ජාත්‍යන්තර ශිෂ්‍යයන් සඳහා ලොව හොඳම නගර 10 අතරට මෙල්බර්න් සහ සිඩ්නි නගරත් (SBS සිංහල/ වාර්තා)

ලකුණු 95.5 ක් ලබාගෙන මෙල්බර්න් නුවර මෙම ලැයිස්තුවේ 6 වන ස්ථානයට ද ලකුණු 94.3 ක් ලබා සිඩ්නි නුවර 8 වන ස්ථානයටත් තේරී පත්ව ඇත.

Melbourne and Sydney are among the top 10 Best Student Cities

Melbourne and Sydney are among the top 10 Best Student Cities Source: AAP

2022 වසරේ ජාත්‍යන්තර ශිෂ්‍යයන් සඳහා ලොව හොඳම නගර 10 අතරට ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් සහ සිඩ්නි නගර තේරී පත්වී තිබේ.

ලෝකයේ විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීමේ ප්‍රමුඛ පෙළේ ශ්‍රේණිගත කිරීමක් වන QS ශ්‍රේණිගත කිරීම යටතේ මෙය ප්‍රකාශයට පත් කර ඇත.


Highlights

  • 2022 වසරේ ජාත්‍යන්තර ශිෂ්‍යයන් සඳහා ලොව හොඳම නගර 10 අතරට ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් සහ සිඩ්නි නගර තේරී පත්වී තිබේ.
  • 2022 වසරේ ජාත්‍යන්තර ශිෂ්‍යයන් සඳහා ලොව හොඳම නගරය ලෙස එංගලන්තයේ ලන්ඩන් නුවර තේරී පත්වී ඇත.
  • 2022 වසරේ ලොව හොඳම විශ්ව විද්‍යාලය ලෙස ඇමරිකාවේ Massachusetts Institute of Technology (MIT) නම් කර තිබේ.

ජාත්‍යන්තර ශිෂ්‍යයන් සඳහා ලොව හොඳම නගර 10 අතරට මෙල්බර්න් සහ සිඩ්නි

ලොව විශ්ව විද්‍යාල ආශ්‍රිතව QS ශ්‍රේණිගත කිරීමේ නවතම වාර්තාව පසුගියදා නිකුත් කෙරිණි.

එයට අනුව 2022 වසරේ ජාත්‍යන්තර ශිෂ්‍යයන් සඳහා ලොව හොඳම නගර 10 නම් කර ඇති අතර ඊට ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් සහ සිඩ්නි නගර ද තේරී පත්වී තිබේ.


මෙම ලිපිය SBS සිංහල ගුවන් විදුලිය සතුවන ලිපියක් වන බැවින් මෙහි ඇති තොරතුරු හෝ කොටස් පිටපත් කරගැනීමේදී හෝ උපුටා ගැනීමේදී හෝ SBS සිංහල ගුවන් විදුලිය වෙත කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


ලකුණු 95.5 ක් ලබාගෙන මෙල්බර්න් නුවර එම ලැයිස්තුවේ 6 වන ස්ථානයට ද ලකුණු 94.3 ක් ලබා සිඩ්නි නුවර 8 වන ස්ථානයටත් තේරී පත්ව ඇත.

මේ අතර ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර ලැයිස්තුවේ 29 වන ස්ථානයටත් පර්ත් සහ ඇඩිලේඩ් 35 වන ස්ථානයටත් පත්ව තිබේ.

2022 වසරේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට ලොව හොඳම නගර ලැයිස්තුවේ 37 වන ස්ථානය කැන්බරා නුවරට හිමිවී තිබේ.

People exercise in Sydney, Sunday, August 22, 2021. credit: AAP Image/Bianca De Marchi
Source: AAP/Bianca De Marchi

2022 වසරේ ජාත්‍යන්තර ශිෂ්‍යයන් සඳහා ලොව හොඳම නගර 10

නවතම QS ශ්‍රේණිගත කිරීමට අනුව 2022 වසරේ ජාත්‍යන්තර ශිෂ්‍යයන් සඳහා ලොව හොඳම නගර 10 පහත පරිදි වේ.

01. එංගලන්තයේ ලන්ඩන්

02. ජර්මනියේ Munich

03. දකුණු කොරියාවේ Seoul

03. ජපානයේ ටෝකියෝ

05. ජර්මනියේ Berlin

06. ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්

07. ස්විට්සර්ලන්තයේ Zurich

08. ඔස්ට්‍රේලියාවේ සිඩ්නි

09. ඇමෙරිකාවේ Boston

09. කැනඩාවේ Montreal

University students.
Source: AAP Image/AP Photo/Mark Baker

නිර්ණායක

ප්‍රධාන ඛාණ්ඩ 5 ක් යටතේ විවිධ නිර්ණායක පදනම් කරගනිමින් ජාත්‍යන්තර ශිෂ්‍යයන් සඳහා ලොව හොඳම නගර ශ්‍රේණිගත කිරීම සිදුකර ඇති බව QS ශ්‍රේණිගත කිරීම පවසයි.

එම නිර්ණායක අතර පහත ඒවා ප්‍රධාන වේ.

  • QS ශ්‍රේණිගත කිරීම යටතේ ඉහළ ශ්‍රේණිගත කිරීමක් ලැබුණු  විශ්ව විද්‍යාල තිබීම
  • ජාත්‍යන්තර සිසුන්ගේ මිශ්‍රණය සහ ඔවුන්ගේ අනුපාතය
  • ආරක්ෂාව සහ පරිසර දුෂණය
  • රැකියා ලබා ගැනීමේ හැකියාව
  • පාඨ මාලා ගාස්තු සහ ජීවන වියදම
  • අනෙක් ජාත්‍යන්තර සිසුන්ගේ මත
Applications for Australia Awards Scholarships will open from next week
Source: Getty Images

2022 ලොව හොඳම විශ්ව විද්‍යාල 10

නවතම QS ශ්‍රේණිගත කිරීමට අනුව 2022 වසරේ ලොව හොඳම විශ්ව විද්‍යාල 10 පහත පරිදි වේ.

01. ඇමරිකාවේ Massachusetts Institute of Technology (MIT)

02. එක්සත් රාජධානියේ Oxford විශ්ව විද්‍යාලය

03. ඇමෙරිකාවේ Stanford විශ්ව විද්‍යාලය

03. එක්සත් රාජධානියේ Cambridge විශ්ව විද්‍යාලය

05. ඇමෙරිකාවේ Harvard විශ්ව විද්‍යාලය

06. ඇමෙරිකාවේ California Institute of Technology (Caltech)

07. එක්සත් රාජධානියේ Imperial College London

08. ස්විට්සර්ලන්තයේ ETH Zurich - Swiss Federal Institute of Technology

08. එක්සත් රාජධානියේ UCL

10. ඇමෙරිකාවේ Chicago විශ්ව විද්‍යාලය

මේ අතර ඔස්ට්‍රේලියාවේ කැන්බරා නුවර ජාතික විශ්ව විද්‍යාලය (The Australian National University) මෙම ශ්‍රේණිගත කිරීමේ 27 වන ස්ථානය හිමිකරගෙන ඇති අතර මෙල්බර්න් විශ්ව විද්‍යාලය 37 වන ස්ථානයට පත්ව තිබේ.

සිඩ්නි විශ්ව විද්‍යාලය 38 වන ස්ථානයටත් නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලය 43 වන ස්ථානයටත් ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලය 47 වන ස්ථානයටත් මෙවර පත්වී ඇත.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App එක නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.



Share

3 min read

Published

Updated

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now