Australian Competition and Consumer Commission (ACCC) හෙවත් ඔස්ට්‍රේලියානු තරඟකාරී හා පාරිභෝගික කොමිෂන් සභාවට අනුව සංස්කෘතික හා භාෂාමය වශයෙන් විවිධවූ ඔස්ට්‍රේලියානුවන්ගෙන් වංචනිකයින් ඩොලර් මිලියන 22 ක් සොරකම් කර ඇත.
මෙය 2019 වසරට සාපේක්‍ෂව මූල්‍ය අලාභවල 60% ක ඉහළ යාමකි.
Highlights
- ඔස්ට්‍රේලියාවේ බහු සංස්කෘතික ප්‍රජාව බරපතල ලෙස හසුවී ඇති වංචා වර්ගය ලෙස මෙම ආයෝජන වංචාවන් හැඳින්වේ.
- බරපතල ලෙස මෙයට හසුවී ඇති බව පෙනී යන්නේ මෑතකදී ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ ශ්‍රී ලාංකික සහ බුරුම සංක්‍රමණිකයින්ය.
- සියලුම වංචා පාඩු වලින් අඩක්ම පාහේ ආරම්භ වන්නේ දුරකථන ඇමතුමකිනි.
ACCC යනු වංචාවන් කඩාකප්පල් කිරීම් පිළිබඳ ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ අධිකාරියකි.
එහි උප සභාපතිනි Delia Rickard මේ වසරේ ඔස්ට්‍රේලියාවේ කොවිඩ් වසංගතය නිසා සිදුකළ lockdowns කිරීම් තුළ ඊටත් වඩා විශාල අලාභයක් පුරෝකථනය කරයි.

බහු සංස්කෘතික ප්‍රජාව බහුලව මුහුණ දුන් scam හෙවත් වංචා වර්ග
ආයෝජන වංචාවන්
නවතම ACCC වාර්තාවට අනුව ඔස්ට්‍රේලියාවේ බහු සංස්කෘතික ප්‍රජාව බරපතල ලෙස හසුවී ඇති වංචා වර්ගය ලෙස මෙම ආයෝජන වංචාවන් හැඳින්වේ.
‘Hope Business’ app වැනි පිරමීඩ ක්‍රම (Ponzi schemes) හරහා බහු සංස්කෘතික ප්‍රජාව සැලකිය යුතු මූල්‍ය අලාභයන්ට මුහුණ දී ඇති අතර ඒවා සමාජ මාධ්‍ය හරහා දැඩි ලෙස ප්‍රවර්ධනය කෙරේ.
Scamwatch වෙබ් අඩවියට මෙවැනි ආයෝජන වංචා සම්බන්ධව පැමිණිලි 400 ක් පමණ ලැබුණු අතර බහු සංස්කෘතික ප්‍රජාවන්ගෙන් පමණක් ඩොලර් මිලියන 1.5 ක පාඩුවක් වාර්තා විය.
එහිදී බරපතල ලෙස මෙයට හසුවී ඇති බව පෙනී යන්නේ මෑතකදී ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ ශ්‍රී ලාංකික සහ බුරුම සංක්‍රමණිකයින්ය.
එනිසා කිසියම් සැලකිය යුතු ආයෝජනයක් කිරීමට පෙර සුදුසුකම් ලත් මුල්‍ය උපදේශකයෙකුගෙන් උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත් වේ.
මේ ආකාරයේ app වර්ග තම app stores වලින් ඉවත් කිරීමට Google සහ Apple කටයුතු කරමින් සිටියි.

තර්ජනය පදනම් කරගත් වංචාවන්
සියලුම වංචා පාඩු වලින් අඩක්ම පාහේ ආරම්භ වන්නේ දුරකථන ඇමතුමකිනි.
මෙහිදී ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව, ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය වැනි ආයතනවලින් අමතනවා කියා දුරකතන ඇමතුම් ලබාදී පුද්ගලයින්ගේ පෞද්ගලික තොරතුරු හෝ මුදල් සොරාගැනීමට මෙම වංචාකරුවන් පුරුදු වී සිටියි.
මෙය 2019-2020 වසර හා සසඳන විට 250% කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ.

Dating වංචාවන්
ඔස්ට්‍රේලියාවේ වෙසෙන බහු සංස්කෘතික ප්‍රජාවන්හි Dating හා ආදර වංචාවන්ට ඩොලර් මිලියන 3.8 කට වැඩි පාඩුවක් ACCC වාර්තා කළේය.
එය 2019 වසරට සාපේක්ෂව සියයට සියයකටත් වැඩි වර්ධනයක් වාර්තා කරයි.
ඔස්ට්‍රේලියාවේ මේවා වාර්තා වීම අවම බව සඳහන්.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
Flubot වංචාව
ජංගම දුරකථනවලට SMS හෙවත් කෙටි පණිවිඩයක් අයුරින් මෙම Flubot scam එක ලැබේ.
එම කෙටි පණිවිඩයේ link එකක් තිබෙන අතර ඒ link එක click කළ විට අදාළ ජංගම දුරකතනයේ පසුබිමින් Malware App එකක් නොදැනුවත්වම Install වේ.
එම Malware App එක Install වීමෙන් පසුව එම ජංගම දුරකතනයේ ඇති දුරකතන අංක, අනෙක් Passwords, බැංකු ගිණුම් තොරතුරු සොරකම් කිරීමට හැකියාව තිබේ.
මෙයට හසු නොවී සිටීමට ඉතා පහසු වන අතර අදාළ සැකසහිත කෙටි පණිවිඩවල links click නොකර හැකි විගස ඒවා මකා දැමිය යුතුය.

වංචාවන්ට හසු නොවීමට සරල උපදෙස්
- වංචනිකයින්ට ඕනෑම අයෙකු ලෙස පෙනී සිටිය හැකිය, එබැවින් ආගන්තුකයෙකු ඔබට link එවන්නේ නම් එය මකා දමන්න.
- සෑමවිටම ඊමේල් පණිවිඩයක එය එවනු ලැබූ තැනැත්තාගේ ඊමේල් ලිපිනය පරීක්ෂා කරන්න. ඊමේල් header එක double click කිරීමෙන් එය බලාගත හැකිය.
- public Wi-Fi භාවිත කිරීම හැකිතාක් සීමා කරන්න.
- online භාණ්ඩ මිලදී ගැනීමේදී අන්තර්ජාල ආරක්‍ෂක සහතිකයක් ඇති වෙබ් අඩවියකින් භාණ්ඩ මිලදී ගන්න, ඒ සඳහා URL එකේ ලොක් එකක සටහනක් තිබේදැයි බලන්න.
- online ව්‍යාපාර පිළිබඳ පර්යේෂණ කර ඒවායේ reviews සහ පාරිභෝගික අත්දැකීම් සොයා ගන්න.
- බැංකු තොරතුරු, superannuation තොරතුරු වැනි කිසිදු පුද්ගලික තොරතුරක් දුරකථනය හරහා ලබා නොදෙන්න.
- ඔබගේ පරිගණකයට කිසිදු ආකාරයකින් remote access ලබා නොදෙන්න.








