ඔස්ට්‍රේලියාව ජාත්‍යන්තර සංචාර සඳහා යළි විවෘත කිරීමේ වැඩපිළිවෙලේ තවත් පියවරක් පිළිබඳ ඊයේ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය නිවේදනය කළේය.
විදෙස් රටවල සිට ඔස්ට්‍රේලියාවට පැමිණීමේදී ඩිජිටල් මගී ප්‍රකාශයක් ලබාගැනීම එම පියවර වේ.
Highlights
- විදෙස් රටක සිට ඔස්ට්‍රේලියාවට පැමිණෙන පුද්ගලයින් තම තොරතුරු ඇතුළත් කරන incoming passenger card එක වෙනුවට මෙම නව ඩිජිටල් මගී ප්‍රකාශය ක්‍රියාත්මක වේ.
- ඔස්ට්‍රේලියාවට පැමිණෙන මගීන්ට ඔවුන්ගේ ජංගම දුරකතනයෙන් හෝ පරිගණකයෙන් මෙම ඩිජිටල් මගී ප්‍රකාශය සම්පූර්ණ කළ හැකිය.
- මේ වසර අවසානයේදී මෙම DPD හෙවත් නව ඩිජිටල් මගී ප්‍රකාශය දියත් කිරීම සඳහා Accenture ආයතනය ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව සමඟ සමීපව කටයුතු කරයි.
නව ඩිජිටල් මගී ප්‍රකාශය
මේ වන විට විදෙස් රටක සිට ඔස්ට්‍රේලියාවට පැමිණෙන පුද්ගලයින් තම තොරතුරු ඇතුළත් incoming passenger card එකක් හෙවත් මගී තොරතුරු කාඩ්පතක් පුරවා ලබා දිය යුතුය.
ඊට අමතරව COVID-19 Australian Travel Declaration web form හෙවත් COVID-19 පිළිබඳ ඔස්ට්‍රේලියානු සංචාර ප්‍රකාශන වෙබ් පෝරමයද ඔවුන් විසින් පිරවිය යුතුවේ.
මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත් කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.
අදාළ ගුවන් යානයට ගොඩවීමට පැය 72 කට පෙර සිට ගුවන් මගීන්ගේ කොවිඩ් එන්නත් ලබාගෙන ඇති තත්ත්වය ඇතුළු අත්‍යවශ්‍ය තොරතුරු ඒ හරහා ලබා ගනී.
නමුත් මේ සියලු දේ Digital Passenger Declaration (DPD) හෙවත් නව ඩිජිටල් මගී ප්‍රකාශය හරහා ලබා ගැනීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සූදානම් වේ.
ඒ අනුව ඔස්ට්‍රේලියාවට පැමිණෙන මගීන්ට ඔවුන්ගේ ජංගම දුරකතනයෙන් හෝ පරිගණකයෙන් මෙම ඩිජිටල් මගී ප්‍රකාශය සම්පූර්ණ කළ හැකිය.

ඔස්ට්‍රේලියාව ජාත්‍යන්තර සංචාරකයින් යළි පිළිගැනීමට බලාපොරොත්තුවෙන්
ඔස්ට්‍රේලියාව ජාත්‍යන්තර සංචාරකයින් යළි පිළිගැනීමට බලාපොරොත්තුවෙන් බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු පිළිබඳ ඇමතිනී Karen Andrews නිවේදනයක් නිකුත් කරමින් පැවසුවාය.
ඒ අනුව සෞඛ්‍ය උපදෙස්වල සහාය ඇතිව ඔස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂිතව නැවත විවෘත කිරීම සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ක්‍රියාකාරී පියවර ගනිමින් සිටින බවද ඇය එහි සඳහන් කර තිබේ.
ඩිජිටල් මාධ්‍යය ඔස්සේ තහවුරු කළ ඒ ඒ ගුවන් මගියා ලබාගත් කොවිඩ් එන්නතේ තොරතුරු මෙම නව ඩිජිටල් මගී ප්‍රකාශය මගින් පහසුවෙන් ලබාගත හැකි බැවින් එය ඔස්ට්‍රේලියාවේ ජාත්‍යනතර දේශ සීමා යළි විවෘත කිරීමට සහය වනු ඇතැයි ස්වදේශ කටයුතු පිළිබඳ ඇමතිනී Karen Andrews ප්‍රකාශ කළාය.
"සංචාරකයින්, ජාත්‍යන්තර සිසුන්, skilled workers හෙවත් පුහුණු සේවකයින් සහ විදේශීය මිතුරන් සහ ඔස්ට්‍රේලියාවේ ජීවත් වන පුද්ගලයින්ගේ පවුලේ අය යළි ඔස්ට්‍රේලියාවට සාදරයෙන් පිළිගැනීමට මෙය අපට උපකාරී වෙයි." යනුවෙන්ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

රජයේ අනෙක් සේවාවන් සඳහාත් මෙම තාක්ෂණය
ඔස්ට්‍රේලියාවේ අනෙකුත් රජයේ සේවාවන් සඳහා ද යාවත්කාලීන කළ ඩිජිටල් ක්‍රමයක් ලබා දීම සඳහා මෙම DPD හෙවත් නව ඩිජිටල් මගී ප්‍රකාශය පදනම් කරගත් එකම තාක්‍ෂණය නැවත භාවිතා කරන්නේ කෙසේද යන්න පිළිබඳ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සලකා බලනු ඇතැයි අමාත්‍ය Stuart Robert පැවසීය.
Stuart Robert යනු ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ රැකියා, ශ්‍රම බලකාය, නිපුණතා, කුඩා හා පවුල් ව්‍යාපාර කටයුතු පිළිබඳ අමාත්‍යවරයා වන අතර දත්ත සහ ඩිජිටල් ප්‍රතිපත්ති සඳහා ද ඔහු වගකිව යුතුය.
මේ සඳහා වීසා, ආනයන බලපත්‍ර, පුද්ගල හැඳුනුම්පත්, රියදුරු බලපත්‍ර, වාහන ලියාපදිංචිය සහ වෙනත් ලියකියවිලි ඇතුළත් විය හැකි අතර මීට පෙර සිදුවූ කරදරකාරී ක්‍රියාවලීන් තොරව පහසු, ආරක්‍ෂිත හා විනිවිදභාවයෙන් එය සිදු කිරීමට හැකිවෙතැයි ඔහු අවධාරණය කළේය.
ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් ස්වාධීනව ක්‍රියාත්මක කරන ලද තරඟකාරී ටෙන්ඩර් ක්‍රියාවලියක් හරහා Accenture ආයතනයට මෙම කාර්යය ප්‍රදානය කර ඇත.
මේ වසර අවසානයේදී මෙම DPD හෙවත් නව ඩිජිටල් මගී ප්‍රකාශය දියත් කිරීම සඳහා Accenture ආයතනය ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව සමඟ සමීපව කටයුතු කරයි.
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගුවන් තොටුපලවල මහා පරිමාණයෙන් යෙදවීමට පෙර මෙම DPD හෙවත් නව ඩිජිටල් මගී ප්‍රකාශය දැන් පරීක්ෂණ අවධියේ පසුවෙයි.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

