SKIP TO MAIN CONTENT

NSW ප්‍රාන්තයේ කා බී විනෝද වීමට නොමිලේ ලබාදෙන වවුචර ලබාගන්නේ මෙහෙමයි (SBS සිංහල / වාර්තා)

Dine & Discover වවුචර භාවිතා කළ හැක්කේ Dine & Discover වැඩසටහනට සම්බන්ධ ව්‍යාපාරික ස්ථානවලදී පමණි.

How to apply for Dine & Discover NSW Vouchers
Source: AAP Image/Dan Himbrechts

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS Sinhala program


Skip to article content

ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තවැසියන්ව නිවෙස්වලින් පිටතට පැමිණ ආහාර පාන ගැනීම, කලා සහ විනෝදාස්වාද කටයුතු සඳහා සහභාගී කරවීම උනන්දු කරවීම පිණිස Dine & Discover NSW නමින් නව වැඩසටහනක් දියත් කර තිබේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් දියත් කළ මෙම වැඩසටහන යටතේ Dine & Discover වවුචර නොමිලයේ ලබා ගැනීමට අවස්ථාව හිමිවේ.


Highlights

  • සම්පුර්ණ වටිනාකම $100 ක් වන $25 වවුචර 4 ක් සඳහා මෙහිදී අයදුම් කිරීමට අවසර ලැබේ.
  • මෙම වවුචර 2022 ජුනි 30 තෙක් වලංගු වේ.
  • Dine & Discover වවුචර ලබාගැනීමට ඔබට MyServiceNSW ගිණුමක් තිබිය යුතුය.

Dine & Discover වවුචර

වයස අවුරුදු 18 ට හෝ ඊට වැඩි නිව් සවුත් වේල්ස් ප්‍රාන්තවැසියන්ට මෙම වුව්චර Dine & Discover වවුචර සඳහා අයදුම් කළ හැකිය.

සම්පුර්ණ වටිනාකම $100 ක් වන $25 වවුචර 4 ක් සඳහා මෙහිදී අයදුම් කිරීමට අවසර ලැබේ.

එයින් Dine NSW වවුචර 2 ක අවන්හල්, කැෆේ, තැබෑරුම්, wineries, pubs සහ සමාජ ශාලාවල ආහාර පාන ගැනීමට හෝ takeaway ක්‍රමයට ආහාර පාන ගැනීමට හෝ භාවිත කළ හැකිය.

ඊට අමතරව සෙසු Discover NSW 2 ක සංස්කෘතික ආයතන, සජීවී සංගීතය සහ කලා ස්ථාන ඇතුළු විනෝදාස්වාද කටයුතු සඳහා භාවිත කළ යුතුය.

රජයේ නිවාඩු ද ඇතුළුව සතියේ දින 7 තුළ ඕනෑම දිනයකදී මෙම වවුචර භාවිතා කළ හැකිය

මෙම වවුචර 2022 ජුනි 30 තෙක් වලංගු වේ.

NSW Premier Dominic Perrottet
NSW Premier Dominic Perrottet. Source: AAP

Dine & Discover වවුචර සඳහා අයදුම් කිරීමට සුදුසුකම්

Dine & Discover වවුචර සඳහා අයදුම් කිරීමට පහත සඳහන් සුදුසුකම් සපුරා තිබිය යුතුය.

  • වයස අවුරුදු 18 හෝ ඊට වැඩි විය යුතුය.
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වාසය කළ යුතුය.

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


Dine & Discover වවුචර භාවිතා කළ හැකි සහ නොහැකි අවස්ථා

  • Dine & Discover වවුචර භාවිතා කළ හැක්කේ Dine & Discover වැඩසටහනට සම්බන්ධ ව්‍යාපාරික ස්ථානවලදී පමණි.
  • ඔබේ බිල්පත ඩොලර් 25 ට අඩුනම් ඉතිරි මුදල් ඔබට ලබාදෙනු ඇත.
  • වවුචරය කල් ඉකුත්වීමේ දිනයට පෙර භාවිත කළ යුතුය.
  • Dine & Discover වවුචරය ලබාදී අත්පිට මුදල් ගත නොහැක.
  • ඇල්කොහොල්, දුම්කොළ ගැනීමට මෙන්ම සූදු ක්‍රීඩා සඳහා ද මෙම වවුචර භාවිත කළ නොහැකිය.
Dine & Discover NSW Vouchers
Source: www.service.nsw.gov.au

ඔබට අවශ්‍ය දේ

Dine & Discover වවුචර ලබාගැනීමට ඔබට MyServiceNSW ගිණුමක් තිබිය යුතුය.

NSW රියදුරු බලපත්‍රය, Medicare කාඩ්පත, ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රය වැනි අනන්‍යතාව සහතික කළ හැකි ලේඛන 2 ක් ඉදිරිපත් කළ යුතුය.

Service NSW app එකේ නවතම version එක download කරගැනීමට සහ වවුචර් භාවිතා කිරීමට Smart ජංගම උපාංගයක් තිබිය යුතුය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now