ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිරි නැමීමේ ක්‍රමවේදයට සංශෝධනයක් (SBS සිංහල/ වාර්තා)

මේ වන විට ක්‍රියාත්මකවන සාමාන්‍ය ක්‍රමවේදය යටතේ වලංගු ඔස්ට්‍රේලියානු වීසා බලපත්‍රයක් යටතේ වසර 4 ක් ඔස්ට්‍රේලියාව තුළ වාසය කල ස්ථිර පදිංචිකරුවන්ට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය සඳහා අයදුම් කළ හැකිය.

Changes announced to lodgement arrangements for Australian citizenship from 1 November

Source: AAP

Australian Citizenship Day හෙවත් ඔස්ට්‍රේලියානු පුරවැසි දිනය අදට (17/09) යෙදී තිබේ.

ඒ සමගම ඇතැම් ඇති දක්ෂ අයදුම්කරුවන්ගේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සම්බන්ධ අයදුම්පත් ඉතා ඉක්මණින් සලකා බලා ඔවුන්ට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිරි නැමීමට විධිමත් සංශෝධන කිහිපයක් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය නිවේදනය කර ඇත.


Highlights

  • මෙම ප්‍රතිලාභය ප්‍රධාන වශයෙන් සියලුම distinguished talent වීසා ලාභීන්ට ඇතුළුව නම් කළ විශේෂ පිරිස් වෙත පමණක් ලැබේ.
  • ඒ සඳහා ඔවුන් වලංගු ඔස්ට්‍රේලියානු වීසා බලපත්‍රයක් පසුගිය වසර 4 තුළ හොබවා තිබිය යුතුය.
  • එමෙන්ම එම කාලයේදී අවම වශයෙන් දින 480 ක් ඔස්ට්‍රේලියාව තුළ වාසය කළ යුතු අතර අයදුම් කිරීමට පෙර වසරේ දින 120 ක් ස්ථිර පදිංචිකරුවෙකු ලෙස ඔස්ට්‍රේලියාවේ සිටිය යුතුය.

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සම්බන්ධ අයදුම්පත් සලකා බැලීමේදී නම්‍යශීලී පිළිවෙතක්

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවයට අයදුම් කර ඇති ඇතැම් ඇති දක්ෂ සහ කීර්තිමත් අයදුම්කරුවන් මුහුණ දෙන සුවිශේෂී දුෂ්කරතා හඳුනා ගැනීම සඳහා එම අයදුම්පත් සලකා බැලීමේ ක්‍රියාවලියට අතිරේක නම්‍යශීලී බවක් හඳුන්වා දුන් බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන, පුරවැසිභාවය, සංක්‍රමණික සේවා සහ බහු සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය Alex Hawke පැවසීය.

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය දුර්ලභ වරප්‍රසාදයක් වන අතර එය ලබාගැනීම පහසු නොවිය යුතු බව අමාත්‍යවරයා පැවසීය.

ඒ සඳහා අයදුම් කරන පුද්ගලයින් චරිත පරීක්ෂාව, ඔස්ට්‍රේලියානු වටිනාකම් පිළිබඳ පරීක්ෂණය සහ ඉංග්‍රීසි භාෂා පරීක්ෂණය වැනි විවිධ අවශ්‍යතා රාශියක් සපුරාලිය යුතු බවත් ඔහු සඳහන් කළේය.


 

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


 

මේ වන විට ක්‍රියාත්මකවන සාමාන්‍ය ක්‍රමවේදය යටතේ වලංගු ඔස්ට්‍රේලියානු වීසා බලපත්‍රයක් යටතේ වසර 4 ක් ඔස්ට්‍රේලියාව තුළ වාසය කල ස්ථිර පදිංචිකරුවන්ට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය සඳහා අයදුම් කළ හැකිය.

කෙසේවෙතත්, ඉතාමත් කීර්තිමත් සහ ඇති දක්ෂ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය අපේක්‍ෂිත ඇතැම් අනාගත ඔස්ට්‍රේලියානුවන් හට මෙම ක්‍රමයේ නම්‍යශීලී බවක් ඇති කරන ලෙස අමාත්‍යවරයා දැනුම් දී තිබේ.

"සුවිශේෂී පුද්ගලයින් ඔස්ට්‍රේලියානුවන් වීම වැළැක්විය යුතු නැහැ. ඔවුන් කරන සුවිශේෂී කාර්යයන් නිසාම ඔවුන් සුවිශේෂී වීම ඊට හේතුවයි." යනුවෙන්ද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන, පුරවැසිභාවය, සංක්‍රමණික සේවා සහ බහු සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය Alex Hawke පැවසීය.

Alex Hawke - Minister for Immigration, Citizenship, Migrant Services and Multicultural Affairs
Alex Hawke - Minister for Immigration, Citizenship, Migrant Services and Multicultural Affairs Source: AAP Image/Lukas Coch

ප්‍රතිලාභ හිමිවන පිරිස

මෙම ප්‍රතිලාභය ප්‍රධාන වශයෙන් පහත සඳහන් පිරිස් වෙත ලැබෙන බව ආගමන හා පුරවැසිභාවය පිළිබඳ අමාත්‍ය Alex Hawke පැවසීය.

  • ඔස්ට්‍රේලියානු ජාතික ක්‍රීඩා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්
  • ඔස්ට්‍රේලියාව නියෝජනය කරන නාවික කාර්ය මණ්ඩලය
  • ඔස්ට්‍රේලියාව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ ව්‍යාපාරිකයින්
  • ඔස්ට්‍රේලියාව නියෝජනය කරන පර්යේෂණ විද්‍යාඥයින්
  • ඔස්ට්‍රේලියාව නියෝජනය කරන කීර්තිමත් කලාකරුවන්
  • සියලුම distinguished talent වීසා ලාභීන්

මෙම ප්‍රතිලාභය ලබා ගැනීම පිණිස ඉහත පුද්ගලයින් වලංගු ඔස්ට්‍රේලියානු වීසා බලපත්‍රයක් පසුගිය වසර 4 තුළ හොබවා තිබිය යුතු අතර එම කාලයේදී අවම වශයෙන් දින 480 ක් ඔස්ට්‍රේලියාව තුළ වාසය කළ යුතු අතර අයදුම් කිරීමට පෙර වසරේ දින 120 ක් ස්ථිර පදිංචිකරුවෙකු ලෙස ඔස්ට්‍රේලියාවේ සිටිය යුතුය.

ඔස්ට්‍රේලියාව නියෝජනය කරමින් මෙම පුද්ගලයින්ට නිරතුරුව ජාත්‍යන්තර සංචාරවල යෙදීමට සිදුවීම නිසා ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා දීමේදී මෙම නම්‍යශීලී පිළිවෙත ඔවුන් කෙරෙහි අනුගමනය කිරීමට මධ්‍යම රජය තීරණය කර ඇත.


3 min read

Published

By Madhura Seneviratne

Source: SBS Sinhala program



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now