ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් ඊයේ (22/09) පෙරවරු 9.12ට පමණ වික්ටෝරියා ප්‍රාන්තයේ රික්ටර් පරිමාණ 5.9 ක භූමිකම්පාවක් වාර්තා විය.
මෙල්බර්න් හරහා එය සිඩ්නි, කැන්බරා සහ ටස්මේනියා ප්‍රාන්තයටද දැනුණු බව සඳහන්.
එම භූ කම්පනය අත්විඳි අයට එය නිසැකවම බියජනක අත්දැකීමක් විය.
කෙසේවෙතත්, භූ කම්පනයකට හසු වුවහොත් කුමක් කළ යුතු යැයි ඔබ දන්නවාද?
Highlights
- භූ කම්පනයකදී බොහෝ තුවාල සිදුවන්නේ ගොඩනැගිලි තුළ සිටින පුද්ගලයින් ගොඩනැගිල්ල තුළ වෙනත් ස්ථානයකට යාමට උත්සාහ කිරීම හෝ ඉවත් වීමට උත්සාහ කිරීමෙනි
- ඔබ එළිමහනේ සිටීනම් ගොඩනැගිලි, වීදි ලාම්පු (streetlights) සහ විදුලි සහ දුරකතන රැහැන් වලින් ඈත්වී සිටින්න.
- ඔබ රිය ධාවනය කරමින් සිටීනම් වාහනය නැවැත්වීමට ආරක්‍ෂාව ඇති ස්ථානයක් ලැබුණු විගස වහනය නවතා වාහනයේ රැඳී සිටින්න.
Geoscience Australia ආයතනය පවසන පරිදි ඔස්ට්‍රේලියාවේ සෑම වසරකම සාමාන්‍යයෙන් රික්ටර් පරිමාණ 3 ක් හෝ ඊට වැඩි භූමිකම්පා 100 ක් පමණ වාර්තා වේ.
අවසන් වරට ඔස්ට්‍රේලියාව අත්විඳි මහා භූමිකම්පාව 1989 වසරේදී රික්ටර් පරිමාණ 5.6 ක Newcastle භූමිකම්පාව සැලකෙන අතර එමගින් බරපතල විනාශයක් ද සිදු විය.

ඔබ ගෘහස්ථව සිටී නම්
වික්ටෝරියා ප්‍රාන්තයේ හදිසි සේවා වෙබ් අඩවියට අනුව, භූමිකම්පාවකදී ඔබ ගෘහස්ථව සිටී නම්:
- බිමට පහත්වන්න; ශක්තිමත් මේසයක් හෝ වෙනත් ශක්තිමත් ගෘහ භාණ්ඩයක් යටට වී සෙලවීම නතර වන තුරු රැඳී සිටින්න. ශක්තිමත් මේසයක් හෝ වෙනත් ශක්තිමත් ගෘහ භාණ්ඩයක් ඔබ අසල නොමැති නම් ඔබේ මුහුණ සහ හිස දෑතින් ආවරණය කර ගොඩනැගිල්ලේ ඇතුළත කෙලවරක වාඩි වන්න.
- වීදුරු, ජනේල, පිටත දොරවල් හා බිත්ති මෙන්ම විදුලි පහන් හෝ ගෘහ භාණ්ඩ වැනි ගැලවී හෝ විසිවී වැටීමට හැකි ඕනෑම දෙයකින් ඉවත්ව සිටීමට වගබලාගන්න.
- භූමිකම්පාව සිදු වන විට ඔබ ඇඳේ සිටී නම් ඇඳේම සිටින්න. ඔබ මතට වැටිය හැකි විදුලි පහනක් උඩින් නැත්නම් කොට්ටයකින් ඔබේ හිස ආවරණය කර ආරක්ෂා කර ගන්න. ඔබ මතට වැටිය හැකි විදුලි පහනක් උඩින් ඇත්නම් ළඟම ඇති ආරක්‍ෂිත ස්ථානයට යන්න.
- අධික බරක් දරාගත හැකි දොරටුවක් සහ ඔබට සමීප දොරටුවක් නැතිනම් පිටවීමට දොරටුවක් භාවිතා නොකරන්න. ගොඩනැගිලිවල බොහෝ ඇතුළත දොරවල් සැහැල්ලු ලෙස ඉදිකර ඇති අතර ආරක්ෂාවක් නොමැත.
- සෙලවීම නතර වන තුරු ඇතුළේ සිටින්න, අනතුරුව පිටතට යාම ආරක්ෂිතය. සෙලවීමේදී ගොඩනැගිල්ලකින් පිටතට නොයන්න.
- භූමිකම්පාවක් සිදුවන විට කිසිවිටෙක විදුලි සෝපාන (elevators) භාවිතා නොකරන්න.
භූ කම්පනයකදී ගොඩනැගිලි තුළ සිටින පුද්ගලයින් ගොඩනැගිල්ල තුළ වෙනත් ස්ථානයකට යාමට හෝ ඉවත් වීමට උත්සාහ කිරීමේදී බොහෝ තුවාල සිදු වන බව පර්යේෂණයන් පෙන්වා දී ඇතැයි වික්ටෝරියා ප්‍රාන්තයේ හදිසි සේවය පවසයි.
ඔබ එළිමහනේ සිටීනම්
වික්ටෝරියා ප්‍රාන්තයේ හදිසි සේවා වෙබ් අඩවියට අනුව, භූමිකම්පාවකදී ඔබ එළිමහනේ සිටීනම් පහත පියවර අනුගමනය කරන්න.
- එළිමහනේ ඔබ සිටින ස්ථානයේම සිටින්න. ඔබ සිටින ස්ථානයේ ගොඩනැගිලි, වීදි ලාම්පු (streetlights) සහ විදුලි සහ දුරකතන රැහැන් ඇත්නම් ඒවායින් ඈත්වන්න.
- සෙලවීම නතර වන තුරු එහි සිටින්න.
- සෘජුවම ගොඩනැගිලිවල දොරටු, පිටත බිත්ති හේතුවෙන් ගොඩනැගිලි ආසන්නයේ ඇති එළිමහන් ස්ථානවල ඇති අවදානම ඉතා ඉහළය.
"භූමිකම්පා මිනිසුන් මරා නොදමයි, නමුත් ගොඩනැගිලි මිනිසුන් මරා දමයි." යනුවෙන් Newcastle විශ්ව විද්‍යාලයේ ගෘහ නිර්මාණ හා ගොඩනැගිලි පරිසර විද්‍යාලයේ සහකාර මහාචාර්ය Iftekhar Ahmed පවසයි.

ඔබ රිය ධාවනය කරමින් සිටීනම්
වික්ටෝරියා ප්‍රාන්තයේ හදිසි සේවා වෙබ් අඩවියට අනුව, භූමිකම්පාවකදී ඔබ රිය ධාවනය කරමින් සිටීනම් පහත පියවර අනුගමනය කරන්න.
- වාහනය නැවැත්වීමට ආරක්‍ෂාව ඇති ස්ථානයක් ලැබුණු විගස වහනය නවතා වාහනයේ රැඳී සිටින්න.
- ගොඩනැගිලි, ගස්, පාලම් සහ විදුලි හෝ දුරකතන රැහැන් අසල හෝ වාහනය නැවැත්වීමෙන් වළකින්න.
- භූ කම්පනය අවසන් වූ පසු ප්‍රවේශමෙන් ඉදිරියට යන්න. භූමිකම්පාවෙන් හානි සිදු විය හැකි මාර්ග, පාලම් හෝ බෑවුම් වලින් වාහනය ධාවනය නොකිරීමට වගබලාගන්න.

ඔබ සුන්බුන් යට සිරවී සිටී නම්
භූ කම්පනයක් ඇතිවන විට හෝ භූ කම්පනයකින් පසු ඔබ සුන්බුන් යට සිරවී සිටී නම් පහත පියවර අනුගමනය කරන්න.
- ගිනි කූරු හෝ ලයිටරයක් නොදල්වන්න.
- සුන්බුන් එහා මෙහා ගෙනයාම හෝ දූවිලි ගසා දැමීම නොකරන්න.
- ලේන්සුවකින් හෝ ඇඳුමකින් ඔබේ මුඛය ආවරණය කරගන්න.
- ගලවාගන්නන්ට ඔබව සොයා ගත හැකි වන පරිදි නලයකට හෝ බිත්තියකට ශබ්දය ඇසෙන සේ තට්ටු කරන්න. විසිල් එකක් තිබේ නම් භාවිතා කරන්න.
- අවසාන විකල්පය ලෙස පමණක් කෑගසන්න. කෑගසීමෙන් ඔබට අනතුරුදායක දූවිලි ආශ්වාස කිරීමට ඔබට සිදුවනු ඇත.
ඔබට සුරතල් සතෙක් සිටී නම්
තමා සතුව සුරතල් සතුන් සිටීනම් ඔවුන්ගේ ආරක්‍ෂිත බව තහවුරු කර ගත යුතු බව සිඩ්නි විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය විද්‍යාව පිළිබඳ අචාර්ය Anne Quain පැහැදිලි කරයි.
භූමිකම්පා වලින් සතුන් මවිතයට පත් විය හැකි අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඔවුන් බුරන්නට හෝ කෑගැසීමට හෝ සැඟවීමට හෝ ආරක්‍ෂාව සෙවීමට ඉඩ තිබෙන බව ඇය සඳහන් කළාය.
සිය සුරතලා ඉකමනින් සොයාගැනීමට සුරතල් සතුන්ගේ අයිතිකරුවන් අදාළ මයික්‍රොචිප් තොරතුරු යාවත්කාලීනව තබා ගැනීම වැදගත් වන බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

