SKIP TO MAIN CONTENT

BREAKING NEWS : ඕස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය පීටර් ඩටන් ටත් කොරෝනා වැළඳෙයි.

Australian Home Affairs minister Peter Dutton
Australian Home Affairs minister Peter Dutton Source: SBS Sinhala

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

ඕස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය පීටර් ඩටන් මහතාටද කොරෝනා වෛරසය අසාදනය වී ඇතිබව වාර්තා වේ.

මධ්‍යම රජයේ පාර්ලිමේන්තුවේ ඉදිරිපෙළ මන්ත්‍රීවරයෙකු සඳහන් කලේ අමාත්‍ය පීටර් ඩටන් හට අද (13 March) උදෑසන අවදිවන විටදී ශරීර උෂ්ණත්වයේ ඉහල යාමක් සහ උගුරේ වේදනාවක් තිබුන බවයි. ඉන් අනතුරුව සිදුකල පරීක්ෂණ වලදී කොරෝනා වෛරසය අසාදනය වී ඇති බව තහවුරු වුනු බව අමාත්‍ය පීටර් ඩටන් මහතා තහවුරු කොට තිබේ....

ස්වදේශ කටයුතු (Home Affairs) පිලිබඳ අමාත්‍ය Peter Dutton මහතා මේ වන විට ක්වීන්ස්ලන්ත රෝහලට ඇතුලත්ව සිටී. ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ සෞඛ්‍ය අංශ නිර්දේශ වලට අනුකුලව ප්‍රාන්තයේ යම් අයෙකුට කොරෝනා වෛරස අසාදනය වී ඇති බවට තහවුරු වුවහොත් එම පුද්ගලයා වහාම ක්වීන්ස්ලන්ත රෝහලට ඇතුළත් විය යුතුයි. එම ප්‍රතිපත්ති වලට අනුකූලව යමින් අමාත්‍යවරයා මේවන විට ක්වීන්ස්ලන්ත රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර සඳහා යොමුව සිටි.

මේ වන විට ඕස්ට්‍රේලියාවේ පුද්ගලයින් 150 කට වැඩි පිරිසකට මාරාන්තික කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර එයට ගොදුරු වූ පළමු ඕස්ට්‍රේලියානු දේශපාලනඥයා පීටර් ඩටන් මහතා වේ.

SBS සිංහල ගුවන් විදුලියට සවන්දෙන්න පුළුවන් අයුරු මෙන්න

.
. Source: SBS Sinhala radio

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now