ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිළිබඳ වෙනස්කම් සම්මත වුවහොත් නව නීති පසුගිය අප්‍රේල් 20 වන දා සිට ක්‍රියත්මකයි. (SBS සිංහල/වාර්තා)

අදාළ වෙනස්කම් සම්මත වුවහොත් පසුගිය අප්‍රේල් 20 වන දිනට පසුව ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා අයදුම් කළ අයදුම්කරුවන් හට මෙම නව නීති වලට යටත් වීමට සිදු වනු ඇත.

If the parliament passes the proposed changes regarding the Australian Citizenship, will apply from the 20 April.

Source: SBS

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිරිනැමීමේ යෝජිත වෙනස්කම් පාර්ලිමේන්තු සෙනට් සභාවේදී සම්මත වුවහොත් එම වෙනස්කම් නිවේදනය කළ දිනය වූ 2017 අප්‍රේල් 20 වන දින සිට බලපැවැත්වෙන බව ඊයේ (31/08) වාර්තා විය.

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිරිනැමීමේ යෝජිත වෙනස්කම් පිළිබඳ කරුණු විමසන අවස්ථාවේ සෙනට් කමිටුව ඉදිරියේ මේ බව හෙළිදරව් විය.

ඒ අනුව අදාළ වෙනස්කම් සම්මත වුවහොත් පසුගිය අප්‍රේල් 20 වන දිනට පසුව ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා අයදුම් කළ අයදුම්කරුවන් හට මෙම නව නීති වලට යටත් වීමට සිදු වනු ඇත.

ඒ අනුව අදාළ අයදුම්කරුවන් හට ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීනත්වය මැන බැලෙන ඉංග්‍රීසි පරීක්ෂණයකට මුහුණ  දීමට සිදුවන අතර ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ඔස්ට්‍රේලියාව තුළ වසර 4ක් වාසය කිරීමටද සිදු වේ.

මේ අනුව ඔස්ට්‍රේලියාවට නිපුණතා සංක්‍රමණික වීසා යටතේ සංක්‍රමණය වූ පිරිස් වලට සහ අන්තර්ජාතික සිසුන් හටද මේ තත්ත්වයට මුහුණ පෑමට සිදු වනු ඇති බව පැවසේ.

පසුගිය අප්‍රේල් 20 වන දාට පසුව නිපුණතා සංක්‍රමණිකයින් සහ ජාත්‍යන්තර සිසුන් 50,000 ක් පමණ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා අයදුම් කර ඇති බවත් යම් හෙයකින් මෙය සම්මත වුවහොත් ඔවුන් හට නව නීති බල නොපාන අයුරින් යම් සංක්‍රාන්තික කාලයක් ලබා දීමට හැකියාවක් ඇතිදැයි ලිබරල් සෙනට් සභික Ian Macdonald ඊයේ දිනයේදී ඔස්ට්‍රේලියානු ආගමන දෙපාර්තමේන්තු බලධාරීන්ගෙන් විමසීය.

නමුත් එසේ සංක්‍රාන්තික කාලයක් ලබා දිය නොහැකි බව ඔස්ට්‍රේලියානු ආගමන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ බලධාරියෙකු වූ David Wilden පවසා සිටියේය.

“අප්‍රේල් 20 වන දා මේ වෙනස්කම් රජය පැහැදිලිව ඉදිරිපත් කළේ නිශ්චිත අරමුණක් තියාගෙන. ඉතින් අපි එම වෙනස්කම් වලට වෙනත් කවුළුවක් විවර කරලා අනවශ්‍ය විපර්යාසයක් කරන්නේ ඇයි?” යනුවෙන් David Wilden තව දුරටත් පැහැදිලි කළේය.

සෑම නීතියකින්ම වාසි අත්වන පුද්ගලයින් මෙන්ම අවාසි අත්දකින පුද්ගලයින්ද සිටින බව ඔහු වැඩි දුරටත් පැවසීය.

මේ අතර අප්‍රේල් 20 වන දින නිවේදනය කළ මෙම වෙනස්කම් වලට එරෙහිව මෙම සෙනට් කමිටුව වෙත විශාල වශයෙන් පැමිණිලි ලැබී ඇති බව කම්කරු පක්ෂ සෙනට් සභික Murray Watt පැවසීය.

නමුත් තවමත් ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා අයදුම් කිරීමට අපේක්ෂා කරන පුද්ගලයින් හට නව නීති යටතේ අයදුම් කළ හැකි බව David Wilden කීවේය.

පසුගිය මුල්‍ය වර්ෂය තුළ ඔස්ට්‍රේලියානු පුරවසිභාවය සඳහා අයදුම්පත් 199,151 ලැබුණු බවත් එයින් 113,388 නිපුණතා සංක්‍රමණික වීසා ක්‍රමය යටතේ ද 51,549 ක් පවුල් සම්බන්ධකම් යටතේද 19,860 ක් මානුෂීය හේතුන් යටතේද 14,000 ක් අනෙකුත් හේතුන් යටතේද වූ බව ද සෙනට් කමිටුව හමුවේ හෙළි විය.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


3 min read

Published

By Madhura Seneviratne

Source: AAP, SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now