2020/21 මුල්‍ය වර්ෂය සඳහා ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි සඳහා තම සංක්‍රමණික වැඩසටහන් වෙනුවෙන් අදාළ සංක්‍රමණික කෝටාව පසුගිය සතියේදී ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත් කළේය.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
2020/21 මුල්‍ය වර්ෂයේ හරි අඩක් ගතවූ පසුව මෙම කෝටාවන් නිකුත් කිරීම මෙවර සුවිශේෂී තැනක් ගනී.

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි වල සංක්‍රමණික වැඩසටහන්
2020/21 වසරට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි සඳහා වූ සංක්‍රමණික කෝටාවන් වෙන් කිරීමේදී පහත පරිදි ඒවා ප්‍රධාන ධාරාවන් තුනකට බෙදා වෙන් කර තිබේ.
- Skilled – Nominated (subclass 190)
- Skilled Work Regional (Provisional) (subclass 491)
- Business Innovation and Investment Program (BIIP)
මෙහිදී 190 වීසා උප ඛාණ්ඩය යනු ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සෘජුව හිමි කරදෙන වීසා ඛාණ්ඩයකි.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
එමෙන්ම 491 හා BIIP යන ඛාණ්ඩ හරහා ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීමට සංක්‍රමණිකයින් හට මග පාදයි.
ඒ ඒ ප්‍රාන්ත හා ටෙරිටරි තම සංක්‍රමණික වැඩසටහන් සඳහා තමන්ටම වෙන්වූ නිර්ණායක ක්‍රියාත්මක කරනු ලබයි.
ඒ අනුව අදාළ අයදුම්කරුවන් ඒ ඒ නිර්ණායක වලට යටත්ව තම අයදුම්පත් මේ සඳහා යොමු කළ යුතු වේ.

2020/21 ට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි සඳහා වූ සංක්‍රමණික කෝටාවන්
2020/21 ට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි සඳහා වූ සංක්‍රමණික කෝටාවන් පිළිබඳ සලකා බැලීමේදී මෙවරත් ඉහළම කෝටාව ලැබී ඇත්තේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයටය.
එම ප්‍රමාණය 8,550 කි.
මෙහි දෙවැනි වැඩිම කෝටාව හිමිව ඇත්තේ වික්ටෝරියානු ප්‍රාන්තයට වන අතර එය 5,293 කි.
ඒ ඒ ප්‍රාන්තයට හා ටෙරිටරියට 2020/21 වසර සඳහා හිමිවූ සංක්‍රමණික කෝටාව ප්‍රධාන ධාරාවන් තුන අනුව පහත පරිදි වේ.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය
- Subclass 190 – 3,550
- Subclass 491 – 2,800
- Business Innovation and Investment Program – 2,200
වික්ටෝරියානු ප්‍රාන්තය
- Subclass 190 – 2,500
- Subclass 491 – 1,043
- Business Innovation and Investment Program – 1,750
දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය
- Subclass 190 – 1,500
- Subclass 491 – 1,850
- Business Innovation and Investment Program – 1,000
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය
- Subclass 190 – 1,000
- Subclass 491 – 1,250
- Business Innovation and Investment Program – 1,200
ටස්මේනියා ප්‍රාන්තය
- Subclass 190 – 1,000
- Subclass 491 – 1,400
- Business Innovation and Investment Program - 45
බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය
- Subclass 190 – 1,100
- Subclass 491 - 340
- Business Innovation and Investment Program - 360
Australian Capital Territory
- Subclass 190 - 702
- Subclass 491 - 598
- Business Innovation and Investment Program - 30
Northern Territory
- Subclass 190 - 500
- Subclass 491 - 500
- Business Innovation and Investment Program - 75

