ඔස්ට්‍රේලියාවේ තාවකාලික සංක්‍රමණ පද්ධතිය කණපිට පෙරළීමට සෙනට් කමිටුවෙන් නිර්දේශ 40 ක් (SBS සිංහල/ වාර්තා)

ඔස්ට්‍රේලියාවේ වත්මන් තාවකාලික සංක්‍රමණ පද්ධතියේ ඇති දුර්වල ස්ථාන නිසා තාවකාලික වීසා හිමියන්ට නියමාකාරයෙන් ප්‍රතිලාභ හිමි නොවන බව මෙහිදී හෙළිවී තිබේ.

Exploitation, wage theft rife for temporary visa holders, report says

Exploitation, wage theft rife for temporary visa holders, report says Source: Kagenm/Getty

ඔස්ට්‍රේලියාවේ තාවකාලික සංක්‍රමණ පද්ධතියේ විශාල වෙනස්කම් කිහිපයක් කරන ලෙස සෙනට් කමිටුව ඉල්ලා සිටියි.

එම වෙනස්කම් සිදු කිරීම සඳහාවූ නිර්දේශ 40 ක්ද සෙනට් කමිටුව ඊයේ (01/09) ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට බාර දුන්නේය.


Highlights

  • සේවකයින් සූරාකෑමට හසු වූ සමාගම්වලට සහ හාම්පුතුන්ට තාවකාලික සංක්‍රමණිකයින් රැකියාවල යොදවා ගැනීම තහනම් කළ යුතුය යන්න එක් ප්‍රධාන නිර්දේශයකි.
  • ඔස්ට්‍රේලියානු වීසා පිළිබඳ කාලෝචිත තීරණ ගැනීම සඳහා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට ලබාදෙන මුල්‍ය ප්‍රතිපාදන වැඩි කළ යුතු බවද එහිදී දක්වා තිබේ.
  • ශ්‍රම සූරාකෑම් පිළිබඳ තොරතුරු වාර්තා කරන තාවකාලික සංක්‍රමණිකයින්ව ආරක්ෂා කළ යුතුය යන්නද එහි නිර්දේශ කර ඇත.

ප්‍රධාන නිර්දේශ

  • දෙවන වසර සඳහා ද ඔස්ට්‍රේලියානු වීසා බලපත්‍රයක් ලබාගැනීම පිණිස සඳහා backpackerවරුන්ට පනවා තිබූ දින 88 ක් රැකියා කළ යුතුය යන අවශ්‍යතාවය අහෝසි කළ යුතුය.
  • ඔස්ට්‍රේලියානු වීසා පිළිබඳ කාලෝචිත තීරණ ගැනීම සඳහා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට ලබාදෙන මුල්‍ය ප්‍රතිපාදන වැඩි කළ යුතුය.
  • ඔස්ට්‍රේලියාවේ ගොවිපල ශ්‍රම හිඟය පියවීම සඳහා පැසිෆික් ශ්‍රම වැඩසටහන් දෙකක් ක්‍රියාත්මක කළ යුතුය.
  • Seasonal workers හෙවත් අස්වනු නෙලන සමයේ සේවය කරන සෘතුමය සේවකයින් සඳහා ඔස්ට්‍රේලියාවේ නිරෝධායන ධාරිතාව වැඩි කළ යුතුය.
  • සේවකයින් සූරාකෑමට හසු වූ සමාගම්වලට සහ හාම්පුතුන්ට තාවකාලික සංක්‍රමණිකයින් රැකියාවල යොදවා ගැනීම තහනම් කළ යුතුය.

 

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


 

  • වැටුප් සොරකම් සම්බන්ධයෙන් නීතිමය කටයුතු කිරීම සඳහා සුළු පරිමාණයේ විනිශ්චය සභාවක් පිහිටුවිය යුතු අතර අදාළ නඩුව අවසන්වනතෙක් එම පුද්ගයන්ගේ වීසා දිගු කළ යුතුය.
  • ශ්‍රම සූරාකෑම් පිළිබඳ තොරතුරු වාර්තා කරන තාවකාලික සංක්‍රමණිකයින් සහ අනෙකුත් පුද්ගලයින්ව ආරක්ෂා කිරීම සඳහා Fair Work Ombudsman සහ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව අතර නීත්‍යානුකූල බාධකයක් ඇති කළ යුතුය.
  • ඔස්ට්‍රේලියාවේ නිපුණතා හිඟය හඳුනා ගැනීම සහ ඒවාට පිළියම් යෙදීම සඳහා රජය, කර්මාන්ත සහ වෘත්තීය සමිති ඒකාබද්ධ වූ නව ආයතනයක් පිහිටුවිය යුතුය.
Migrants Australia
Source: Getty Images

සෙනට් විමර්ශනය

මෙම සෙනට් විමර්ශන කමිටුව හමුවට විවිධ ගැටළුවලට මුහුණ දුන් තාවකාලික වීසා හිමියන් පැමිණි බව වාර්තා වේ.

එහිදී ඔවුන්ගේ ජීවිත අත්දැකීම් පිළිබඳ පුළුල් පරාසයක කථා එකතු වූ බව මෙම සෙනට් විමර්ශන කමිටුවේ සභාපති ලෙස කටයුතු කළ කම්කරු පක්ෂ සෙනට් සභික Raff Ciccone පැවසීය.

ඒ සෑම කතාවක් යටින්ම දිවයන එක් පොදු කතාවක් ඇති බවත් එනම් මෙම තාවකාලික වීසා පද්ධතියේ ඇති දුර්වල ස්ථාන නිසා තාවකාලික වීසා හිමියන්ට නියමාකාරයෙන් ප්‍රතිලාභ හිමි නොවීම බව ද ඔහු සඳහන් කළේය.

තාවකාලික වීසා හිමි සේවකයින් සූරාකෑම, ඔවුන්ගේ වැටුප් සොරකම් කිරීම, ශාරීරික හිංසනය සහ ලිංගික හිංසනය මෙම සෙනට් විමර්ශනය පුරාවටම ලේඛනගත කර ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.

ගොවිපල ශ්‍රම හිඟය, වීසා අනුමත වීමට විශාල කාලයක් බලා සිටීමට සිදුවීම අනුමැතිය ලබා ගැනීම සහ අස්ථිර ශ්‍රම බලකායේ බලපෑමෙන් පීඩා විඳින ප්‍රාදේශීය කලාපවල ප්‍රජාවන් පිළිබඳව මෙම වාර්තාව විශේෂයෙන් අවධාරණය කර තිබේ.

මෙම නිර්දේශ පක්ෂග්‍රාහී නොවන බවත් ඔස්ට්‍රේලියාවේ අනාගත සමෘද්ධිය උදෙසා මේ සම්බන්ධව ස්ථිර ක්‍රමවේදයක් නිර්මාණය කිරීම පිළිබඳ බැරෑරුම් ලෙස සලකා බලන ලෙසත් සෙනට් සභික Ciccone වැඩිදුරටත් පැවසුවේය.


Share

3 min read

Published

By Madhura Seneviratne

Source: AAP, SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now