ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය එළඹෙන සැප්තැම්බර් 21 සිට නව කෘෂිකාර්මික වීසා බලපත්‍රයක් හඳුන්වා දීමට කටයුතු කර තිබේ.
කොවිඩ් වසංගතය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ගොවි, ධීවර හා වන ක්ෂේත්‍රයන්හි ඇති වූ ශ්‍රම හිඟය පියවීම මෙහි මූලික අරමුණ වී ඇත.
Highlights
- මෙම වැඩසටහන ඊළඟ අස්වැන්න නෙළීමට පෙර එනම් සැප්තැම්බර් 21 දා සිට ක්‍රියාත්මක වීමට නියමිතය.
- නව කෘෂිකාර්මික වීසා බලපත්‍රය පැසිෆික් සහ අග්නිදිග ආසියානු ශ්‍රමිකයින් වෙත ලබාදීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර තිබේ.
- ඔස්ට්‍රේලියානු කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ මේ වන විට 30,000 ක පමණ ශ්‍රම හිඟයක් පවතින බව වාර්තා වේ.
නව කෘෂිකාර්මික වීසා
මෙම නව කෘෂිකාර්මික වීසා බලපත්‍රය පැසිෆික් සහ අග්නිදිග ආසියානු ශ්‍රමිකයින් වෙත ලබාදීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර තිබේ.
එහි කෝටාවේ සීමාවක් නොමැති අතර මෙම නව කෘෂිකාර්මික වීසා හරහා ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීමටත් ප්‍රාදේශීය ප්‍රදේශ වල ස්ථාපිත වීමටත් අවස්ථාව සලසා දෙයි.
තායිලන්තය, කාම්බෝජියාව, බෘනායි, මියන්මාරය. පිලිපීනය, මැලේසියාව, ලාඕසය, වියට්නාමය, සිංගප්පූරුව සහ ඉන්දුනීසියාව යන රටවල සඳහා මෙම නව කෘෂිකාර්මික වීසා හිමිකරදීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මීට පෙර තීරණය කර තිබුණද වර්තමානය වන විට මෙම වීසා ලබාදෙන්නේ කුමන රටවලටද යන්න පැහැදිලි නැත.
මෙම වැඩසටහන ඊළඟ අස්වැන්න නෙළීමට පෙර එනම් සැප්තැම්බර් 21 දා සිට ක්‍රියාත්මක වීමට නියමිතය.
ඔස්ට්‍රේලියාවේ දැනට පවතින Seasonal Worker වැඩසටහනට සහ Pacific ශ්‍රම වැඩසටහනට අමතරව මෙම නව වැඩසටහන ක්‍රියාත්මක වේ.
මෙය ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ ඔස්ට්‍රේලියානු කෘෂිකාර්මික ශ්‍රමය සඳහා වූ විශාලතම ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණය බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ කෘෂිකාර්මික අමාත්‍ය David Littleproud, ABC පුවත් සේවයට පැවසීය.

ඔස්ට්‍රේලියානු දේශ සීමා වසා දැමීම නිසා ශ්‍රමිකයින් අඩුවෙයි
කොවිඩ් වසංගතය නිසා 2020 වසරේ මාර්තු මාසයේ සිට ඔස්ට්‍රේලියානු දේශ සීමා වසා දමා තිබේ.
මේ හේතුවෙන් working holiday වීසා ලාභීන්ගේ සංඛ්‍යාවද අඩුවී ඇත.
එහි ප්‍රතිඵලයක් ලෙස ඔස්ට්‍රේලියානු කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ මේ වන විට 30,000 ක පමණ ශ්‍රම හිඟයක් පවතින බව වාර්තා වේ.
ඔස්ට්‍රේලියාවේ මස් කර්මාන්තයේ මේ වන විට 30% ත් 40% ත් අතර ශ්‍රම හිඟයක් පවතින බවත් ඒ ඒ කාර්යයන් කිරීමට අවශ්‍ය ශ්‍රමිකයින් නොමැතිවීම ඊට ප්‍රධාන හේතුව වී ඇති බවත් කෘෂිකාර්මික අමාත්‍ය David Littleproud පැවසීය.
මෙම නව කෘෂිකාර්මික වීසා වැඩසටහන යටතේ ඔස්ට්‍රේලියාවේ පැසිෆික් සහ ටිමෝර සේවකයින්ගේ සංඛ්‍යාව 24,000 දක්වා දෙගුණයක් වනු ඇතැයි මධ්‍යම රජය පුරෝකථනය කරයි.
පවතින කොවිඩ් වසංගතය හේතුවෙන් මෙම සේවකයින් ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීම සඳහා අතිරේක බාධක එල්ලවී තිබේ.
ඔස්ට්‍රේලියාවට පැමිණෙන සියලුම සේවකයින් නිරෝධායනය කිරීමට අවශ්‍ය වීම ඒවා අතරින් විශාලතම බාධාව වෙයි.
මෙම කෘෂිකාර්මික වීසා වැඩසටහන පිළිබඳව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ප්‍රාන්ත හා ටෙරිටරි රජයන් සමග සාකච්ඡා කරන බවද වාර්තා වේ.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App එක නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

