැසිභාවය ප්‍රධාන ක්‍රම තුනක් හරහා හිමිවිය හැකිය.

  • රටක උපත ලැබීමෙන්.
  • පරපුරෙන්.
  • සංක්‍රමණය කිරීමෙන්.

පුරවැසිභාවය නිර්ණය කරනුයේ ඒ ඒ රටවල ඇති නීති මත බවද ඇය වැඩි දුරටත් සඳහන් කළාය.

නමුත් තමන්ගේ වංශය හෝ පෙළපත පිළිබඳ බොහෝ දෙනාට දැනුමක් තිබිය යුතු බවද ඇය පෙන්වා දෙයි.

ඔබට ද්විත්ව පුරවැසිභාවය තිබේදැයි දැනගන්නේ කෙසේද?

ඔබගේ වංශය හෝ පෙළපත සම්බන්ධ රටවල් පිළිබඳ සොයා බලා ඒවායේ පුරවැසිභාවය පිළිබඳ නීති සම්බන්ධ විමර්ශනය කළ විට ඔබට පහසුවෙන් ද්විත්ව පුරවැසිභාවය තිබේදැයි දැනගත හැකිය.

ඇතැම් රටවල පුරවැසිභාවය සඳහා ඔබ අයදුම් කළ යුතු වන අතර අනෙක් රටවල එසේ කිරීමට අවශ්‍ය නැත.

ඔස්ට්‍රේලියාවේ ජන ප්‍රජාවේ ප්‍රධාන පෙළපත් 5 පහත පරිදි වේ.

  • එංගලන්තය (සමස්ත ජන ප්‍රජාවෙන් 36.1%)
  • ඔස්ට්‍රේලියාව (33.5%)
  • අයර්ලන්තය (11%)
  • ස්කොට්ලන්තය (9.3%)
  • චීනය (5.6%)

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now