ඔස්ට්‍රේලියානු පුරවැසියන්ගේ සහ ස්ථිර පදිංචිකරුවන්ගේ සමීපතම පවුලේ සාමාජිකයින් (immediate family) ලෙස සැලකෙන පුද්ගලයින්ට දැන් සංචාරක නිදහස් කිරීමක් ලබා නොගෙන ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර ලබා දී තිබේ.
මීට පෙර එම පිරිස් ඔස්ට්‍රේලියාවට පැමිණෙන විට travel exemption එකක් හෙවත් සංචාරක නිදහස් කිරීමකට අයදුම් කර එය ලබා ගත යුතුව තිබුණි.
Highlights
- සහකරු හෝ සහකාරිය, බිරිඳ හෝ ස්වාමි පුරුෂයා, de facto සහකරු හෝ සහකාරිය, යැපෙන දරුවන්, යැපෙන දරුවෙකුගේ දෙමාපියන්, යැපෙන දරුවෙකුගේ නීත්‍යානුකූල භාරකරු සහ දෙමාපියන් සමීපතම පවුලේ සාමාජිකයින් ලෙස සැලකේ.
- ඔස්ට්‍රේලියානු පුරවැසියන්ගේ සහ ස්ථිර පදිංචිකරුවන්ගේ දෙමාපියවරුන් ද ඛාණ්ඩ කිහිපයකට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් බෙදා ඇත.
- ඔබගේ සමීපතම පවුලේ සාමාජිකයා ඔස්ට්‍රේලියානු පුරවැසියෙකු, ස්ථිර පදිංචිකරුවෙකු සහ සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවේ වාසය කරන බවට ඔබ සාක්ෂි සැපයිය යුතුය.
සමීපතම පවුලේ සාමාජිකයින් ලෙස සැලකෙන්නේ කවුරුන්ද?
ඔස්ට්‍රේලියානු පුරවැසියන්ගේ සහ ස්ථිර පදිංචිකරුවන්ගේ සමීපතම පවුලේ සාමාජිකයින් ලෙස ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පහත පිරිස් දක්වා තිබේ.
- සහකරු හෝ සහකාරිය
- බිරිඳ හෝ ස්වාමි පුරුෂයා
- de facto සහකරු හෝ සහකාරිය
- යැපෙන දරුවන්
- යැපෙන දරුවෙකුගේ දෙමාපියන්
- යැපෙන දරුවෙකුගේ නීත්‍යානුකූල භාරකරු
- දෙමාපියන්
මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත් කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.

ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර ගත හැකි දෙමාපිය ඛාණ්ඩ
ඔස්ට්‍රේලියානු පුරවැසියන්ගේ සහ ස්ථිර පදිංචිකරුවන්ගේ දෙමාපියවරුන් ද ඛාණ්ඩ කිහිපයකට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් බෙදා ඇත.
ඒ අනුව ඔස්ට්‍රේලියානු පුරවැසියන්ගේ සහ ස්ථිර පදිංචිකරුවන්ගේ පහත සඳහන් දෙමාපිය ඛාණ්ඩ සඳහා දැන් ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර ලැබේ.
- ජෛව විද්‍යාත්මක දෙමාපියන් (biological parents)
- හදා වඩා ගත් දෙමාපියන් ඇතුළුව නීත්‍යනුකුල දෙමාපියන් legal (including adoptive) parents
- සුළු දෙමාපියන් (step-parents)
- සහකරු හෝ සහකාරියගේ දෙමාපියන් (parents in-law)
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
ඔබේ සම්බන්ධතාවය පිළිබඳ සාක්ෂි
ඔබගේ සමීපතම පවුලේ සාමාජිකයා ඔස්ට්‍රේලියානු පුරවැසියෙකු, ස්ථිර පදිංචිකරුවෙකු සහ සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවේ වාසය කරන බවට ඔබ සාක්ෂි සැපයිය යුතුය.
ඒ සඳහා පහත සාක්ෂි සැලකේ:
- ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රය, ඔස්ට්‍රේලියානු පුරවැසි සහතිකය හෝ ඔස්ට්‍රේලියානු උප්පැන්න සහතිකය
- ඔස්ට්‍රේලියානු ස්ථිර පදිංචිය පිළිබඳ සාක්ෂි
සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවේ පදිංචි ඔස්ට්‍රේලියානු පුරවැසියෙකුට, ස්ථිර පදිංචිකරුවෙකුට ඔබේ සම්බන්ධතාවය පිළිබඳ සාක්ෂි ද ඔබ සැපයිය යුතුය.
එම සාක්ෂි පිළිබඳ සම්පුර්ණ විස්තර මෙතනින් ලබාගත හැකිය.

